@gayan_ariyarathna01: "ජීවිතේ පළවෙනි වතාවට මම නොකළ වැරැද්දකට කෙල්ලෙක්ගෙන් සමාව ගත්තා..." මල්ලිගෙ තුම්මාසෙ දානෙ ඉවර වෙලා මම මල්ලිගෙ කාමරේට ගියා. මල්ලිගෙ මතකත් එක්ක මම ඉන්න ඕන කියන හැඟීම එනකොට ඒක දරා ගන්න අමාරුයි. මම මල්ලිගෙ කාමරේට ගිහින් මල්ලිගෙ කාමරේ කණ්නාඩි මේසෙ ලාච්චුව ඇරලා බැලුවට පස්සෙ මට මල්ලිගෙ phone එක හම්බුනා. මම Phone එක On කරා. මල්ලිගෙ ගැලරියට ගියා. මල්ලිගෙ photo දැකපු මම ආයම ඇවිලුනා වගේ. පස්සෙ මම මල්ලිගෙ වට්ස් ඇප් එකට ගියා. ඒකෙ මල්ලි උඩම හරි ලස්සන නමකින් සේව් කරලා තිබුණා ගෑණු ළමයෙක්ව. මම ඒ චැට් එකට යනවද නැද්ද කියලා කල්පනා කරලා මම තීරණය කරා ඒක නොබලා ඉන්න. එහෙම ඉන්නකොට මම දැක්කා hide කරලා තිබුණ චැට් ලිස්ට් එකක්. මම හිතුවෙ මොනවම හරි ඕන නැති ගෲප් එකක් වගේ වෙන්න ඇති කියලා. ඒත් ඒක තනි නමකින් ගෑණු ළමයෙක්ව සේව් කරලා තිබුණා.ඒ නම්බර් එක මල්ලි බ්ලොක් කරලා තිබ්බා. මල්ලිව බ්ලොක් කරලා නෙමේ මල්ලි බ්ලොක් කරලා. ඒත් මේ මීට මාස හතකට විතර කලින්. මම ඒ චැට් එක බලන්න දොපාරක් හිතුවෙ නෑ. වේදනාත්ම අඳෝනාවක් වගේ කෙටි පණිවිඩ කෝටියක් ඒකෙන් ඇවිති තිබුණා. " මේ අහන්න මම මේක විශ්වාස කරන්නෙ නෑ. මේක බොරුවක් නේද ? ඒ ගෑණු ළමයා කියන්නෙ බොරුවක් නේද ? ඔයා මට ආදෙරෙයි නේද ? ඔයා ආදරේ මට විතරයි නේද ? " මේ වගේ තව ගොඩක් මැසේජ් ඒකෙන් ඇවිත් තිබුණා. මල්ලි ගෑණු ළමයෙක් එක්ක ගත්තු සෙල්ෆියක් එවලා ඒ ගෑණු ළමයා අහලා තිබුණා , " මේ photo එක බොරුවක් නේද ? අනේ මට කියන්න බොරුවක් නේද ? " ඒ මැසේජ් එක තමයි මල්ලිට ඒ නමබර් එකෙන් ඇවිත් තිබ්බ අන්තිම මැසේජ් එක. මම තවත් ඒ චැට් එකේ උඩට ගියා. ඒක තව තවත් යද්දි තව තවත් තිබ්බෙ අකුරු වලින් පෙනුනෙ නැති කඳුලු. මම ඒ ගෑණු ළමයා මල්ලිට එවලා තිබුණු photo එකේ හිටපු ගෑණු ළමයගෙ photo එක ආයම පාරක් බැලුවා. හරියටම හරි මල්ලි ලස්සන නමකින් සේව් කරලා තිබුණු මම කලින් මඟ ඇරපු චැට් එකේ හිටපු ගෑණු ළමයා වෙන්න ඇති කියන විශ්වාසෙන් මම ගියා ආපහු ඒ චැට් එක බලන්න. ඔව් ඒ එයාම තමයි. ඒත් ඒ වෙනකොටත් ඒ ගෑණු ළමයා එයාගෙ පිංතූරෙ විදියට ඉස්සරහට දාගෙන හිටියෙ තව පිරිමි ළමයෙක් එක්ක ඉන්න photo එකක්. මම එහෙමම ගියෙ මල්ලිගෙ හොඳම යාළුවා හම්බෙන්න. මම ගිහින් විස්තරේ ඇහුවට පස්සෙ ඒ යාලුවා කීවා මල්ලිගෙ කලින් සම්බන්ධයක් තිබ්බා ඒත් ඒක එයා වෙන ගෑණු ළමයෙක් හින්දා නැවත්තුවා කියලා. මම ඇහුවා ඒ ඉස්සරෝම යාලු වෙලා ඉඳපු ගෑණු ළමයගෙ ගෙවල් කොහෙද කියලා. ඊට පස්සෙ ඒ මල්ලිත් එක්කම මම ඒ ගෙදර හොයාගෙන් ගියෙ ඒ ගෑණු ළමයගෙ චැට් එකෙ තිබුණු එක මැසේජ් එකක් හින්දා. " මට