@sihali77: මිනිස්සුන්ගේ ජීවිතේ අපිට දෙන තැන බාර ගන්නවා මිසක්, අපිට ඕනි තැනක් බලෙන් අරගෙන ඉන්න බෑ…!! කෙනෙක්ගේ ජීවිතේ අපිට වටිනාකමක් තියෙනවා නම්, අපිව හොයයි… අපිව මතක් කරයි… අපි නැති අඩුව දැනෙයි… ඒත් අපිව අවශ්‍ය නැති තැනක කොච්චර ආදරෙන් හිටියත්, කොච්චර කැපවුණත්, කොච්චර අපේ හිත දුන්නත් අපිට අයිති තැනක් හදාගන්න බෑ…!! සමහර මිනිස්සු අපේ ලෝකෙම වෙලා හිටියත්, අපි ඔවුන්ගේ ලෝකෙ පුංචි මතකයක් විතරක් වෙන්න පුළුවන්… ඒක තේරුම් ගන්නකොට හිතට හරිම අමාරුයි… ඒත් අතහැරලා යන්න වෙනවා, මොකද ආදරේ කියන්නේ කෙනෙක්ව අපි ළඟ තියාගන්න එකම නෙමෙයි… කෙනෙක්ගේ ජීවිතේ අපිට ලැබුණු තැනට ගරු කරලා, අපිට නොලැබුණු තැන වෙනුවෙන් අපේ හිත නොකඩාගෙන නිහඬව ඉවත්වෙන්නත් ආදරේක කොටසක්…!! අවසානයේ තේරුණේ එකම දෙයයි… අපිට ඕනි තැන නොලැබුණා කියලා අපේ වටිනාකම අඩු වෙන්නේ නෑ… වැරදුණේ අපි නෙමෙයි, අපිව තේරුම් ගන්න බැරි තැනක අපේ හිත තියාගෙන හිටපු එක විතරයි… 🥺❤️‍🩹🥀

Sihali
Sihali
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 05:17:21 GMT
225
35
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sihali77, please go to the Tikwm homepage.

Other Videos


About