@hirunews: අතුරුදන් වී ඇති බවට පැවසූ හොරණ ප‍්‍රධාන පෙළේ ජාතික පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවාගේ සිරුර මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට ගොඩගසා තිබියදී ඊයේ (26) සොයාගැණුනා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මීවනපලාන දඹර ප‍්‍රදේශයේ පදිංචි මියුරු නිම්සර නැමැති සිසුවෙක්. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙක් වනවා. මෙම සිසුවා පසුගිය 25 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණයකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර, එදින සිට ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව, පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරමින් සිටියදී මොරටුව, එගොඩඋයන වෙරළ තීරයට මළසිරුරක් ගොඩ ඇති බවට ලද තොරතුරක් අනුව කළ පරීක්ෂාවේදී එය මෙම අදාළ සිසුවාගේ බවට තහවුරු කරගත් බවයි පොලිසිය සඳහන් කළේ. සිසුවාගේ මළ සිරුර හමුවන අවස්ථාවේදී ඔහු නිවසින් පිටත්ව යන විට ඇඳ සිටි ඇඳුම පිටින් සිට තිබෙනවා. කෙසේ වෙතත් ඔහු මුහුදේ නෑමට ගිය බවට තොරතුරු අනාවරණය වී නොමැති බැවින් මරණ සිදුවූ ආකාරය පිළිබඳව සැකයක් මතුවන බවයි පොලිසිය සඳහන් කළේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 03:37:39 GMT
2376
88
3
6

Music

Download

Comments

jenu_boy_444
Jenula senil :
Ape eka🥺💔
2026-10-27 11:32:50
0
dhaneah67
🦋ᴅʜᴀɴᴇꜱʜ|>தனேஷ்|>ධනේෂ්🦋 :
1st
2026-10-27 03:42:01
0
lester_ti
lester_ti :
😢
2026-10-27 04:21:04
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About