ඔයා නැතුවනම් ජීවත් වෙන්න බෑ. ඔයා නැති උනොත් මම ඉන්නෙ නෑ." අපේ ගමේ ඉඳන් සෑහෙන්න දුර. අපි ඒ ගෙදරට යනකොට වේලුණු මිරිස් කරල් වගයක් වට්ටියක දාගෙන ඒක අතගාන අපෙ අම්මගෙ වයසෙම ගෑණු කෙනෙක් හිටියා. මාව දැකලා ඒ අම්මා ආවා. ඇස් දෙකත් හීනි කරගෙන , " කව්ද මේ මහත්තයා " " ආ. අම්මෙ මම මේ. මේ." " ඇයි මහත්තයො ? පුරස්නයක්ද ? " " නෑ. අම්මා සංසුලි ඉන්නවද ? " අම්මගෙ ඇස් දෙකට කඳුලු ආවා. අම්මට ඇස් දෙක මුලු අත්දෙකෙන්ම අල්ලලා පොඩි කරලා කඳුලු පිහදාන්න ඕන උනත් ඒක ඒ වෙලාවෙ කරන්න බැරි කමට අම්මගෙ රතු පාට හැට්ටෙ උරහිස් දෙපැත්තෙන් අම්මගෙ ඇස් වල කඳුලු පිහදාන්න ගත්තා. " අර ඉන්නෙ මහත්තයො " අම්මා එහෙමම බෙල්ල විතරක් හරවලා මට පෙන්නුවෙ ඔහේ බලාගත්තු අත බලාගෙන ඉස්තෝප්පුවට වෙලා ඉඳගෙන ඉන්න සුදු පාට ගවුමක් ඇඳගත්තු කොන්ඩෙ තෙල් ගොඩක් ගාල හිර වෙන්න ගැට ගහපු කනේ කරාබු දෙකක් වත් නැතිව බෙල්ලට පිරිත් නූලක් දාගත්තු අහිංසක ගෑණු ළමයෙක්ව. " මහත්තයා කව්ද ? " " මම....මම අම්මෙ සංසුලිගෙ ඉස්කෝලෙ යාලුවෙක්" " මහත්තයා මෙහෙ ආවෙ ? " "අම්මා මම මේ පැත්තෙන් යද්දි මතක් වෙලා ආවෙ " " කෙල්ලටනම් මහත්තයව තියා මාවවත් මතක නෑ මහත්තයො" "මොකක්ද සංසුලීට උනේ " ආයෙම ඒ අම්මගෙ ඇස් දෙකට කඳුලු පිරෙන්න ගත්තා " දෙයියො දන්නෙ මහත්තයො. දැන් මාස හයකට කතකට විතර කලින් ඉඳලා අඬ අඬ හිටියා. ඇහුවත් මෙලෝ හාං කවිසියක දෙයක් නොකියා. දැන් මාස පහක වගේ ඉඳන් මෙහෙම. තරුණ වයසෙ කොල්ලෙක් දැක්ක ගමන් එකපාරට මොන මොනවදෝ කියවලා අඬන්න ගන්නවා. කන්දෙ දේවාලෙන් කීවා කලුකුමාර බැල්ම වැටිලලු. මහත්තො කෙල්ලට පේන්න නම් යන්න එපා." ' එහෙමද අම්මා. නෑ මම යන්නෙ නෑ. මම දැන් යන්නම්. ආය දවසක එන්නම්. " මම එහෙම කියලා එතනින් ආවා. මම එතනින් ආවෙ මගෙ මල්ලි වෙනුවෙන් මගෙ මුලු ආත්මෙන්ම ඒ ගෑණු ළමයගෙන් සමාව අරගෙන. මම නොකරපු වැරැද්දකට මට සමාව ගන්න උනේ ජීවිතේ පළවෙනි පාරට. සමහර විට මල්ලිට මේ ආත්මෙදිත් ඒ පවටම වන්දි ගෙවන්න උනා වෙන්නත් පුලුවන්. මල්ලි අතින් වෙලා තියෙන්නෙ එයාට ආත්ම දාහකටවත් ගෙවලා ඉවර කරන්න බැරි පවක්. මිනිස්සු වතුර පයට පෑගෙද්දිත් මිරිඟුව පස්සෙන් දුවන එක පුරුද්දකට අරගෙන. මට සමාවෙන්න. ඒත් හිතේ සැනසීම වෙනුවෙන් මම ඒ ළමයව ආයම බලන්න ඕන. ඒ ළමයව ආයම හරි සිහියට ගන්න ඕන. Gayan Ariyarathna...✍️ 🔴 උපුටා ගැනීම තහනම් 🔴
Gayan Ariyarathna
Region: LK
Tuesday 27 October 2026 16:28:40 GMT
Music
Download
Comments
Th@ru_🧿🤍 :
මේ වචන බර වැඩී 🫀❤️🩹
2026-10-30 08:18:24
0
𝕯𝖎𝖑 🧸🍃 :
මිනිස්සු වතුර පයට පෑගෙද්දිත් මිරිගුව පස්සෙන් දුවන එක පුරුද්දට අරගෙන..🥺
