@hirunews: හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියට කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් - මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස් හෝමාගම පොලිස් ස්ථානයේ භාරයේ සිටි පුද්ගලයෙකු මියගිය බවට වාර්තා වී ඇති සිදුවීමට අදාළව කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හා විමර්ශනයෙන් හෙළිවන තොරතුරු අනුව ඉදිරි නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව සඳහන්. පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ගේ ආරක්ෂාව හා මානව ගෞරවය සුරැකීම කෙරෙහි සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම නිලධාරීන්ගේ වගකීමක් වන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 11:22:47 GMT
2272
45
1
0

Music

Download

Comments

user3692274906322
Rohana :
😁😁😁
2026-10-26 12:09:03
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About