@unfiltered_quill: 🖋️ Authors, තවත් challenge එකක්! BEYOND THE LINES  පලවෙනි චැප්ටර් එක අපි නොහිතපු සාර්ථකත්වයක් ලැබුවා.  මොනතරම් දක්ශ, original ideas and creativity එකක් තියෙන ඕතර්ස්ලා මේ platform එකේ ඉන්නවද කියන එක අපේ පලවෙනි challenge එකේ comment section එක බැලුවානම් දැනගන්න පුලුවන්. අපි දැන් තවත් ටිකක් එහාට යමු. ඕතර්ස්ලාගේ කතා වගේම අපි ආසයි ඕතර්ස්ලාවත් අඳුරගන්න.  ඔයාලාගේ කතාවක තියෙන line එකක්ම වෙන්න ඕනි නෑ. අපේ challenge එකට ගැලපෙන විදිහට අලුත් lines නිර්මාණය කරලා comment කරන්න.  ඕතර් කෙනෙක්ම වෙන්න ඕනිත් නෑ. සමහර රීඩර්ස්ලා ඉන්නවා ඕතර්ස්ලටත් වඩා ලස්සනට ලියන. ඕනි කෙනෙක්ට මෙතන තමන්ගේ අදහස් අකුරු කරන්න පුලුවන්. කතාවක් කියවන්න අපි පෙලඹෙන්න ලොකුම හේතුවක් වචන. ඕතර්ස්ලා කියන්නේ වචන වලින් මිනිස්සුන්ව වසඟ කරන මිනිස්සු.  ඉතින්, අපිව වචන වලින් වසඟ කරගන්න. අද challenge එක, "ආදරෙන් හිටි චරිත දෙකක් වෙන්වුනු බව ඔයා ලියන්නේ කොහොමද?" ඔයාගේ වචන වලින්ම ලියපු line එක commentsවල දාන්න.  අපිටත් ඔයාගේ ලෝකයට පොඩ්ඩක් එබිලා බලන්න ඉඩ දෙන්න. 🦋📖 කවුද දන්නේ?  සමහරවිට ඔයාගේ එක line එකක් කෙනෙක්ගේ ඊළඟ favourite author ව හොයාගන්න උදව් වෙයි. ✨ #wattpadforyou #wattpadsrilanka #BookRecommendations #unfiltered_quill

Unfiltered_quill ᝰ🪶
Unfiltered_quill ᝰ🪶
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 07:43:03 GMT
87953
9566
769
243

