@clearskinalexa1: tell me how i got rid of my acne in 1 month with a new skincare routine Thea app built for me, but now i have to do it again with acne scars #acne #skincare #hellothea #acneproneskin #theapartner 

clearskinalexa
clearskinalexa
Open In TikTok:
Region: US
Monday 26 October 2026 05:40:02 GMT
8554
924
1
16

Music

Download

Comments

sophie.at.work8
Sophie_glowup :
Check your product with biuty app, maybe you’re using the wrong production
2026-10-29 19:13:03
0
To see more videos from user @clearskinalexa1, please go to the Tikwm homepage.

Other Videos

නුඹේ පළමු හැඬුම ඇසුණා අම්මාගේ අවසන් හුස්ම මැදින්... 🥀   මගේ පුතේ...   නුඹ මගේ කුසට ආ දවසේ පටන්, මගේ හීනවල රජ කළේ නුඹයි පුතේ...  දින සති වී, මාස ගෙවී යද්දී,  මගේ කුස තුළ මලක් වගේ වැඩුණේ නුඹයි...   නුඹේ පුංචි පා පහරක් දැනෙන හැම මොහොතකම, මගේ මුහුණේ සිනහවක් ඇඳුණා...  නුඹ මේ ලෝකය දකින ඒ සුන්දර දවස,  මගේ ඇස් ඉදිරියේ දහස් වරක් මැවුණා...   එදා උදෑසන රෝහලට යන මාවත දිගේ,  මගේ දෑස් සෙව්වේ නුඹේ අනාගතයයි...  මගේ අත් දෙකෙන් නුඹව තුරුළු කරගෙන,  පළමු හාදුව නුඹේ නළලේ තබන්නයි,  මගේ මුළු හදවතම බලා සිටියේ...   මට තිබුණේ එකම එක ප්‍රාර්ථනාවක් පුතේ...  නුඹ නිරුපද්‍රිතව මේ ලෝකයට එන්න...  නුඹේ පුංචි දෑත් මගේ ඇඟිලි අතර රඳවාගෙන,  අම්මා කියන ඒ ආදරණීය වචනය,  නුඹේ මුවින් අහන්නට වරම් ලැබෙන්න...   ඒත් පුතේ... ජීවිතය මට නොකියූ කතාවක් ලියා තිබුණා...   මගේ දෙසවන් අසලින් නුඹේ හැඬුම් රාවය ඇසුණා...  මගේ තනපුඩු කිරි බරින් පිරී තිබුණා...  නුඹේ පියාගේ හඬත් මට යන්තමින් ඇසුණා...
නුඹේ පළමු හැඬුම ඇසුණා අම්මාගේ අවසන් හුස්ම මැදින්... 🥀 මගේ පුතේ... නුඹ මගේ කුසට ආ දවසේ පටන්, මගේ හීනවල රජ කළේ නුඹයි පුතේ... දින සති වී, මාස ගෙවී යද්දී, මගේ කුස තුළ මලක් වගේ වැඩුණේ නුඹයි... නුඹේ පුංචි පා පහරක් දැනෙන හැම මොහොතකම, මගේ මුහුණේ සිනහවක් ඇඳුණා... නුඹ මේ ලෝකය දකින ඒ සුන්දර දවස, මගේ ඇස් ඉදිරියේ දහස් වරක් මැවුණා... එදා උදෑසන රෝහලට යන මාවත දිගේ, මගේ දෑස් සෙව්වේ නුඹේ අනාගතයයි... මගේ අත් දෙකෙන් නුඹව තුරුළු කරගෙන, පළමු හාදුව නුඹේ නළලේ තබන්නයි, මගේ මුළු හදවතම බලා සිටියේ... මට තිබුණේ එකම එක ප්‍රාර්ථනාවක් පුතේ... නුඹ නිරුපද්‍රිතව මේ ලෝකයට එන්න... නුඹේ පුංචි දෑත් මගේ ඇඟිලි අතර රඳවාගෙන, අම්මා කියන ඒ ආදරණීය වචනය, නුඹේ මුවින් අහන්නට වරම් ලැබෙන්න... ඒත් පුතේ... ජීවිතය මට නොකියූ කතාවක් ලියා තිබුණා... මගේ දෙසවන් අසලින් නුඹේ හැඬුම් රාවය ඇසුණා... මගේ තනපුඩු කිරි බරින් පිරී තිබුණා... නුඹේ පියාගේ හඬත් මට යන්තමින් ඇසුණා... "අනේ බලන්න... අපේ පුංචි පුතා..." කියමින් ඔහු සතුටින් කතා කරන හඬත් ඇසුණා... ඒත් මට ඇස් අරින්න බැරි වුණා පුතේ... නුඹේ පුංචි මුහුණ එක වරක්වත් බලන්න බැරි වුණා... නුඹව තුරුළු කරගන්නට දෑත් දිගු කරන්නට, මගේ සිරුරට තවත් ශක්තියක් තිබුණේ නැහැ... පපුව රිදුණා පුතේ... හිත ඇඬුවා... මට යන්න බැරි වුණා... මගේ පුංචි පුතා තවමත් මගේ උණුසුම සොයන බව, මගේ හදවතට දැනුණා... නුඹට කිරි බිඳක් දෙන්නට පෙරුම් පිරූ මම, නුඹේ පළමු සිනහව දකින්නට ආසාවෙන් සිටි මම, නුඹේ පුංචි අතක් අල්ලාගෙන, ජීවිතයේ පළමු පියවර උගන්වන්නට සිහින මැවූ මම... අද නුඹ අසලින් නිහඬවම සමුගන්නවා පුතේ... මතක තියාගන්න මගේ රත්තරන්, නුඹ මේ ලෝකයට එන තුරු මම නුඹට ආදරය කළා... නුඹේ මුහුණ දකින්නට පෙරත් මම නුඹේ අම්මා වුණා... නුඹව තුරුළු කරගන්නට පෙරත්, නුඹ වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කළා... මගේ පුතේ... නුඹේ ජීවිතයේ පළමු හැඬුම ඇසුණු දවසේ, නුඹේ අම්මාගේ අවසන් හුස්ම නතර වුණා... නුඹ ලෝකය දකින්නට දෑස් විවර කළ මොහොතේ, නුඹේ මුහුණ දකින්නට පෙරුම් පිරූ, නුඹේ අම්මාගේ දෑස් සදහටම වැසී ගියා... මතු උපදින හැම භවයකම, නුඹේම අම්මා වී උපදින්නට මට වරම් ලැබේවා... එදාට නම් පුතේ... නුඹේ පළමු හැඬුමත්, පළමු සිනහවත්, මගේ තුරුළේ සිටම විඳින්නට ලැබේවා... මගේ පුතේ... අම්මා නුඹට මහමෙරක් තරම් ආදරෙයි...🥀❤️‍🩹 #NayomiChan #MotherLove #MothersLove #EmotionalStory #SinhalaPoetry

About