@dilru6510: නුඹට හිමි වේවිද අවංක ප්‍රේමයක්…? නුඹ කළේ රැවටීමක් නොවෙයි… ආදරය නමැති පූජනීය හැඟීම මිනිසෙකුගේ පපුවක් තුළම මරා දමන නිහඬ ඝාතනයක්…! මම නුඹට ආදරය කළේ නුඹේ හෙට දවස ගැනත් මගේ හුස්මට වඩා නුඹේ සතුට ගැනත් හිතපු තරම් අවංකවයි… නුඹ වෙනුවෙන් හීන දකිද්දී මම දැනගෙන හිටියේ නැහැ… ඒ හීනවලට අයිති නැති කෙනා ඒ හීනවලම ජීවත් වෙන මාව දවසක කඳුළු අතර තනි කරාවි කියලා… නුඹට අමතක වුණාට, මගේ හිතට අමතක කරන්න බැහැ… නුඹේ එක වචනයකින් සැනසුණු දවස්, නුඹේ එක නිහඬකමකින් මුළු රැයක්ම මියැදුණු හැටි… මම නුඹෙන් ඉල්ලුවේ සඳ තරු පිරුණු අහසක් නොවෙයි… වෙනස් නොවන එක හිතක් විතරයි. ඒත් නුඹට ඒ පුංචි දේත් මගේ මුළු ලෝකයම කඩා වැටෙන තරම් බරක් වුණා නේද…? අද මම හඬන්නේ නුඹ මගේ නොවුණු නිසාම නොවෙයි… නුඹ මගේ වෙයි කියා විශ්වාස කරපු මගේම හිත ගැන මටම දුක හිතෙන නිසයි… ඉතින් නුඹට කියන්නම්… මගේ අවංකකම නුඹේ ජයග්‍රහණයක් නොවෙයි, මගේ ආදරය නුඹේ විහිළුවක් නොවෙයි… ඒවා මනුස්ස හිතක අන්තිම හුස්ම වෙනකම්ම රැකගන්න ඕනෑ වටිනාකම් දෙකක්… නුඹ අද මාව රිදවා වෙනත් හදවතක සැනසීම සොයා ගියත්, මතක තියාගනින්… හැම හදවතක්ම නුඹ වෙනුවෙන් මගේ හදවත වගේ ඉවසන්නේ නැහැ… කවදාහරි නුඹටත් නුඹේ මුළු ආත්මයෙන්ම ආදරය කරන හිතක් මුණගැසුණු දවසක, ඒ හිතේ අවංකකම ඉදිරියේ නුඹට නුඹේම අතීතය මතක් වුණොත්… අන්න එදාට මගේ නම මතක් කරගන්න අවශ්‍ය නැහැ… නුඹේ පපුව ඇතුළේ උපදින ඒ නිහඬ පසුතැවීමම මම විඳපු වේදනාවේ තරම නුඹට කියා දේවි… මට නම් නුඹව අහිමි වුණා… ඒත් නුඹට අහිමි වුණේ නුඹ වෙනුවෙන් තමන්ගේ හදවත වුණත් දෙවරක් නොසිතා පුද කළ එකම එක අවංක ආත්මයක්…! ඉතින් කියපන් නුඹම… මගේ හිතේ මිනීවළ මත නුඹේ සතුටේ මල් පිපුණත්, ජාති ජාතිත් අවංක ප්‍රේමයක් පතන නුඹට… නුඹ විසින්ම මරා දැමූ මේ අවංක ආදරයේ ශාපය නොව, එහි වටිනාකමවත් කවදාහරි හදවතින්ම තේරුම් ගන්න හැකි වේවිද…? 🥀� . . . . . . . #sadstory #breakup #status #tiktokpage #viralvideo
Dilru..❤️🔥
Region: LK
Thursday 29 October 2026 16:52:49 GMT
Music
Download
Comments
Dil ❤️ :
sansaretama ne... ethaam man widawanawa.💔🙏
2026-10-30 03:05:45
0
🍄🍓𝚃𝙴𝙳𝙳𝚈__𝚐𝚒𝚛𝚕🐉 :
❤️🩹
2026-10-29 22:40:36
0
චූටික්කි (vinu)❤️🍃🐼 :
🥺💔
2026-10-30 00:43:39
0
MalEshA🦅 :
😫💔
2026-10-29 19:50:47
0
♥️𝓝𝓔𝓣𝓗𝓤 🥹𝓫𝓪𝓫𝓱𝓪❤️🩹 :
♥️♥️♥️
2026-10-29 17:15:56
0
꧁★༺✮͢චූටී⚛.✮͢🦋✮͢.⚛දෝණී✮͢༻★꧂ :
🥺🥺🥺
2026-10-29 17:09:17
0
shanaya :
😳🥺💔
2026-10-30 01:10:16
0
To see more videos from user @dilru6510, please go to the Tikwm
homepage.