@unfiltered_quill: 🖋️ Authors, තවත් challenge එකක්! BEYOND THE LINES  තුන්වෙනි චැප්ටර් එක 180K+ views එක්ක comments  1000+ ක් වෙන්න තරම් අතිශයම සාර්ථකයි. ඔයාලගේ comments වලට, ඔයාලගේ ලියවිලි වලට ලැබෙන ප්‍රතිචාර ඔයාලට ඇස් පනාපිට පේනවා ඇති. ✨ මොනතරම් දක්ශ, original ideas and creativity එකක් තියෙන ඕතර්ස්ලා මේ platform එකේ ඉන්නවද කියන එක ආයේ ආයෙමත් අපිට ඔප්පු වෙනවා. ඒ නිසා මම හැම ඕතර් කෙනෙක්ටම කියන්න කැමතියි, ඔයාගේ කතාවට එක view එකක් තිබ්බත් කමක් නෑ දිගටම ලියන්න. මගින් හැරෙන්න එපා. කවදාහරි දවසක ඔයාට ලැබෙන්න ඕනි spotlight එක ලැබෙනවා. As long as your work is original, unique and high standard work.   ඒවගේම අපි ඒ හැම comment එකක්ම කියවනවා. අපි වගේම තවත් දහස් ගාණක් දෙනා ඒ comments කියවනවා. අපි වගේම Original work එකක වෙනස අඳුරන, unique work ලේසියෙන් අඳුරගන්න මිනිස්සු ඒ අතර ඉන්නවා. ඒ නිසා තවත් කෙනෙකුගේ වචන හොරකම් කරලා හංවඩුවක් ගහගන්න එපා. 😎 ඔයාලාගේ කතාවක තියෙන line එකක්ම වෙන්න ඕනි නෑ. අපේ challenge එකට ගැලපෙන විදිහට අලුත් lines නිර්මාණය කරලා comment කරන්න.  ඕතර් කෙනෙක්ම වෙන්න ඕනිත් නෑ. සමහර රීඩර්ස්ලා ඉන්නවා ඕතර්ස්ලටත් වඩා ලස්සනට ලියන. ඕනි කෙනෙක්ට මෙතන තමන්ගේ අදහස් අකුරු කරන්න පුලුවන්. ඉතින්, අදත් අපිව වචන වලින් වසඟ කරගන්න. අද challenge එක, "ඒකපාර්ශ්වික ආදරයක් නිසා විඳවන චරිතයක් ඒ ආදරයට සමුදෙන විදිහ එක පේලියකින් ඔයා ලියන්නේ කොහොමද?" Challenge එකට හොඳට අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. සමහර වෙලාවක තනි පේලියක impact එක රචනාවකට වඩා වැඩියි.😌 ඔයාගේ වචන වලින්ම ලියපු line එක commentsවල දාන්න.  අපිටත් ඔයාගේ ලෝකයට පොඩ්ඩක් එබිලා බලන්න ඉඩ දෙන්න. 🦋📖 කවුද දන්නේ?  සමහරවිට ඔයාගේ එක line එකක් කෙනෙක්ගේ ඊළඟ favourite author ව හොයාගන්න උදව් වෙයි. ✨ #unfiltered_quill #BookRecommendations #wattpadsrilanka #BookTok

Unfiltered_quill ᝰ🪶
Unfiltered_quill ᝰ🪶
Open In TikTok:
Region: LK
Tuesday 03 November 2026 15:20:40 GMT
61056
6467
657
186

