@hirunews: කලාවැවේ වාන් දොරටු දෙක තවදුරටත් අඩි 4 බැගින් විවෘත කරයි – අවුකන මාර්ගයත් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයටත් බාධා කලාවැවට එක්වන ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක අඩි 4 බැගින් අද (26) පස්වරු 7ට පමණ විවෘත කර තිබෙනවා. මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත්තේ පවතින වර්ෂාවත් සමඟ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්. ඒ අනුව, රාත්‍රිය වන විට කලාවැවේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 87,037ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ජලාශයේ ධාරිතාවෙන් සියයට 103.04ක් බව සඳහන්. එමෙන්ම, කලාවැවට තත්පරයකට ඝන අඩි 7,390ක ජල ප්‍රමාණයක් එක්වෙමින් පවතින අතර, ජලාශය තවදුරටත් පිටාර ගලමින් තිබෙනවා. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ තත්පරයකට ඝන අඩි 2,640ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදා හැරෙන බවයි වාර්තා වන්නේ. මේ අතර, කලාවැව–අවුකන මාර්ගය අවුකන විහාරස්ථානය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 15:57:50 GMT
2048
42
0
3

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About