@yohanwikramage: ඔබ තවමත් ජීවත් වෙන්නේ අතීතයේද? අතේ තුවාලයක් වුණොත් ලේ ගලනවා, අපිට පේනවා, බෙහෙත් දානවා. ඒත් හිත ඇතුළෙ තියෙන තුවාල පේන්නේ නෑ. ගොඩක් අය හිතන්නේ කාලයත් එක්ක මේවා ඉබේම සනීප වෙයි කියලා. නෑ, කාලයට තුවාල සුව කරන්න බෑ. නිවැරදිව සුවපත් කළේ නැත්නම්, නොදැනුවත්වම ඒ නොසුව වූ තුවාල (Inner Wounds) ඔබේ මුළු ජීවිතයම පාලනය කරන්න පටන් ගන්නවා. * බොස් සැරෙන් කතා කරද්දී ගැහෙනවා නම්, ඔබ බය වෙන්නේ බොස්ට නෙවෙයි, පොඩි කාලේ සැර කරපු තාත්තාට (Emotional Flashback). * "මාව දාලා යයි", "මට කිසිම දෙයක් බෑ" කියලා හිතෙනවා නම්, ඒ පොඩි කාලේ ඇතිවුණු අතහැර දැමීමේ බය (Abandonment Wound). * ආදරේ නොකරන අය පස්සෙම දුවනවා නම්, බේබද්දෙක්ම කසාද බඳින්න හිතෙනවා නම්, ඔබ නැවත නැවතත් රඟදක්වන්නේ ඒ පරණ අතීතයමයි. * හේතුවක් නැතුව කොන්ද, බෙල්ල රිදෙනවා නම්, නින්ද යන්නේ නැත්නම්... සිතේ තුවාලය මුළු ඇඟ පුරාම තැන්පත් වෙලා. මොකද The Body Keeps the Score. මේ විෂම චක්‍රයෙන් මිදෙන්න නම් මේ තුවාලය තියෙනවා කියලා මුලින්ම පිළිගන්න ඕනෙ. පොඩි කාලේ නොලැබුණු ආරක්ෂාව, ආදරය නැවත ඔබටම ලබා දෙන්න ඕනෙ (Reparenting). මගේ පුද්ගලික කෝචින් සෙෂන්ස් (Coaching Sessions) වලදී Inner Child Healing හරහා පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන්නේ අන්න ඒ නිසයි. මේ සෙෂන් වලට සම්බන්ධ වුණු අය, ඒ රෙකෝඩින් එක දවසකට එක වතාවක් හරි රෑට ඇහෙන්න දාලා නිදාගන්නවා නම්... ඔබේ සුපහන් සිත (Subconscious Mind) ඔබ වෙනස් වෙන්න ඕන විදිහ පුදුම විදිහට ඔබට මග පෙන්වන්න පටන් ගන්නවා. අතීතයේ තුවාල ඔබේ වරදක් නෙවෙයි. හැබැයි ඒක සුවපත් කරගෙන අලුත් කතාවක් ලියන එක ඔබේ වගකීමක්. තුවාලය කියන්නේ ඔබේ මුළු ජීවිතය නෙවෙයි, එක පරිච්ඡේදයක් විතරයි! ජීවිතේ ලස්සනයි ❤️ ඉතින් හිනාවෙලා ඉන්න 🙂

𝔂𝓸𝓱𝓪𝓷 🤗
𝔂𝓸𝓱𝓪𝓷 🤗
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 08:35:00 GMT
59
8
1
0

Music

Download

Comments

maduwanthi194
Nishu :
🥰🥰🥰
2026-11-03 09:24:21
1
To see more videos from user @yohanwikramage, please go to the Tikwm homepage.

Other Videos


About