@hirunews: රාත්රී සමාජ ශාලා පහරදීමේ සිද්ධියකට අමෙරිකානු ආර් ඇන්ඩ් බී ගායක ක්රිස් බ්රවුන්ට මාස 8 ක අත්හිටවූ සිරදඬුවමක් 2023 පෙබරවාරි මාසයේදී ලන්ඩන් නුවර රාත්රී සමාජ ශාලාවක සිදුවූ බෝතලයකින් පහරදීමේ සිද්ධියකට අදාළව, අමෙරිකානු ආර් ඇන්ඩ් බී (R&B) ගායක ක්රිස් බ්රවුන් (Chris Brown) වරදකරු වී ඇති බව විදේශ මාධ්ය වාර්තා කරනවා. අදාළ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් (Affray) අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව, ඔහුට මාස 12 ක කාලයකට අත්හිටවූ මාස 8 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. 2023 පෙබරවාරි මාසයේදී සිදුවූ මෙම සිදුවීමේදී, රාත්රී සමාජ ශාලාවේ සිටි පුද්ගලයකුගේ හිසට බෝතලයකින් පහරදී තුවාල සිදුකර තිබූ බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරනවා. මූලාශ්රය - Reuters #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 26 October 2026 13:44:35 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.