@sathsarani_dinethra: 2026.04.18 එදා තමා මගේ ජීවිතේ මං අකමැතිම මට ගෙවාගන්න අමාරුම වෙච්ච ඒ දවස. මං මගේ ගෙදර මාර නිදහසේ හිටපු කෙල්ලෙක්. මට කැමති ඇදුමක් ඇදලා සිංදු කියලා, නටලා ගෙදර අය එක්ක රණ්ඩු වෙවී හිටියෙ.ගහමරාගෙන උනත් ටික වෙලාවකින් අපි ආයෙත් එකතු වෙනවා මොන ප්‍රශ්නයක් උනත් මගේම අය මං ළග හිටියා කවදාවත් තනි උනේ නෑ. ගෙදර සද්දයක් නැති වෙලාවක් ඇත්තෙම නෑ. මං මේ ගමන ආපු දවසේ මං ආවෙ කොහොමද කියලාවත් මට හිතා ගන්න බෑ.මං ඇත්තටම එදා සිහියෙන් නෙමෙ හිටියෙ ඒක හීනයක්ද ඇත්තක්ද කියලා මට හිතා ගන්න බැරිව මං හිටියෙ... මගේ ජීවිතේම කඩාගෙන වැටුනා වගේ මට දැනුනේ. මගේ පවුලෙ අය අඩ අඩ මාව නොපෙනී යනකන්ම ඈත ඉදන් බලන් ඉද්දි මගේ පපුව පිච්චිලා ගියා. ඒක මතක් වෙද්දි අදටත් මට දරාගන්න බෑ. Flight එක උඩට ගද්දි දැනුන වේදනාව වචන කරන්න බෑ. කෑ ගහලා අඩන්න තරම් දුකයි. මං ඒක කොහොම දරාගත්තද කියලා මංවත් දන්නෙ නෑ ඉපදුන දවසෙ ඉදන් එකට හිටපු පවුලෙ මිනිස්සු, නෑදෑයෝ, යාළුවෝ මේ හැමෝම අදින් පස්සෙ නෑ නේද, එයාලගේ කටහඩක්වත්, ගෙදර අයගේ කරච්චලේවත් ආයෙ මගේ කන් දෙකට ඇහෙන්නෙ නෑ නේද කියලා මට මතක් උනා. මං ඒ නිදහසේ සැහැල්ලුවෙන් ගත කරපු දවස් අදින් ඉවරයි නේද කියලා මට හිතුනා. මට flight එකෙන් බැහැලා ආයෙත් ගෙදර දුවන්න තිබ්බනම් කියලා හිතුනා.. අද වෙනකොට මාස 6ක් 7ක් ගෙවිලා. ගෙදර ඉන්නකන් වදයක් වෙච්ච ගෙදර මිනිස්සුගේ කෑ ගැහිල්ල අද නෑ. ඒත් මට ඒ කටහඩවල් දෝංකාර දෙනවා. දවල්ට කාපු එක රෑට කන්න බෑ කිව්වම ආයෙත් මොනවා හරි මට අම්මම්ම හදලා දෙනවා. අද දවස් ගනන් එකම කෑම fridge එකෙ දාල කනවා සමහර දවස් වල කන්නෙ නැතුව ඉන්නවා. මට ඒ වෙලාවට ඔයාව ගොඩක් මතක් වෙනවා අම්මම්මේ.😞❤️‍🩹 මාව අරහෙට ගිහින් දාන්න මෙහෙට ගිහින් දාන්නකො කියද්දි බැන බැන හරි සීයා මාව ලංකාව වටේ උනත් එක්කන් යයි. පොඩි දේටත් කෑ ගහ ගහ හරි මගේ හයියට ඔයා හිටියා. රුපියල් 100/20 ඒවා වලින් ලක්ශ ගානක් ඔයා දීලා ඇති. 😭 පොඩි දේටත් ගහමරාගත්තට ටොෆියක්වත් මට නොදී කන්නෙ නෑ.noodles එකක් කෑවත් භාගෙ භාගෙ අපි දෙන්නම කනවා. මං කොහෙ ගිහින් මොනවා කෑවත් මට පුලුවන් හැම දවසෙම මං ඔයාටත් අරන් එන්නෙ. මගේ ඔනෙම මගඩි වැඩකට full support එක මට මල්ලි දෙනවා.. මට ඔයාව ගොඩක් මතක් වෙනවා. 