@hirunews: ඊශ්රායල මහ මැතිවරණය - පස්වරු 6:00 වන විට 66.7%ක ඓතිහාසික ඡන්ද ප්රතිශතයක් ඊශ්රායලයේ පැවැත්වෙන මහ මැතිවරණයේදී අද (27) පස්වරු 6:00 වන විට ඡන්දය ප්රකාශ කිරීමේ ප්රතිශතය 66.7%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊශ්රායල මධ්යම මැතිවරණ කමිටුව පවසනවා. 2022 මැතිවරණයේදී අදාළ වේලාව වන විට වාර්තා වූ 57.7%ක ඡන්ද ප්රතිශතයට සාපේක්ෂව මෙය සැලකිය යුතු වර්ධනයක් වන අතර, එය එරට මැතිවරණ ඉතිහාසයේ එම වේලාව වන විට සටහන් වූ ඉහළම ඡන්ද ප්රතිශතක්. මධ්යම මැතිවරණ කමිටුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ඩීන් ලිව්නේ (Dean Livne) ප්රකාශ කළේ මේ වන විට මිලියන 4.8කට වැඩි ඡන්දදායකයින් සංඛ්යාවක් සිය ඡන්දය ප්රකාශ කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් දක්වා සිටියේ සමහර ප්රදේශවල අඩු ඡන්ද ප්රතිශතයක් වාර්තා වන අතර, ගෝලාන් සානුවේ ඩෲස් (Druze) නගරයක් වන මජ්දල් ෂම්ස් හි 26.3%ක් සහ ආසන්නයේ පිහිටි අලවිට් (Alawite) නගරයක් වන ඝජාර් හි 28.6%ක් ලෙස සටහන් වූ බවයි. එමෙන්ම, ගලීලයේ යුවාල් (91.5%), බෙයිට් හොග්ලා (88.2%) සහ උතුරු ඊශ්රායලයේ හසොන් (87%) යන ප්රදේශවල ඉතා ඉහළ ඡන්ද ප්රතිශතයක් වාර්තා වී තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Tuesday 27 October 2026 18:15:48 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.