@hirunews: සෞදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු අනෝජන් සිවරාසා හමුවූ ශ්‍රී ලංකා තානාපති ඉදිරි නීතිමය පටිපාටිය ගැන සාකච්ඡාවක සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව, මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව, සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසාව හමුවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් ඊයේ (27) දින බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. මෙම හමුවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාපරිපාටිය පිළිබඳව අනෝජන් සිවරාසාව දැනුවත් කිරීම සහ අවශ්‍ය නීතිමය හා තානාපති සහායන් ලබාදීම පිළිබඳව සාකච්ඡා වූ බවයි රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සෞදි අරාබියේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතිමය පටිපාටියට පූර්ණ ගෞරවය දක්වමින්, ඉදිරි නඩු විභාගයන් සඳහා සිවරාසා, ඔහුගේ නීතිඥ මණ්ඩලය සහ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම තානාපති අමීර් අජ්වාඩ් මෙහිදී අවධාරණය කර තිබෙනවා. එසේම, සිවරාසා රඳවා සිටින කාල සීමාව තුළ ඔහුගේ සුභසාධනය වෙනුවෙන් දැක්වූ කැපවීම සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා බන්ධනාගාර බලධාරීන් වෙතද සිය කෘතඥතාව පළ කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 01:03:43 GMT
6559
98
1
1

Music

Download

Comments

deshanz_offlcial
𝑫𝒆𝒔𝒉𝒂𝒏 🦜ᥫ᭡ :
🫤
2026-10-27 01:07:14
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About