@hirunews: බිග් බෑෂ් පිටිය යළිත් හොල්ලන්න චමරි හරිකේන්ස් කණ්ඩායමට කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 'කාන්තා බිග් බෑෂ් ලීග්' (WBBL) 2026 තරගාවලිය සඳහා 'හෝබාර්ට් හරිකේන්ස්' (Hobart Hurricanes) කණ්ඩායමට එක්වී තිබෙනවා. ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූ එංගලන්ත ජාතික ක්රීඩිකා ඩැනී වයට්-හොජ් (Danni Wyatt-Hodge) වෙනුවට චමරි අතපත්තු ආදේශ කර ඇති බවයි හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමේ ආරංචි මාර්ග පවසන්නේ. දැනට ICC කාන්තා T20 ජාත්යන්තර පිතිකරණ ශ්රේණිගත කිරීම්වල හයවන ස්ථානයේ පසුවන 36 හැවිරිදි චමරි අතපත්තු, මෙම තරගාවලියේ පෙර ශූරියන් වන හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමට සිය ජාත්යන්තර අත්දැකීම් සම්භාරය සමඟ එක්වන අතර, ඔවුන්ගේ පළමු තරගය එළඹෙන බ්රහස්පතින්දා 'මෙල්බර්න් ස්ටාර්ස්' (Melbourne Stars) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. මීට පෙර බිග් බෑෂ් තරගාවලි හතකට සහභාගී වී ඇති චමරි, පර්ත් ස්කොර්චර්ස් (Perth Scorchers), මෙල්බර්න් රෙනගේඩ්ස් (Melbourne Renegades) සහ සිඩ්නි තන්ඩර් (Sydney Thunder) යන කණ්ඩායම් නියෝජනය කරමින් තරග 69 කට ක්රීඩා කර තිබෙනවා. බිග් බෑෂ් 09 තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ඇය, අර්ධ ශතක පහක් ද සමඟින් ලකුණු 552 ක් රැස් කළ අතර, එම තරගාවලියේ 'හොඳම ක්රීඩිකාව' (Player of the Tournament) ලෙස ද සම්මාන දිනා ගන්නට සමත් වූ අතර, එම තරගාවලියේදී ඇය කඩුලු නවයක් ද දවා ගනිමින් සිය තුන් ඉරියව් දක්ෂතා මැනවින් විදහා දැක්වීමටද සමත් වුණා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 26 October 2026 18:11:26 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.