@dil.sl: ලෝකයේ ඕනෑම ප්රබල පිතිකරු බලඇණියක් මෙල්ල කරන්න අපේ කොල්ලන්ට පුළුවන්.🔥 පාකිස්තානු ඉනිම ලකුණු 110කට සීමා කරමින් ශ්රී ලංකා පන්දු යවන්නන් දියත් කළ ඒ අතිවිශිෂ්ඨ මෙහෙයුම.🥲🇱🇰🏏 . පාකිස්තානු පිතිකරුවන්ට අද පිටියේ නිදහසේ ලකුණු රැස් කරන්න අපේ පන්දු බලඇණිය කිසිදු ඉඩක් දුන්නේ නැහැ කියලා. බාබර් අසාම් ලබාගත් ලකුණු 29 හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වන්නට නොදුන් අපේ සිංහයෝ මුළු පාකිස්තානු ඉනිමම පන්දුවාර 25.3ක් අවසානයේ ලකුණු 110කට සීමා කළා. මේ අග්රගන්ය මෙහෙයුමේ ප්රධානම නියමුවා වුණේ අපේ ප්රබල වේග පන්දු යවන ක්රීඩක දිල්ෂාන් මධුශංක.පන්දුවාර 8.3ක් යවමින් නිලකුණු පන්දුවාරයකුත් සමගින් ලකුණු 34කට කඩුලු 5ක් (5-34) දවාගන්නට ඔහු සමත් වුණා. ෆකාර් සමාන්, ෂාහීන් අෆ්රිඩි සහ හාරිස් රවුෆ් වැනි ප්රබල ක්රීඩකයින්ගේ කඩුලු දවාගනිමින් ඔහු දැක්වූ ඒ විශිෂ්ට පන්දු යැවීම සැබෑම පන්තියේ ප්රදර්ශනයක්. 💪 නමුත් මේක තනි පුද්ගලයෙකුගේ දක්ෂතාවයක්ම නෙමෙයි, නියම කණ්ඩායම් හැඟීමෙන් සහ සැලසුමකින් දියත් කරපු පන්දු යැවීමක්. සහන් ආරච්චිගේ පන්දුවාර 5ක් තුළ ලකුණු 24කට කඩුලු 2ක් දවාගනිමින් පාකිස්තානු මැදපෙළ සම්පූර්ණයෙන්ම අසරණ කළා. ඒ වගේම ඒෂාන් පන්දුවාර 4ක් යවමින් නිලකුණු පන්දුවාරයකුත් සමඟ ලබා දුන්නේ ලකුණු 8ක් පමණයි (කඩුලු 1යි). දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 2ට ලකුණු 4කට කඩුලු 1කුත්, අසිත ප්රනාන්දු ලකුණු 34කට 1 කඩුල්ලකුත් දවාගනිමින් අනෙක් අන්තයෙන් ලබා දුන් අඛණ්ඩ පීඩනය මේ සාර්ථකත්වයට ලොකුම අඩිතාලමක් වුණා. 🔥 ලෝකයේ ඉන්න ඕනෑම ප්රබල පිතිකරු ලැයිස්තුවක් වුණත් නිසි එල්ලයට පන්දු යවලා ඔවුන්ගේ සියලු සැලසුම් සුනුවිසුනු කරන්න අපේ පන්දු බලඇණියට පුළුවන් බව අද මුළු ලෝකෙටම ඔප්පු කළා. අඛණ්ඩව පීඩනය පවත්වා ගනිමින් ප්රතිවාදීන්ව මුළුමනින්ම අසරණ කළ මේ විස්මකර්ම පන්දු යැවීම, ශ්රී ලාංකේය ක්රිකට් අනාගතයේ සුබ පෙරනිමිත්තක්.💥💪 #daneshranasinghe #PAKvSL #SLvPAK #SriLankaCricket #DilshanMadushanka
Dil & Sl ✌️❤️🇱🇰
Region: LK
Tuesday 27 October 2026 11:30:26 GMT
Music
Download
Comments
𝙃𝙖𝙣𝙨𝙖𝙣𝙖 𝘿𝙞𝙢𝙪𝙩𝙝 :
Yko match eka bln Dan awe match eka iwarine
2026-10-27 12:23:10
2
To see more videos from user @dil.sl, please go to the Tikwm
homepage.