@oshvi20: මතක ඇති කාලෙක මට මගේ තත්තා එක්ක සතුටු මතක කතා නැති උනත් චූටිම කාලේ අපි සතුටින් හිටපු හැටි ගැන ලාවට එහෙන් මෙහෙන් තියන මතක එක්කයි මං තාමත් ජීවත් වෙන්නේ. යාලුවෝ එයාලගේ තාත්තලා එක්ක කරන කියන දේවල් සතුටින් කියනකොට ඒ ඔක්කෝම අහන් ගෙදර ඇවිත් ඔහේ පිච්චි පිච්චි ඉන්න ගමන් මං කල්පනා කරන්නේ එකම ගෙදර ඉදගෙනත් මූනක්වත් නොබලා කතා නොකර ඉන්න තරමට මං කරපු වැරැද්ද මොකක්ද කියලයි. කොල්ලෙක්ට වගේ කෙල්ලෙක්ට ආදරේ හංගලා දීලා වැඩක් නෑ කියන මතේ මං ඉන්නේ. ආදරේ හින්දා එක එක දේවල් ගෙනත් දුන්න පලියට එක එක ඒවට වියදම් කරපු පලියට වැඩක් තියේද මූනක් නොබලා වචනයක්වත් කතා නොකර ඉන්නකොට. දවසේ විස්තර අහන්න, ආදරෙන් එක වචනයක් කතා කරන්න, හොයලා බලන්න වගේ පුංචි දේවල් ටිකක් ඇති කෙල්ලෙක්ට මුලු සසරක්ම නිවෙන්න. මට තාම මතකයි තාත්තා මං එක්කලා කතා නොකර ඉන්න පටන් ගත්ත කාලේ අම්මා ගාවට ආච්චි ගාවට සැරෙන් සැරේ ගිහින් අනේ තාත්තට මාත් එක්ක කතා කරන්න කියන්නකෝ කියලා අඩපු ඇඩිලි. ඒ කාලේ ඒ චූටි හිතට ඒක දරා ගන්න බැරි උනත් අද වෙද්දි ටිකක් දුරට මට මාව තාත්තා ඉස්සරහදී පාලනය කර ගන්න පුලුවන්. මොනම හරි ප්රශ්නයක් වුන ගමන් අනේ තාත්තටවත් මේක කියන්න පුලුවන් උනා නම් කියලා හිතෙන මට හිතෙන්නේම මට ඕන කිසිම වෙලාවක තාත්තා මගේ ලඟ ඉදියේ නෑ කියන එකයි. ඉල්ලුවොත් පණ උනත් දෙයි හැබැයි හිතිලා දෙන්නෝන ආදරේ බලෙන් ඉල්ලන් වැඩක් තියෙද? කොච්චර කතා නොකරත් මං ඕනම තැනක කියනවා මං හරිම ආදරෙයි එයාට. හැබැයි ඔය මොකාට කිවුවත් හිත හයිය කරන් මූනක් බලන් නම් මට කියන්න බැරි වෙයි ඒ ගැන තාත්තට. ඒම කියන්න උනොත් මැරෙන්න අඬයි මේ මම. #Oshvi #Osh
O🫀
Region: LK
Friday 30 October 2026 20:34:55 GMT
Music
Download
Comments
Saradie :
අවුරුදු ගානක් මට වචන කරගන්න බැරුව හිටපු දේවල් වචන වලින් ලියලා තියෙනවා දැක්කම
2026-10-31 06:06:16
194
Young Beat✨️🎶 :