Music

Download

Comments

kalharabrowzky24
𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 :
"ඒ උල්කාව හරි ඉක්මනට කඩන් වැටුනා මන් දුවලා ගිහින් ඒ උල්කා තරුව අල්ලන්න යද්දි ඒක වැටිලා නෙමේ ඒක අලුත් අහසක පායලා 🤍💬"
2026-10-29 18:40:01
768
nelum755
Madu samarasingha🌸 :
" අපිට පුලුවන් උනේම එකම අහස බෙදාගන්න' ඒත් අපිට බැරි උනේම එකම වෙලාවක පායන්න"
2026-10-29 12:28:39
397
chamithumihiranga0
Mihiranga 🧿 :
එයා (ලස්සන හදක්) මන් ඒ හදට ගොඩාක් ආදරේ කරපු එක (පුංචි තරුවක්) එයා ලගටම වෙලා මන් හිටිය හැබැයි එයා දැක්කේ (ඉර) විතරයි. ඉතින් (හද) මන් අයින් උනේ (පුංචි තරුවකට) වඩා(ඉරයි හදයි) ගොඩක් ලස්සන නිසා. ❤️✨
2026-10-31 02:56:27
1
sara35abey
Sarasi :
ඒ කුණාටු රැයක්. අපි අපිවම අමතක කරන්න පොරොන්දු දීපු රැයක්. මොරසූරණ වැසි මැද මාගේ දිය බේරෙන ඇගිලි වලට සිරව තිබූ ඔහුගේ කමිස කොලරය නිදහස් විය. "මං යන්නම්..." මේ කුණාටුව පහව යාවි. වසන්තය නිසැකවම පැමිණේවි. නමුත් අප දෙකඩ උන සිත්වල විරහවේ කුණාටුව සදා කල් රැව්දේවි. 😓💔
2026-10-31 04:01:59
1
mad_dskyy
SKYY :
එයා හැමදාමත් "ගිහින් එන්නම්" කිව්වම මම කිව්වෙ "ආයෙත් ඇවිත් යන්න එන්න" කියලා. ඒත් එදා එයා "යන්නම්" කිව්වම මම "හා" කිව්වා. 🩵
2026-10-29 08:01:15
541
soul_mate__4
𝑰𝒏𝒌 𝒏𝒗𝒓 𝒍𝒊𝒆 🥀 :
" අමතක කිරීම යනු මතකයන් මරා දැමීම නම්, සමහර මිනිසුන් වෙනුවෙන් හදවත ජීවිතාන්තය දක්වාම මරණ දඬුවම ප්‍රතික්ෂේප කරනු ඇත.❤️‍🩹"
2026-10-30 15:34:09
180
sheyuu24
Shey🐰💗 :
සැනසුම්ව ගෙවී ගිය වසර ගණනාවකට පෙර, හදවතේ කපාට අතරින් පවා මුල් ඇද දළුලා වැඩුණු රෝස මල් යායම එකින් එක වියැකී යන්නට පටන්ගෙන තිබුණි. නාස්පුඩු අතරින් ඇදී ආ සුවදායක හුස්ම රැලි පවා අද පපුතුරේ ඇදුම් දෙන පිහි තුඩු දහස් ගණනකින් පාරවද්දී, දරාගැනීමේ අවසන් සීමාවට පා තබා ඇති බව හඟවන්නට මෙන් ලෝදිය තරම් උණුසුම් රුධිර කැටිති මුවින් පිටවෙමින් තිබුණා. ඉතින්, නිදොස් කොට නිදහස් කළ ප්‍රේමයට යළිත් පිවිසුමක් සොයාගත නොහැකි වන සේ, මම එහි සදාකාලික නිමාවට දොරගුළු ලා දැමුවෙමි.🖤🥀
2026-10-29 13:13:18
262
sachinthamadhusha5
𝒮𝒶𝒸𝒽𝒾..💫 :
ජීවිතේට හද පායද්දි කවදාවත් අමාවක දවසක් ගැන මතක් උනේ නෑ හැබැයි එයා ඒක මට මතක් කලා...🙂😔
2026-10-31 02:51:19
1
thisismydestiny07
pxmrkive :
එක් රාත්‍රියක එකිනෙකා වෙනුවෙන් පිපුණු කඩුපුල් මල් දෙකකට, ඉර එළිය වැටෙන්නත් කලින් වෙන්වෙන්න සිද්ධ වෙලා…යළි කිසිදා එකට පිපෙන්නටත් වරම් නොලැබිලා…..
2026-10-29 07:59:24
352
gaming_boy138
セヌカ 🐉🔥 :