🫂@Ushan:)🐉 අක්කයි මමයි ඇදුම් සෙරප්පු වලට කොච්චර නම් මරාගන්න ඇතිද ආයෙත් රෑට දෙන්නා එක ඇදේ එකට නිදා ගන්නකොට film බලනවා බදාගෙන නිදාගන්නවා. කවදාවත් අපේ රණ්ඩු දවස් ගනන් මාස ගනන් ඇදිලා නෑ උපරිම පැය තුන හතරයි. මට හැමදේම කියන්න අහන්න මට ඔයා හැමදාම හිටියා. @Gimhani Dinethra මට හැමදේම නැති උනා වගේ මට දැනෙනවා. ඇත්තටම අපිට කවදාවත් ආයෙ එහෙම දවස් එන්නෙ නැති වෙයි.❤️‍🩹 දුරින් හිටියත් කතා කරනවා තමා හොයලා බලනවා ඒත්, ළගින් ඉන්නවා වගේ දැනෙන්නෙ නෑ ඒක තේරෙන්න නම් තනි වෙන්නම ඔනේ.. මං දැන් අඩන්නෙ නැතුව රෑට නිදාගන්න රැයක් ඇත්තෙම නෑ.💔 මට මගේ ගෙදර අයව ගොඩක් මතක් වෙනවා. ගෙදර ඉන්නකන් වදයක් වෙච්ච කෑ ගැහිල්ල මට අද ගොඩක් මතක් වෙනවා මට වචනයක්වත් කතා කරන්න මනුස්සයෙක් නැති උනා. මට පිස්සු හැදෙන තරමටම මට එක එක දේවල් කල්පනා වෙනවා. කවුරු හිටියත් නොදන්න රටක මෙහෙම ඉන්න එක ඇත්තටම ලේසි නෑ. කවුරු කොහොම කිව්වත් ගෙදර අය එකතු වෙලා ඉන්න තැන ඒ ආදරේ, සතුට වෙන කොහෙන්වත් අපිට ගන්න බෑ මගේ සතුට තියෙන්නෙ මගේ ගෙදර. මට මොන දේවල් ලැබුනත් මට ඒ සතුට ලැබෙන්නෙ නෑ. ඇත්තටම ඉස්සරහට මට මොන තරම් හොද දවස් ආවත් මට මේ නරකම දවස් කවදාවත් අමතක වෙන එකක් නෑ. මට ඔනෙ ඉක්මනට ගෙදර යන්න.✈️ මං කලින් හිටපු විදිහට නිදහසේ සතුටින් ඉන්න. මගේ ජීවිතේ දැන් එක තැනම නතර වෙලා කිසිම සතුටක් නෑ. මට හිතා ගන්න බෑ මං මේ ආපු ගමන අතහැරලා ගෙදර යන්නද නැත්තම් අල්ලන් ඉන්නද කියලා. මෙහෙම තනි වෙලා ඉන්න මට බෑ. මේක නෙමෙ මං කැමති ජීවිතේ. මගේම අය කියන හැගීම ගෙදරින් ඇරෙන්න වෙන කිසිම තැනකින් ගන්න බෑ..මට එයාලව ගොඩක් miss වෙනවා මං හරි ආදරෙයි මගේ පවුලේ අයට, මගේ යාලුවන්ට මට එයාලව බලන්න ඔනෙ මට එයාල ලගින් ඉන්න ඔනෙ. මං දින ගනිනවා ඒ දවස එනකන්. මං ඔයාලට ගොඩක් ආදරෙයි. මට දැන් පිස්සු වගේ මට කවදාවත් මගෙ පවුලෙ අය නම් නැති වෙන්න නම් එපා. එක්කෙනෙක් හරි අඩු උනොත් මං මැරෙයි..! මගේ හිතේ තියෙන දේවල් ගොඩයි මේවා සමහර අයට විකාර වගේ පෙනෙයි. මේ තනිකම කිසිම මනුස්සයෙක්ට දැනෙන්න හොද නෑ. හීන හැබෑ කරගන්න මිනිස්සු කොච්චර අසරණ වෙනවද...💔මගේ හිතේ තියෙන ඔක්කොම මෙතන ලියන්න බෑ.. මොනවා ලියලද කියලා මං දන්නෙත් නෑ මට දරාගන්න බැරි තරම් දුකයි...එච්චරයි මං දන්නේ!😊 මං ගොඩක් ආදරෙයි මං එනකන් පරිස්සමින් ඉන්න...💌🫂 #viral #viralvideo #froyou #froyoupage #sadstory