2026-10-30 09:59:02
0
Iduu Lokusooriya :
මිනිස්සු වතුර පයට පෑගෙද්දිත් මිරිගුව පස්සෙන් දුවන එක පුරුද්දට අරගෙන..! මේ වචන 🤍
2026-10-28 06:26:01
246
Hashinika :
මේ වගේම දුක් විදල ගොඩ ඇවිත් ඉන්න මම මේක දැකල ආයේ අතීතෙට ගියා 🥺💔
2026-10-28 05:58:11
25
U. Sanjana :
ඔයාගෙ වචන හරි බරයි ❤️🩹
2026-10-27 20:09:07
81
Nimesha Bandara :
මිනිස්සු වතුර පයට පෑගෙද්දිත් මිරිගුව පස්සෙන් දුවන එක පුරුද්දට අරගෙන..!(2) 🥺💔
2026-10-28 13:00:17
35
Rish🏋️♀️🐦🔥 :
ඒ කතාව..දිගටම කරන්න
2026-10-28 03:54:44
11
🤍🦋🖤shashi 🖤🐞🤍 :
මේවා ඇත්ත කතාද නෑත්නම් ප්රබන්ධද , ඒ උනාට අපේ ජීවිතත් මේ අතරම සැඟවිලා තියෙනවා...👀
2026-10-28 08:51:11
6
Amodya Dasun :
එහෙම ලස්සනයි boza කියවල ඉවර උනාට පස්සේ දැක්කේ ඔයාගේ කියලා.. ඒ දවස් වල ඉදන් ම ලියපු නිසදැසේ ඉදලම wibe ❤️
2026-10-29 00:46:58
3
Shihara Anjali :
හදවතට කතාකරන වචන බුදුසරනයි ආදරෙයි මිත්රයා
2026-10-28 05:39:14
7
<{T.D.M >} …{<🎧.🍁.🌘.>}…(🙂) :
මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ...😌 අමාරුවෙන් උනත් මට මාව තෝර ගන්න උනා... අවසානෙදි..
2026-10-29 14:22:33
0
shashi✨🐹 :
ඒ වචන හරි බරයි 🥺🥺🥺
2026-10-28 13:30:54
0
𝓘𝓼𝓱𝓾 𝓑 & 𝓝𝓮𝓽𝓱𝓾 𝓖💘 :
සටහනක් තැබීමට අවසර නැතත් මෙසෙ ලියා තබමි. බර වචනෙන් ලියපු මෙ කතාව වගෙ තවත් කොච්චර කතා ඇද්ද.
2026-10-28 16:48:07
1
sanchi🧚💋🥰 :
අනේහ්..පව් නේද.🥺💔
2026-10-29 16:43:56
0
vishii :
හිතට බර දැනෙන කතා ❤️🩹
2026-10-28 07:42:18
1
Enura Janith :
🥺
2026-10-29 04:21:11
0
Tharu Tharu :
මේව හරි බරයි 🥺❤️
2026-10-28 03:05:25
1
wasthuuu..🫀📌 :
ඔයා එයා බඳින්නේ නෑ නේද 🙃📌
2026-10-27 16:34:42
1
Madhu :
ඇත්තටමඇයි මිනිස්සු රවට්ටන්නෙ 🥺මෙහෙම වෙන්න තරම් කොච්චර හිත් රීදිම් ගොඩක් වෙන්න ඇතිද 🥺
2026-10-27 17:55:01
5
sarasi 🇱🇰🇰🇷 :
අම්මෝ පපුවත් එක්ක හිර උනා🥺❤️
2026-10-29 01:01:38
0
Pramodzz🍓 :
Ekanan danuna wadiy🙂❤️
2026-10-30 14:20:42
0
akarsha125 :
ඒවා හරි බර වචන ...
මිනිස්සු වතුර පෑගෙද්දිත් මිරිගුව පස්සේ දුවලා 🩶
2026-10-29 02:23:10
0
pooja caldera :
ඇත්ත මගේ කතාවමයි, එයා පස්සෙන් ගියෙම එයාව පොඩි වේදනාවකදී පවා දාලා යන අයගේ, හැබයි ඒ අපි දෙන්න ගොඩක්ම ආදරෙන් හිටපු දවස් 💔🙂
2026-10-29 01:46:49
0
VINU💋 :
2026-10-28 18:12:06
0
Tharu Tharu :
ඉතුරු කොටසත් ඕන🥺
2026-10-28 03:06:08
0
To see more videos from user @gayan_ariyarathna01, please go to the Tikwm
homepage.