"1945 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාවට බෝම්බ වැටුණා. ලස්සන තැනක් නැති වෙලාම යද්දී, 'ආයේ මල් පිපෙන්නේ නෑ' කියපු ඒ අළු ගොඩෙත් එකම එක ඕලියන්ඩර් මලක් පිපුණා. ඒත් මේ හිත හිරෝෂිමාවක් නම්, ඒ අළු ගොඩේ පිපුණ එකම එක ඕලියන්ඩර් මල වූ නුඹත් මා හැර යද්දී... ආයෙත් මේ හිරෝෂිමාව සොහොන් බිමක් වුණේ කවදාවත් මල් යළි නොපිපෙන විදිහට........🌸❤️‍🩹"
2026-10-31 03:13:58
1
purecactus_888
𝑷𝒖𝒓𝒆_𝑪𝒂𝒄𝒕𝒖𝒔 🌵 :
"හැඟීම් මත්තෙ නිවුණු උඹත් මමත්, බැඳීම් ඇත්තෙ බිදෙන්නට වග පෙර තියාම නොදැන උන්නා !" ❤️‍🩹
2026-10-29 09:21:17
128
naveen_thanthrige
N A V E E N 🩶 :
මං තාම කල්පනා කරනව ඒ අවසානය ලියන විදිය , කොහොමද ලියන්නෙ අදින් පසුවට මට , "මම හොඳින්ම දන්න, මාව හොඳින්ම දන්න ඒත් අඳුන්නන්නෙ නැති කෙනෙක් මේ අහස යට තැනක ඉන්නව කියල..."
2026-10-30 11:54:33
2
ash.exe090
ash.exe090 :
" වැහි කඩදාසියක් මත සිට මන් නුඹට ලියූ ආදරය අදින් අවසන් ය..රිදි රිදී ඇවිලෙන්නත් ,මා කල ප්‍රේමය මිසක් මා ලැබූ ප්‍රේමයක් නොමැති කල්හි නවතිනවා ඇරෙන්න මං වෙන කුමක් කරන්නද ? ඉතින් සබඳ වෙන්වන්නට මත්තෙන් නුඹ මට කල ප්‍රේමය සත්‍යක් ද ? !!! "❤️‍🩹
2026-10-29 12:12:06
177
anjalee.alfred
Alfred🐾👣 :
"අනික් අය ආදරෙන් ඉද්දි මට ඉරිසියා නෑ. මොකද, අපි හිටිය ඊටත් වඩා ආදරෙන්."
2026-10-30 17:18:03
3
praveenthilakarathna
Praveen :
මේ ලියවිලා තියෙන Quotes වල ලස්සන💝
2026-10-30 03:44:44
85
thalia_everheart
Thalia Everheart 🥀 :
දෛවෝපගත ආදරයක වෙළී සිටින බව විශ්වාස කළ ආත්ම දෙකක්, අවසානයේ වටහා ගත්තේ 'ඔවුන්' යනු, එකිනෙකාගේ ජීවිත ගමනේ මොහොතකට නවාතැන් ගත් මංසලක් පමණක් බවයි. ඉරණමට අනුව, ඔවුන් එකිනෙකාගේ ලැගුම්හල් වූවා මිස, කිසිදා නිවහනක් වීමට ලියැවී නොතිබුණි! ❤️‍🩹
2026-10-30 23:02:25
8
sandeepa_maduwantha27
Sandeepa Maduwantha :
මුල ඉදන් අවසානය වෙනකන්ම බලපු එකම Comment Section එක. ඒ Quotes මාරම ලස්සනයි. ☺️🤍
2026-10-30 16:55:01
9
dark_whisper699
Dark_Whisper 🖤✍️ :
ඉතිං මගෙ ආදරේ මදි වුණා ද උඹට...මං මැරෙන්නම ආදරෙයි කීවම උඹට ඒක මදියි කියලා ඔප්පු කරා... අර ලස්සන ආදරණීය හිත මළගම් යවලා දැන් උඹ සතුටෙන් ද මගෙ මදාරා මල.. කමක් නෑ මේ ආත්මෙට අන්සතු වෙයන්... හැබැයි එතන ඉදන් ආත්ම හතක් යනකල් මගෙ නමට ම පේ වෙන්න ලෑස්ති වෙයං... මේ පපුව උණුහුම විතරක්ම විදින්න ආයෙත් වරෙං... අද ඔයා මාව දාල ගිය තැනම මම නතර වෙලා බලන් ඉන්නවා.. හැබැයි ලබන ආත්මෙ උඹත් එක්කම මේ ගමන යන්න මං දළදා හාමුදුරුවන්ට පොරොන්දුවක් වුනා.... ❤️‍🩹✨️-Author Dark Whisper-