𝒟𝒾𝓃𝑒𝓉𝒽𝓇𝒶!💌
𝒟𝒾𝓃𝑒𝓉𝒽𝓇𝒶!💌
Open In TikTok:
Region: IT
Wednesday 28 October 2026 02:19:56 GMT
23831
2291
18
198

Music

Download

Comments

sandru55
sandru 💫 :
ඉන්න කලේ ගොඩක් ආදරෙන් ඉදියා 🥰
2026-10-28 17:57:36
1
shavishkagimhani
Gimhani Dinethra :
කදුළු නවත්තගන්න ටිකක් අමාරුයි...ආයේ ඉක්මනින් හමුවෙමු....අඩුම තරමේ මම ඔයා ගිය දවසේ Gallery එකේ තියන photo එකක්වත් බලන්නේ නෑ ... 💔😭 miss you so much 🥺
2026-10-28 18:33:43
0
nimaboyy18
𝑵𝒊𝒎𝒂𝒂 🪼" :
Mage birthday eka dawase 🥹
2026-10-28 17:37:23
1
shehgirl666
Kasun 🎶 :
Save
2026-10-28 20:25:44
0
_nethsaraa_
Ushan:)🐉 :
math godak mathak wenawa oyawa🥺😞
2026-10-28 14:04:36
1
vishakachandrasir3
❤️❤️❤️❤️ :
ඔවි ඇත්ත
2026-10-28 08:55:55
0
dikshan.eranda
Dikshan Eranda :
@A Esha mtath yanna unoth oya mawa dala yanne nathuwa hamadama math ekka innava neda manika .🥺🫀
2026-10-28 17:19:51
0
shiyy.xx
D>♡🐽❤️‍🩹 :
@“V2_MoViNdU “ ( D ) 💋! 🙂❤️‍🩹mm
2026-10-28 15:50:08
0
user.shashi2003for1
𝘴ꫝꪖ𝘴ꫝ𝓲...♡ :
💗❤️
2026-10-28 15:02:36
0
778287822chathurang
විනොත් චතුරංග :
😔🙏🏽
2026-10-28 14:57:50
0
ni84302
ニシ 🤍🖤 :
🥹❤️
2026-10-28 12:17:01
0
rithu.kawya
04:27🧚❤️ :
🥺❤️‍🩹
2026-10-28 11:51:33
0
romi564117
Romi 💗🧚 :
😶🥺
2026-10-28 11:27:49
0
suji0330
𝓢𝓾𝓳𝓲 🤍🐾🐼 :
❤️❤️❤️
2026-10-28 10:31:16
0
user5723206537848
nethu :
😊🥰
2026-10-28 08:38:44
0
usernadeeshani2
මේනා 💕 :
💕💕
2026-10-28 07:46:29
0
......aashuu3
AASHU🎀 :
🥺💯❤️‍🩹
2026-10-28 04:20:44
0
janidu_eshan_
Eshan_ :
🖤
2026-10-28 18:59:48
0
To see more videos from user @sathsarani_dinethra, please go to the Tikwm homepage.

Other Videos


About