@hirunews: බැඳලා මාස 4යි - හෝටල් කාමරය අසලම මැරී වැටෙයි - මරණය ගැන සැමියාට ඥාතීන්ගෙන් චෝදනා ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඡාන්සි ප්‍රදේශයේ හෝටලයක කාමරයක් අසලදී 28 හැවිරිදි නවමනාලියක් හදිසියේම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වෙනවා. ඇය කාමරයේ දොර අසලදී ඇදවැටෙන අයුරු හෝටලයේ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියේ සටහන්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ විවාහ වී මාස හතරක් පමණ වන මුස්කාන් නමැති කාන්තාවක්. සිද්ධිය වන අවස්ථාවේ ඇය සිය සැමියා වන නිලේෂ් සමඟ අදාළ හෝටලයේ නවාතැන්ගෙන සිට ඇති බව සඳහන්. සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති තත්පර 47ක CCTV දර්ශන පෙළෙහි දැක්වෙන්නේ, හෝටල් කොරිඩෝව ඔස්සේ පුද්ගලයින් තිදෙනෙකු කාමරය දෙසට ඇවිද යමින් සිටින බවයි. සැමියා ඇතුළු දෙදෙනෙකු පළමුව කාමරයට ඇතුළු වන අතර, පසුව පැමිණෙන මුස්කාන් කාමරයේ දොරටුව අසලදීම හදිසියේම බිම ඇදවැටෙනවා. පසුව සැමියා විසින් ඇයව වඩාගෙන කාමරය තුළට ගෙන යන ආකාරය එහි සටහන්ව ඇති බව සඳහන්. පසුව ඇයව වහාම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මෙය ඝාතනයක් බවට මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන අතර, පොලිසිය සඳහන් කරන්නේ එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්, මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු තහවුරු වන බවයි. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 26 October 2026 18:42:22 GMT
10704
104
1
0

Music

Download

Comments

inoka9481
Inoka :
🥰🥰🥰
2026-10-26 19:19:13
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About