@ssc.cricket.offic: ⛔⛔⛔🏏🔥 ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලිය 2-2ක් ලෙස අවසන් වෙයිද? චෙටේෂ්වර් පුජාරාගෙන් අනාවැකියක්! ඉන්දියාව සහ නවසීලන්තය අතර නොවැම්බර් 04 වැනිදා ආරම්භ වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ඉතා තියුණු තරගාවලියක් වනු ඇති බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක චෙටේෂ්වර් පුජාරා පවසනවා. ඔහුගේ අනාවැකිය අනුව තරගාවලිය 2-2ක් ලෙස අවසන් වීමට ඉඩ තිබෙනවා. 🌧️ ඒ පිළිබඳව අදහස් දක්වමින් පුජාරා පවසා ඇත්තේ පළමු එක්දින තරග තුන සඳහා ඉන්දියාව එක් කණ්ඩායමක් යොදාගන්නා අතර අවසන් තරග දෙක සඳහා වෙනස් ඉන්දීය කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි. එම නිසා තරග පහ පුරාම එකම ඉන්දීය කණ්ඩායමකට මුහුණ දීමට නොලැබීම නවසීලන්තයට සුළු වාසියක් වනු ඇති බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් පළමු තරග තුනේදී ඉන්දියාව හොඳින් ක්‍රීඩා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, අවසන් තරග දෙක ඉන්දියාවට වඩාත් අභියෝගාත්මක විය හැකි බවත් පුජාරා සඳහන් කර තිබෙනවා. එමෙන්ම නවසීලන්තයේ නිතර ඇතිවන වර්ෂාපතනය හේතුවෙන් තරගාවලියේ එක් තරගයක් හෝ වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. 🌧️🏏 #CricketLK #NewZealandCricket #NZvIND #TeamIndia #IndiaVsNewZealand
SSC cricket official
Region: LK
Wednesday 04 November 2026 02:01:10 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @ssc.cricket.offic, please go to the Tikwm
homepage.