මාත් මතක ඇති කාලෙක තාත්තගෙ ආදරයක් දන්නෙවත් නෑ...ඒ ආදරේ මොන වගේද කියන්න දන්නෙත් නෑ..ඒක අදටත් ජීවිතේ පුරවන්න බැරි හිස්තැනක්..තාත්තගෙ සුවද දන්නෙ නෑ..එයාගෙ උනුහුම දන්නෙ නෑ..එයාගෙ තුරුලෙ ඉදල නෑ..ආදරෙන් ඉලුව අතාගල නෑ...මහන්සි දවසට මහන්සිද ලෙඩක් හැදුනම බෙහෙත් ගත්තද දැං අඩුයිද අහල නෑ..දැනුම් තේරුම් තියන කාලෙක ඉදං ගෙදර ලොකු ලමය විදිහට තනියමම මගේ දේවල් කරගෙන තනියම අඩන තනිකම පිරිච්ච ලෝකයක් මේක...ඒත් තාත්ත දැං අසනීපෙන්..පුලුවන් උපරිම බලනව සලකනව කවනව පොවනව ඔලුව අතගානව..දවසක් එයයි අම්මයි රන්ඩු වෙනකොට එයාලගෙ රන්ඩු බේරන්න කියල මැද්දට ගිහිං කැත්තක් අරගෙන කොටන්න මං ඉදගෙන හිටපු තැනට ඇවිත් කැත්ත ඉස්සවා මතකයි...ඇයි කැති පාර වැදුන් නැත්තෙ බලද්දි එයා බැන බැන යනව...මං දන් නෑ මොන දේ කොහොම කොයි දේවල් කරත් මං ඇයි තාත්තට එච්චර ආදරේ කියල..ඒක අපේ පෙර පිං පවු මත ලැබෙන අහිමි වෙන දෙයක් කියල හිතනව..❤️🩹
2026-11-01 07:19:19
1
user46888241557161 :
අපේ තාත්තාගේ ඔළුවට විස පුරවලා අපේ ලස්සනට සතුටින් ගෙවිච්ච ආදරණීය පවුල භේද භින්න කරලා ඒ තිබ්බ ආදරය, සතුට නැති කරපු ඉරිසියාකාර මිනිස්සු ඔක්කොට ම මං වෛර කරනවා!🙂💔
දවසක තාත්තාට මේ හැමදේම තේරිලා අම්මායි මායි එක්ක හොඳින් අපි පොඩි කාලේ හිටියා වගේ නිතරම ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න දවස් ඉක්මනට උදා වෙන්න ඕනි අපිට🥺🧿✨
මේ ගෙවෙන්නේ අපි සතුටින් ජීවත් වෙන්න ඕනේම කාලේ🥺
තාත්තාට ඉක්මනට ම තේරෙන්න ඕන අපරාදේ අපි ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ඕනි කාලයක් තමයි මේ විනාශ කරගත්තේ දුෂ්ට මිනිසුන් නිසා කියලා🥺❤️🩹
අම්මයි මමයි ගොඩක් ආදරෙයි තාත්තේ ඔයාට🥺🩷♥️
2026-10-31 05:35:06
33
itsme.hi :
I hope he'll change 🙂
2026-11-01 10:06:04
2
kdamayanthi 🖤 :
hithe thiyena duaka ehen pitinma wachana karala...❤️😳🥹
2026-10-31 15:54:49
2
𝙳𝙸𝙻𝙷𝙰𝚁𝙰㋡_♡ :
මට නැතත් හැම ළමයෙක් ම තමන්ගේ තාත්තලා ළග හරි ලස්සනට ආදරේ විඳිනවා මන් දැක්කා
2026-10-31 08:30:40
74
cheezu_000 :
මන් හිතුවේ මට විතරයි කියලා.මගෙ කතාවෙන් භාගයක් ඔයාගෙ කතාවෙත් ලියවිල.ඇයි ගොඩක් කෙල්ලොන්ට මෙහෙම වෙන්නේ🙂💔
2026-11-01 14:28:56
2
Nishu"💋 :
එක ගෙදරක හිටියත් අද වෙනකම් "පුතේ" කියන වචනෙ අහලා නෑ ඒයාගෙන් 🙂💔
2026-10-31 05:03:35
93
Hɪʀᴀɴʏᴀ Sᴀɴᴊᴀʟɪᴇᴇ🍂 :
හරියයිද නැද්ද කියලනම් දන්නෙ නෑ ඒත් මේක දැකලා හිතේ තියෙන හැමදෙයක්ම ටයිප් කරලා යැව්වා බලයිද නැද්ද කියලවත් දන්නෙ නෑ මොකද එක ගෙදරක ඉන්න බැරි තරමටම මන් නරක කෙනෙක් වෙලා එයාලට 😊💔