2026-10-30 17:09:15
5
indiwari_de_zoysa_97
Ink On My Steth :
ඉදින් උන් නික්ම ගියෝ ය. සදහටම එකිනෙකා කෙරෙන් වෙන් වූ මාර්ගයන් දෙකකට අවතීර්ණ වූවෝ ය. යළිදු මුහුණටම මුණ ගැසුණ ද ආගන්තුකයින් වන තරමට උන් උන්ගෙන් දුරස් වූවෝ ය.
2026-10-29 09:28:20
42
sachini.nawodya13
°Sᴀᴄʜɪɪ💙🔮🪄° :
වචන කොයින් ද ? ඔහු ගිය දා සිට මා ගොළු වීමි. හදෙහි උපන් පෙමට විස කටු ඇනෙන්නට දී එහි රුධිරය ගලා යනු දැක දැක ඒ මතින් ම ඇවිද ගිය ඔහු වෙනුවෙන් ලියමි✨️සිටිනා තැනක ඔබ සුවෙන් සතුටින් සිටිනු දැකීම මාගේ අවසාන ප්‍රාර්ථනාවයි ! ❤️
2026-10-30 20:14:49
5
kekeperera1
kekeperera1 :
එකම බ්ලැන්කට්ටුවක් යට උණුසුම බෙදාගත් ඔවුන්අවසානයේ එකම හිම පතනයක් මැද එකිනෙකාට ආගන්තුකයන් වූහ!!
2026-10-30 12:26:26
15
rora_nyx0
rora :
මන්දාකිනියක් උනත් , අන්තිමට නතර උනේ කළු කුහරයක් ළඟ නම් ???
2026-10-29 08:46:08
9
onali__pabasara
Sara🤍 :
"ඔයා මට දවසක් කිවා නේද ඔයා ඉර මන් හද කියල ඒත් ඇයි දෙවියනෙ ඔයාට මට කියන්න බැරි උනෙ ඉරයි හදයි කවදාවත් එකම අහසක පායන් නැ කියල එහෙම කිව්වනම් ඔයාව හදක් කරල මන් තරුවක්වත් වෙනවනෙ "🙂❤️
2026-10-29 14:57:51
95
__senoo__
Senaniᥫ᭡ :
එකම සිහිනයක වර්ණ තැවරූ ආත්මයන් දෙකක්, කාලයේ කුරිරු සරදමකට නතු වී දෙමංසලක නතර වී තිබුණි. කලෙක එකිනෙකාගේ හදවත් තුළ සදාකාලික නවාතැන් තැනූ ඔවුහු, අවසානයේ තම තමන්ගේ ලෝකවල තනිවම ජීවත් වීමට ඉරණම් ලැබූහ. පුදුමයකි! ඔවුන්ගේ ජීවිතවලට තවත් ප්‍රේමයක සෙවණැල්ලක්වත් වැටී නොතිබුණි. ඔහු තවමත් කිසිවකුගේ අතක පැටලී නොමැති අතර, ඇයද වෙනත් හදවතක උණුසුම සොයා ගොස් නොතිබුණි. එහෙත් ඒ තනිකම එකිනෙකා වෙනුවෙන් රැකගත් පොරොන්දුවක්ද, නැතහොත් අතීතයේ සුන්බුන් අතර අතරමං වූ හදවත් දෙකක අහඹු ඉරණමක්ද යන්න කිසිවකු නොදැන සිටියහ. එදා එකිනෙකාගේ නෙත් තුළින් අනාගතය දුටු ඔවුන්ට, අද එකිනෙකාගේ වර්තමානය පිළිබඳව පවා කිසිදු දැනුමක් නොමැත. එකම ප්‍රේමයක අයිතිකරුවන්ව සිටි ඔවුහු, අද එකිනෙකාගේ මතකයන්හි පමණක් ජීවත් වන ආගන්තුකයන් බවට පත්ව සිටියහ. ඉතින්,ප්‍රේමය මියගොස්ද? නැතහොත් කාලයේ නිහඬ සොහොන් ගැබක තවමත් අවසන් හුස්ම පොදි බඳිමින් සිටීද? අරුමය නම්, එකිනෙකාට හිමි නොවූ ඔවුන් දෙදෙනාම තවමත් වෙනත් කිසිවකුට හිමි වී නොතිබීමය. 🥀
2026-10-30 00:27:37
50
sunnyjhs91
SUNNY🌥️ :
මම ලස්සන පරාද වෙන්න ආසා කලා..ඉතින් මම ඔයා යන්න ආසම වීදියේ යතුරගුලු ඇරියා..
2026-10-29 08:44:09
69
To see more videos from user @unfiltered_quill, please go to the Tikwm homepage.

Other Videos


About