@hirunews: ඊශ්රායලයේ ඡන්දවලින් සියයට 60ක් ගණන් කර අවසන් බව මධ්යම මැතිවරණ කමිටුව පවසනවා. නිල මැතිවරණ දත්ත අනුව, බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය සියයට 21.4ක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන ඇති අතර, ගාඩි අයිසන්කොට්ගේ යාෂර් පක්ෂය ලබාගෙන ඇත්තේ සියයට 16.2ක්. අද උදෑසන නිකුත් කළ මෙම දත්තවලින් එක් එක් පක්ෂයට නෙසට් පාර්ලිමේන්තුවේ හිමිවන ආසන සංඛ්යාව සඳහන් කර නොමැත. ඊශ්රායලයේ ඡන්දදායකයන් පක්ෂ සඳහා ඡන්දය ප්රකාශ කරන අතර, පසුව එම පක්ෂ සන්ධාන ගොඩනඟා බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කරනවා. එරට කිසිදු තනි පක්ෂයක් මෙතෙක් පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගෙන නොමැති බව සඳහන්. මූලාශ්රය : අල්ජසීරා #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Wednesday 28 October 2026 08:45:20 GMT
Music
Download
Comments
RAJITHA ck :
❤️❤️❤️
2026-10-28 11:01:28
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.