@hirunews: 'ඉන්දියාවේදී ඔබ හමුවීම සතුටක්' : ජනපති අනුරගේ සුබ පැතුමට ප්‍රතිචාර දක්වමින් ලූලාගෙන් සටහනක් බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස යළි තේරී පත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක තැබූ සුබ පැතුම් පණිවිඩයට ස්තූතිය පළ කරමින් බ්‍රසීල ජනාධිපතිවරයා 'X' සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරක් තබා තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මුණගැසීමට ලැබීම සතුටක් බව සිහිපත් කර ඇති ලූලා ද සිල්වා, දෙරට අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව එම සටහන ඔස්සේ පවසා තිබෙනවා. "මගේ හිතවත් ජනාධිපතිතුමනි, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ඔබ හමුවීම සතුටට කරුණක් විය," යැයි ලූලා සඳහන් කර ඇති අතර, එසේම, මෙම මැතිවරණ ජයග්‍රහණය හරහා අසත්‍ය තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකි බව බ්‍රසීල ජනතාව පෙන්වා දුන් බවත්, එය මහත් ජයග්‍රහණයක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. මීට පෙර බ්‍රසීල ජනපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර තිබුණේ, බ්‍රසීල ජනතාව එදින මැතිවරණයක් ජයග්‍රහණය කිරීම පමණක් නොව දූෂණය, බෙදීම් සහ දේශපාලන බොරු මත පදනම් වූ බලවේග පරාජය කළ බවයි. දේශපාලන රාජවංශිකයන්ට සහ අතීතයේ බලවේගවලට ජනතාව නොමඟ යැවිය නොහැකි බව මෙමඟින් මනාව තහවුරු වූ බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබුණා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 27 October 2026 09:52:16 GMT
1783
45
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About