@waruni.dissanayak7: සන්ති හි භන්තේ භගවතෝ සාවකා, අරඤ්ඤේ වනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනෝ යේ ඉමස්මිං භගවතෝ පාවචනේ අප්පසන්නා. තේසං පසාදාය උග්ගණ්හාතු භන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්ප ශබ්ද ඇති, අල්ප හඬ ඇති, ජනයා අතරින් හමා එන සුළඟ නැති, මිනිසුන්ගේ පෞද්ගලික කටයුතුවලට යෝග්‍ය වූ, හුදෙකලා භාවනාවට යෝග්‍ය වූ, දුර ඈත අරණ්‍ය වනපෙත් සෙනසුන් සේවනය කරති. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයෙහි නොපැහැදුණු යම් බලසම්පන්න යක්ෂයෝ වෙත් ද, ඔවුහු ඒ සෙනසුන් පෙදෙස්හි වාසය කරති. ඔවුන්ගේ පැහැදීම පිණිස, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස, රැකවරණය පිණිස, හිංසා නොවනු පිණිස, පහසුවෙන් විසීම පිණිස ආටානාටිය ආරක්ෂාව ඉගෙන ගන්නා සේක්වා!” 3. අධිවාසේසි භගවා තුණ්හීභාවේන. අථ ඛෝ වෙස්සවණෝ මහාරාජා භගවතෝ අධිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි: භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව වැඩසිටීමෙන් ඒ ඇරයුම පිළිගත් සේක.ඉක්බිති වෙසමුණි දෙව්මහරජු භාග්‍යවතුන් වහන්සේ එම ඇරයුම පිළිගෙන ඉවසා වදාළ බව දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය ආරක්ෂාව පැවසුවේ ය. තෙරුවන් සරණයි! එන්න අපි නිවන් දකිමු 🌼 🌼 🌼 🌼 🌼 🌼

Waruni Dissanayake
Waruni Dissanayake
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 10:56:12 GMT
251
85
2
0

Music

Download

Comments

user0778278911
chamar prdeep :
budusaranai Sadu.sadu.sadu
2026-10-29 12:09:50
0
hashan.sharadha
Hashan Sharadha :
🙏🙏🙏🙏
2026-10-29 13:50:31
0
To see more videos from user @waruni.dissanayak7, please go to the Tikwm homepage.

Other Videos


About