@hirunews: කොංගෝවේ ඉබෝලා ආසාදිතයන් 10,000 ඉක්මවයි – අප්‍රිකාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කළ පුද්ගලයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් තිබෙනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට මහජන සෞඛ්‍ය ආයතනයේ නවතම දත්තවලට අනුව ආසාදිතයන් සංඛ්‍යාව 10,060ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 4,887ක් බවයි. මෙම ව්‍යාප්තියට හේතු වී ඇත්තේ දුර්ලභ ගණයේ බුන්ඩිබුග්යෝ ඉබෝලා වෛරස ප්‍රභේදය වන අතර, මැයි මස මැද භාගයේදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම ව්‍යාප්තිය, මේ වන විට කොංගෝවේ වාර්තා වූ විශාලතම සහ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු කළ ඉබෝලා ව්‍යාප්තිය බවට පත්ව තිබෙනවා. ඒ අනුව, 2018 සිට 2020 දක්වා කාලයේදී එරටින් වාර්තා වූ ඉබෝලා ව්‍යාප්තිය ද මෙය ඉක්මවා ගොස් ඇති බව සඳහන්. මේ අතර, කොංගෝවෙන් ඔබ්බට තවත් අප්‍රිකානු රටවලට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව ද සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. කෙන්යාවෙන් මෙම මාසයේදී පළමු ඉබෝලා ආසාදිතයා වාර්තා වූ අතර, පසුව එරටින් ආසාදිතයන් නවදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර, කොංගෝවේ සිට උගන්ඩාව හරහා කෙන්යාවට පැමිණි පුද්ගලයෙකු නයිරෝබි නුවරදී මියයෑමෙන් පසු මෙම ආසාදන හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අදාළ කාන්තාව සහ ඇගේ සැමියා සඳුදා දිනයේදී ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයේ රෝහල් වෙත ගුවන් මගින් රැගෙන ගොස් තිබෙනවා. උගන්ඩාවෙන් ද මැයි සහ ජුනි මාසවලදී ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් බහුතරයක් කොංගෝවෙන් පැමිණි පුද්ගලයන් බව සඳහන්. කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තිය අවසන් වූ බව ප්‍රකාශයට පත් කළා. මේ අතර, කොංගෝවේ සංචාරය කළ ඉතිහාසයක් සහිතව නැවත උගන්ඩාවට පැමිණෙන එරට පුරවැසියන් දින 21ක නිරෝධායනයකට යොමු කරන බව උගන්ඩා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මීට පෙර, 2014 සිට 2016 දක්වා බටහිර අප්‍රිකාවේ පැතිර ගිය ඉබෝලා වසංගතය ඉතිහාසයේ විශාලතම ව්‍යාප්තිය ලෙස සැලකෙන අතර, එහිදී පුද්ගලයන් 28,600කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී 11,000කට වැඩි පිරිසක් මියගොස් තිබුණා. මූලාශ්‍රය - Reuters #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Wednesday 28 October 2026 10:53:28 GMT
1925
34
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About