2026-11-01 06:19:18
2
kavee Rathnayake 💗🪄 :
කාලයක් ඔහොම හිත හිත දුක් උනාට හැබැයි මන් ඒකට පුරුදු උනා. මන් අදටත් හිතන්නෙ එයා එහම තාත්තා කෙනෙක් නොවුනා නම් අද මේ ඉන්න තැන කෙලින් ඔලුව උස්සලා ඉන්න වෙන්නෙ නෑ. තනියම හැමදේම කරගන්න පුලුවන් කෙල්ලෙක් වෙන්නෙ නෑ ❤️🩹
2026-10-31 03:26:18
114
k e t h 🧿 :
Virtual hugs to all of you🥺🤍
2026-10-31 16:58:34
3
Gimhani🍒😍 :
මටත් මේ කතාවමයි තියෙන්නෙ 🙂 ආයෙ ඉපදෙන ආත්මෙක හොද ආදරයක් තියෙන තාත්තා කෙනෙක් ඉන්න පවුලක ඉපදෙන්න තියෙනවා නම්...🙂💔
2026-10-31 06:42:18
29
HappyHopie💜🐿 :
ඒක ඇත්ත. පොඩි වචනයක් වැරදුනොත් ආයේ මාස ගණන් හිතේ තියාගෙන කතා නොකර ඉන්නවා. මොකක් හරි ඇහුවත් ඇහුනෙ නෑ වගේ ඉන්නවා. එයා එහෙම ඉන්න දවස්වලට මට එයත් එක්ක කොහෙහරි යන්න හරි බයයි. මොකද එයා ට තැන අදාළ නෑ හයියෙන් කෑ ගහලා බනින්න පුළුවන්. මම කොච්චර වුනත් පිට මිනිස්සු ඉන්න තැන එයා ගැන නරකක් හිතෙන්නේ නැති විදිහට ඉන්න කොච්චර උත්සාහ කරන් එයාගේ තරහ එයාගෙ මුනෙන් හොඳට එයා පෙන්නනවා. තාත්තට හොඳට මතකයි මම එයාගේ හිත රිද්දපු ඒවා. ඒත් එයා කියපු කරපු දේවල් නිසා මම අඬපු දවස් ගැන දන්නේ මම ම විතරයි. එයා වෙනුවෙන් මුදලින් බැරිවුණත් වචනෙකින් හරි කරපු දේවල් එයාට මතක නැත්තේ ඇයි. හැබැයි, තාත්තා නොදන්න සහ නොදැක්ක එකම දේ එයා මට කොහොම සැලකුවන් මම එයාට හැමදාමත් ආදරෙයි😔💔
2026-10-31 06:08:11
19
🌸 Anu girl 🌸 :
මේ වෙලාවේ අප්පච්චි මාත් එක්ක කතා කරන්න ඉදියනම් බදාගෙන අඩන්න තිබ්බා හැම ප්රශ්නයක්ම අමතක කරලා...🙂❤️🩹
2026-10-31 06:34:41
14
Hansi 🎀 :
මන් වගේම අනිත් අයත් පිච්චෙනවා කියලා දැන ගත්තේ මේ වීඩියෝ එකෙන්🥺
2026-10-31 11:14:50
12
Spark__le58 :
දැනෙන්න දෙන්න ඕනේ ආදරේ හංගලා දීලා වැඩක්ම නෑ....මාත් හරි ආසයි එයත් එක්ක තුරුලුවෙලා කතා කරන්න...හැබැයි අනේ මන්ද මොකක්දෝ මන්දා දුරස් බවක් තියෙනවා...සල්ලි වියදම් කරලා අඩුපාඩු හොයලා කරාට ආදරේ කියන එක හංගලා දීලා වැඩක් නෑ...අනිත් යාළුවො එයාලගේ තාත්තලා එක්ක ඉන්න විදිහට මට දුකයි අනේ මගෙත් එක්ක එයා එහෙම නැත්තේ ඇයි කියලා....සියල්ල අවසානයේ ඒ සියලු බලාපොරොත්තු අත්හැරලා දැම්ම....🙂💔
2026-10-31 14:57:59
9