Music

Download

Comments

chamod_miuranga
Chamod_Miuranga :
අයිති නොවුනත් ,වෙනකෙකුගෙ උවත්,මිය ගියත් මා,නොහැක අවසන් කරන්නට මා ඔබට කල ප්‍රේමය...මන්ද ඔබ නොදනි මා පෙම් කරන බව ❤️
2026-11-05 13:06:10
2
mad_dskyy
SKYY :
මගේ නොවන මගේම සොඳුර කියනවද මට, කර්ණිකා කෝශිකා කපාගෙන මළබැඳුනු පිහියකින් නුඹේ නම කෙටුව නුඹට නොපෙනෙන මගේ විසිරුණු හදවත, කවදාක හෝ සුවවෙයිද මැසුවොතින් කතිර මැස්මෙන් අරහෙට මෙහෙට..? -ස්කයි-
2026-11-03 15:54:41
542
user9712435921330
user9712435921330 :
අමතක කරන විදිය කියල දෙන්නකෝ ඒ හැගීම . එච්චරයි ඉල්ලන්නේ මේ ආත්මෙටම මන් නුඹෙන්.
2026-11-05 15:51:42
2
kim.luka.kca
LUKA :
"සේපාලිකා මලකට පුළුවන්ද තරුවකට පෙම් බඳින්න? බැහැ ලූකා, ඒක අයිති අහසටමයි"..ඉතින් මන් එදා ඒ තරුව දිහා බලන් ඉන්න එක නැවැත්තුවා. පුළුවන් කමකට නෙවෙයි, ඒත් ඒ තරුව තවත් තරුවකට ආදරේ කරනකොට මන් කොහොමද බලන් ඉන්නෙ?? ආදරනීය තාරකාව, ඉතින් එබැවින් නවතිමි... -මීට පාළුවෙන් තනි වෙච්ච සේපාලිකා මලක්- 🙂....
2026-11-03 23:01:39
182
denethmadhuka
deneth-madhuka :
ඉතිං අවාරයේ මට හම්බවෙච්ච ලස්සන මලට මං හරි ආදරෙයි.. 🌸 "හදින් පිටමං නොකරමී.."
2026-11-05 05:29:14
2
man_dy_be
Mandy ✍️ :
"මේ වතාවෙ, පෙරළා ආදරය ලැබීම කියන ඓතිහාසික සංකල්පය පැත්තකට කරලා, මනෙෂ්ක තනිව ම තමන්ව ම තෝරගෙන තිබුණා."
2026-11-03 17:56:03
132
mr_yusry_22
yusry :
කඩා වැටෙන බව දැන දැනත් ඒ හඳට පෙම් බැඳි තරුව නැවත පායන දවසක් එනකන් එකම ප්‍රාර්ථනයෙන්...
2026-11-05 12:45:02
2
n.m1625
N.M 🕊️🥀 :
බලන් හිටියා.. බලන් ඉන්නවා.. ඉස්සරහටත් ඉන්නවා.. ඇයත් එක්ක ඔබ යන දිහා..😮‍💨😩❤️‍🔥
2026-11-04 19:17:03
2
jazz_blue8
Jazz....🦋 :
නුඹ නමින් හදවතේ ශේෂව තිබූ අවසන් පැතුම ද පවනට මුසුකොට, නොහිමි ප්‍රේමයක් උදෙසා යළි එකදු කඳුළක් හෝ නොහෙළන්නට මා විසින් මා වෙතම වාරණ පැනවුවෙමි! -Jazz-
2026-11-03 16:29:32
125
ash.exe090
ash.exe090 :
මං ආදරෙයි ඔයාට ඔයා ආදරෙයි එයාට එයත් ආදරෙයි ඔයාට ඉතින් මං ආදරෙයි මට❤️‍🩹
2026-11-03 16:28:38
163
kimkoya_99
KimKoya99 :
ඉතින්, කෝපි මල් සුවඳයි... හැබැයි මට විදින්න පුළුවන් වුණෙත් ඒ මල් වල සුවඳ විතරයි..! 💔✨ ~ කිළණ (කෝපි මල්)
2026-11-03 15:48:39
93
naabi______
Naabi 🦋✨ :
"...මුළු ලෝකෙම අඳුරු කරලා දිලිසෙනවට වඩා හොඳයි, එළියත් නැති පේන්නෙත් නැති දවල් අහසෙ තරුවක් වෙලා කවදාහරි දවසක සැනසීමෙ මැරිලා යන එක මෞර්ය."
2026-11-03 16:11:42
50
sheyuu24
Shey🐰💗 :
කඩා හැලෙන බව දැන දැනම පපුතුර පුරා ප්‍රේමය පිදුවේ නුඹ අයිති කරගන්නටම නොව මන්ද, හැමදේටම වඩා මට වටිනාම දේ වූයේ නුඹේ නෙත් අග දිදුලන ඒ සතුට පමණක්ම වූ බැවිනි.🥀
2026-11-03 16:06:40
61
ama6946
Ama :
ආදරෙයි...❤️
2026-11-05 16:07:54
1
thathsarani642
𝑴𝒆𝒆𝒓𝒂 𝑮𝒊𝒓𝒍04>21..🐼💗 :
