@hirunews: හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද: බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක් හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාදී තිබෙනවා. එම තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන අතර, එම කාල සීමාව තුළදී කිරිවත්තුඩුව, මූණමලේ වත්ත, 17 වන පටුමගේ සිට ගල්කන්ද පොදු සුසාන භූමිය දක්වා වූ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මහජන පීඩාවට හා දේපළවලට හානි වන සේ හා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධාවන සේ උද්ඝෝෂණ හා පෙළපාලි වළක්වාලමින් කැස්බෑව දිසා අධිකරණ‍ය ඊයේ (28) නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ කහතුඩුව පොලිසිය මගින් කළ ඉල්ලීමකට අනුවයි. අපරාධ නඩු විධාන සංග්‍රහයේ (106) 1 වගන්ති ප්‍රකාරව ඉහත ක්‍රියාකාරකම් වළක්වාලන නියෝගයක් ඉල්ලා ඇති අතර, එහිදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නියෝගය දින 14කට වලංගු වනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 03:15:26 GMT
15006
262
20
9

Music

Download

Comments

user7037650186866
ඉසුරි :
ජීවි පියකර චන්දෙ දුන්නේ ඕකටද අපි මැරිච්ච මිනිහගේ මේ පාර්ශවයට නෙමෙයි නීතිදාන්නේ මරපු එවුන්ට මොනවත් නැහැනේ ක් හරි ලස්සනට ඉන්නවා මේකද අපිට අන්තිමට බලාපොරොත්තු උනේ මේකද නීතිය උඩින්ද යටින්ද කියන්නේ දැන් පේනවනේ උඩද යන්න හිතේ තියෙන්නේ කියලා ජනාධිපතිතුමනි ඔබ ඇස් අරින්න දැන් ඇස් වහගෙන ඉන්න එපා අරින්න සඳහා මේ දේවල් සිද්ධ වෙන්නේ පස්දෙනෙකුට අධිකරණ නියෝගයක් ඒක මාර වෘත්ත කතාවක් ඒ මිනිස්සුන්ගේ මිනිහත් නැති වෙලා දරුවට තාත්තෙකුත් නැතිවෙලා දෙමව්පියාගේ දරුවෙකුත් නැති වෙලා. ඒ ඔක්කොම වෙලා තව මේ අධිකරණිය නියෝග දෙනවා ගෙදර මිනිස්සුන්ට මේවටද අපි ඡන්දෙ දුවලා ඔබතුමා පත් කරගත්තේ
2026-10-29 07:59:30
0
manjusri.msj
MANJU SRI :
අධිකරණය තියෙන්නේ සාධාරණත්වය සදහා ද නැතිනම් රජයේ හා රාජ්‍ය නිලධාරීන්ගේ අපරාධ සාධාරණ කිරීම සඳහා ද කියල මේකෙන් හොඳටම පැහැදිලියි
2026-10-29 03:57:41
16
user2975460226144
💚 :
අනුර කුමාර දිසානායක.. ඔහොම කරාම හරිද එතකොට. ලැජ්ජයි ලැජ්ජයි..
2026-10-29 04:48:26
12
indika.susantha1
🌀🌀🌬️ ඉන්දික සුසන්ත 🌬️🌀🌀 :
අධිකරණයේ නීතියේ තරාදියේ සමබරතාවය සමහර අවස්ථාවලදී පොඩි මිනිහට බරවෙනවා 😳😳😳
2026-10-29 05:24:47
6
ashi_0610
ashi_0610 :
දැන්වත් බලපල්ල නීතියට උඩින්ද යටින්ද හැමදේම වෙන්නෙ කියල 😂
2026-10-29 05:18:16
6
user5484196682626
මගේ එකම විශ්වාස ජේසු ✝🕊️💫 :
මෙි ආන්ඩුවෙත් ආයු කාලෙ ඉවරයි සැමට එක නීතියක් කිවුවට අසාධාරණය හැමතැනම රජයනව විනය ගරැක පොලිසියක් මොනම රජයක් හරි ඇවිත් පිහිටවනකමි ජනතාවට මෙි කෙනිහිලිකමි එමටයි විශේෂයෙන් පොලීසියට රජයෙන් දැඩි නීති පැනවිය යුතුයි පොලිසිය කට ඇරියොත් කියන්නෙ අපි ලැයිසන් චන්ඩි කියල උන්ට ඔනෙ වෙන්නෙ පැනයි කොළෙයි විතරයි අහිංසක මනුෂ්‍යයෙක්ගෙ ජීවිතයක් විනාශ කරන්න.
2026-10-29 04:09:20
5
mogana_madushani
꧁✌︎︎𓂀ꪑꪮᦋꪖ᭢ꪖ ꪑꪖᦔꪊకꫝꪖ᭢ỉ𓂀✌︎︎꧂ :
කාට කියන්නද මේවා
2026-10-29 04:08:30
2
b2bxkeely
K A V I N D U *_° :
2026-10-29 03:35:03
1
nihal.peiris.m..a
Nihal peiris M. A :
හා
2026-10-29 04:08:28
0
user7037650186866
ඉසුරි :
මිනිස්සුන්ට වෙච්ච අලාභ හානිය බලන්නේ නැතුව ඒ මිනිස්සුන්ට මදි කරන නියෝගයක් දෙනවා ඇසරපල්ලා මේවට
2026-10-29 08:00:40
0
athunewzealand
🇱🇰Athu🇳🇿 :
ආයේ 100ක් මලත් සද්දේ වහලා ඉන්න ඕනී.. ආණ්ඩුවට ඕනී විදිහට කාලා බීලාඅ ජීවත්වෙයල්ලා. හ්ම්ම්...මළගමටත් අධිකරණ නියෝග.🤣
2026-10-29 03:21:17
9
user3351808481575
නෙතුකි :
තමන්ගේ මිනිහට ඇස්පනා පිටම වදදීලා මරද්දි බලන් ඉන්න පුලුවන් මොන ගෑණිටද ඌ කුඩු ගන්ජා ගැහුවත් අරක්කු කසිප්පු බිව්වත් ඒත් මිනිස් ජීවිතයක් මිනි මරුවන්ටත් දරුවන්ට වගේ සලකලා එලියට එවන නීතියද සාදාරන බලදාරින්ගේ ඇස් ඇරේවා🙏🙏🙏🙏🙏🙏
2026-10-29 05:28:24
1
niduk1
නිදුක් මඩගහමුල :
චන්දයක් තියමු 😁😁
2026-10-29 05:42:31
1
38rz
38rz :
Naduth, hamuduruvange, baduth, hamuduruvange
2026-10-29 04:47:29
1
notisuddag67
Noti Sudda :
me anduwa athi dan
2026-10-29 07:26:44
0
user388441190680
user388441190680 :
neethiya katath ekaida?den ko a kaivaru gahapu aya?
2026-10-29 09:03:57
0
randypereira475
Randy :
AKD හා JVP ට දුන්න චන්දේ වටිනාකම [Cool]😡🤨😝
2026-10-29 06:28:19
0
saman.kumara3373
saman kumara :
Dan balapuwahama adikaranayath Podi minisage paththe naha
2026-10-29 07:54:32
0
user9629753863453
චාරිකා චාරිකා :
😡😡😡😡😡😡😡😡
2026-10-29 06:22:17
0
elijah_m_92
H :
@Sri Lanka Police Busted!, right?
2026-10-29 08:50:12
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About