@hirunews: කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ චාරිකා බලපත්රයක් ද නොමැතිව ගාල්ල - කොග්ගල හරස් මාර්ගයේදී දුම්රියක ගැටී සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලැබූ සිද්ධියට අදාළ බස් රථයේ මගී ප්රවාහන බලපත්රය අහෝසි කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පාසල් ළමයින් පිරිසක් රැගෙන විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ මෙම බස් රථය, ගාල්ල - හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී පැමිණි දුම්රිය ගැටීමෙන් ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුවුණා. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියයේ අදාළ බස් රථය ගැටී තිබූ අතර, තුවාල ලැබූවන් උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ළමුන් උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමග කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 26 October 2026 06:45:28 GMT
Music
Download
Comments
Dilan_Fdo :
කොහොමත් දැන් Bus එකට යන්න බෑ නෙ 😂😂😂
2026-10-26 07:23:33
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.