"අප්‍රකාශිත ප්‍රේමයේ නිහඬතම කලාකෘතිය එකපාර්ශ්වික ස්නේහයයි..."🥺❤️‍🩹
2026-11-04 11:51:59
31
chewandi
che🍷 :
කල්ප ගානක් හද දිහා බලාගෙන, හද ගාවින්ම හිටපු තරුවකට උනත් දවසක් එනවා, බලාපොරොත්තු ඉටු නොවීම නිශ්ශබ්දවම නිවිලා යන්න වෙන!! අද තමයි ඒ දවස!!
2026-11-03 15:50:30
33
thisismydestiny07
pxmrkive :
ඉතින් සඳවත, නුඹේ හීනයකවත් මට ඉඩක් නැති නම්, මම නින්දෙන්ම සමුගන්නෙමි.
2026-11-03 16:05:39
17
skibidi_writes123
_💥skibidi2.0💥_ :
" ඔහුගෙ " යන අකුරු තුනට ලියවුන, "මගේ" යන අකුරු දෙකට ලියවෙයි කියා සිතු ඩේසියාව ඉදින් අවසර නික්ම යන්නට..!💔 🍂Skibidi🍂. -ගොඩක් තදට හිතුවෙ නැහ් අද නම් අසනිපයි...එත් මෙ පෝස්ට් එක දැක්කම නිකන්ම ස්ක්‍රොල් කරන්න හිත දුන්නැහ්..🥹.....
2026-11-04 10:19:10
8
ash_i.i_
✨️ 𝖄𝖟.𝖘𝖍𝖆𝖉𝖔𝖜 ✨️ :
නුඹේ නමට මා ලියූ පරිච්ඡේදය කඩතොලු වීම නිසාවෙන් මා එය ඉරා විසි කිරීමට තීරණය කළෙමී...
2026-11-04 12:49:00
5
mihidi.himanshi
Mihidi Himanshi :
හැම ආත්මෙකම ඔයා කැමතිම කෙනා ඔයාට ලැබෙන්න ඕනේ හැබැයි එක ආත්මෙක ඒ කැමති ම කෙනා මම වෙන්න ඕනි💚
2026-11-04 07:41:19
7
leo___xo
LEO ツ :
උඹයි උඹෙ ආදරෙයි කල්පාන්තෙක හීනයක් මං දහවලෙත් පියවි සිහියෙන් දකින ! ඇරඹුමම කඳුලක් , අන්තිමට අපි අපි ගැනම දන්නා , අමුතු විදිහේ ආගන්තුකයන් උන !!! ❤
2026-11-03 20:20:03
45
ava_zoulyy6
Ava_Soulyy🧚‍♂️ :
නුඹේ හදවතේ මට ඉඩක් නොතිබුණු බව දැන දැනත්, මම සංසාරයක් තරම් දිගට නුඹ වෙනුවෙන් මල් පිපෙන්නට හැරියෙමි! එහෙත් සොඳුර, නුඹ දැන් මටත් වඩා ලස්සන අහසකට කෙසේ හෝ උරුමකම් කියා අහවරය. ඉදින්, නුඹේ සංකර ඇස් අද්දර මියැදුණු මගේ ප්‍රේමයට අද ෆෝමලින් තනු රිංගාද අවසන්ය. එසේ නම් මේ අවසන් කවියත් නුඹේ නමටම ලියා නික්ම යමි! මන්ද, එකම සොහොනක දෙවරක් හදවතක් මිහිදන් කළ නොහැකි බැවිනි!
2026-11-03 16:56:47
12
liya_woven
Liya_woven :
ඔයා නොදන්නවා වුනාට පපුව අස්සටම මුල් බැස්ස ආදරයක් උදුරලා විසි කරන්න තරම් මේ පණ අදින ආත්මයට හයියක් වුනේම වෙන කෙනෙක් ලඟ දිලිසුන නුඹේ ඇස් වල හීන් හිනාව..🥺♥️✨️
2026-11-03 18:52:21
5
ashpeiris
Ash_Peiris :
හැම කතාවෙම වගේ මගේ කතාවකට මලක් නෙවෙයි ඔයා. හැම කතාවෙම වගේ මගේ කතාවට ලස්සන පරිච්ඡේදයක් නෙවෙයි ඔයා. ඉරට ආදරේ කරන කණාමැදිරියෙක් වෙලා හිටපු කාලේ ඇති. දැන් ඉතින් පහන් දැල්ලකට හරි ළං වෙලා ආදරේ නාමෙන් ඇවිලිලා අළු වෙන්න හිතෙනවා...❤️🥺
2026-11-04 13:46:14
5
plumenocturne116
plume noire🥀 :
ඉවුරක් නොමැති මුහුදකට ජීවිතයම කැප කළ රළක් සේ, නුඹ කිසිදා මගේ නොවන බව දැන දැනත් මෙතෙක් කල් නුඹ වෙතම ඇදී ආ මම, අද මගේ අවසන් රළත් නුඹේ පාමුල බිඳී යන්නට ඉඩ දී මේ ආදරයට සමු දෙමි.
2026-11-03 15:33:18
35
To see more videos from user @unfiltered_quill, please go to the Tikwm homepage.

Other Videos


About