@sportsslmania: ලකුණු 128ක දැවැන්ත ඉලක්කයක් පන්දු 32කින් අළු කරමින් හොංකොං සික්සස් තරගාවලියේ ඉතිහාසය අලුත් කළ විෂේන් හලඹගේ! 💥🇱🇰 හොංකොං සික්සස් (Hong Kong Sixes) ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී කිසිවෙකු නොසිතූ ආකාරයේ විශ්මයජනක පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක විෂේන් හලඹගේ අමරණීය ජයග්‍රහණයක් රටට අත්කර දෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 6 තුළ ලකුණු 127ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ශ්‍රී ලංකාවට අතිශය අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙනවා. ලකුණු 128ක ඒ දැවැන්ත ඉලක්කය හඹා යන්න පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ අනිත් අන්තයෙන් එක පිට එක කඩුලු වැටෙද්දී, තනිවම සටන කරට ගත් විෂේන් හලඹගේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට හිතක් පපුවක් නැතුව ප්‍රහාර එල්ල කරනවා. තරගය අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යන්නට විෂේන් වැය කරන්නේ පන්දු 17ක් පමණයි. සමස්ත පන්දු 17 තුළ අදහාගත නොහැකි ලෙස ලකුණු 80ක් නොදැවී රැස් කිරීමට ඔහු සමත් වෙනවා. 470.58ක යුත් ප්‍රහාරාත්මක වේගයක් සටහන් වූ මේ අතිවිශිෂ්ට ඉනිමට හතරේ පහරවල් 3ක් සහ අතිදැවැන්ත හයේ පහරවල් 11ක් ඇතුළත් වුණා. හොංකොං සික්සස් ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹායාම ලෙස සටහන් වූ මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක තියුණු ජයක් ලබමින් තරගාවලිය අභිමානවත් ලෙස ආරම්භ කිරීමට සමත් වෙනවා. #VishenHalambage #HongKongSixes2026 #SLCricket

Sports SL Mania
Sports SL Mania
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 06:35:53 GMT
18084
1034
4
5

Music

Download

Comments

kavishkakumara466
kavishkakumara466 :
Halambage one man show 🔥🔥
2026-10-30 07:04:05
5
roshan_priyankara
Roshan_Priyankara :
❤️❤️❤️
2026-10-30 10:20:36
0
dilushikalakmalis
janaka :
[Red heart][Red heart][Red heart]
2026-10-30 08:57:37
0
nadeejakaumadi
nadeejakaumadi :
💪🔥♥️
2026-10-30 13:17:57
0
To see more videos from user @sportsslmania, please go to the Tikwm homepage.

Other Videos


About