𝗧𝗵𝗮𝗻𝘂𝗱𝗶😭! :
🥺❤️🩹
2026-11-01 14:30:52
2
Misuki :
මේ song එක ඇහෙන වාරයක් පාසා නිකම්ම ඇස්වල කදූළු පිරෙනවා, අවූරුදූ ගානක අතීතේට යනවා.එහෙම එයාට මාව මගනොහැරුනානම් කියලා හිතෙනවා.මේ වචන බර වැඩි තාත්තගේ ආදරේ මගහැරුණූ ගෑනු ලමයෙක්ගේ හිතට 💔🥺
2026-10-31 05:06:18
16
᚛𝑻𝐡𝒊𝒔𝒖᚜🤍🔥 :
Man wage thawa aya innwa ned 🥺🙂❤️🩹
2026-10-31 11:08:11
6
YuKi 🥑💤 :
අනේ මේ කමෙන්ට් දැක්කම හරියට දුක හිතෙනවා 💔 මගෙ තාත්තා කවදාවත් මට නමින් කතා කරලා නෑ කට පුරෝලා මයෙ පුතේ කියලා විතරයි කියන්නෙ මන් කෙල්ලෙක් උනත් දුකක් සතුටක් දැනුන ඔනී වෙලාවක යෝද හෙවනැල්ල වගේ තාත්තා මගෙ පස්සෙන් ඉන්නවා 🤍 තාත්තා වැඩි පුරම කතා කරන්නෙ මාත් එක්ක පොඩ්ඩක් මට සැර කරත් මටත් වැඩිය දුක් වෙන්නෙ එයා මට උනක් හැදුනත් අම්මටත් වැඩිය කලබල වෙන්නෙ එයා 🥺 මේ හැම ලමයෙක්ටම මගෙ තාත්තා වගේ ලෝකෙ හොදම තාත්තව හම්බෙන්නම ඔනී අනිවාර්යයෙන් ❤️🩹🫂
2026-10-31 09:00:09
9
𝕾𝒽𝑒_𝓱𝒶𝓻𝒶 🌀✨ ' :
🙂❤️🩹
2026-11-01 03:09:18
3
A_Maya_Jayasinghe :
caption ek denna puluwan d🥺
2026-11-01 08:53:03
1
☃️✨️ HARSHI ✨️☃️ :
මේකේ කමෙන්ට් 🥺💔
හැම තාත්තම එක වගේ නෑ තමයි ඒත් වයිර නොකර ආදරේ කරන්න අද නමට හරි ජීවත් වෙලා හිටියත් දවසක නැති උනාම මුලු ගෙදරම මූසලයි වගේ දැනෙයි...💔 කතා නොකරට කේන්ති ගියාම බනින්න හරි ඉන්නවනම් නැති උන දවසක කාටද බනින්නෙ කියල හිතෙයි....🥺 පුතේ නොකිව්වට පේන්න හරි හිටියනෙ කියලා නැති දවසක කල්පනා වෙයි.......එයාලා කොහොම උනත් තාත්තා කියන වචනෙට හරි ආදරේ කරන්න තාත්තලා කවදාවත් ආදරෙයි කියන්නෙ නෑ....අපි ආදරෙයි කියන්නෙත් නෑ.....ඒත් එයාලා අපෙන් සදහටම ගිය දවසක ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා ආදරෙයි කිව්වත් තාත්තේ කිව්වත් වැඩක් නෑ එයාට ඇහෙන්නෙ නෑ....ඒ පසුතැවීමෙන් කවදාවත් මිදෙන්න බැරි වෙනවා......🥺💔✨️ඉන්නකම් තාත්තා කොහොම උනත් ආදරෙන් ඉන්න ආදරෙයි කියන්න ඔයාගෙ ආදරේ තාත්තට දෙන්න එතකොට එයා නිකන්ම වෙනස් වේවී 🥺✨️
2026-11-01 09:13:51
1
enaya.on.clouds :
ahenawata asa nathi sindu 🥲💔
2026-10-31 18:26:36
3
saviiii.r :
2026-10-31 15:31:55
2
To see more videos from user @oshvi20, please go to the Tikwm
homepage.