@hirunews: යුද ගැටුම අවසන් කිරීමට අමෙරිකාවට සහ ඉරානයට සාම ගිවිසුමකට එළඹෙන්නැයි කටාර් අගමැතිගෙන් ඉල්ලීමක් ඉරානයට අයත් හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි කේෂ්ම් දූපතට යළිත් මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර, පවතින යුද ගැටුම අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය කඩිනමින් සාම ගිවිසුමකට එළඹිය යුතු බව කටාර් අගමැති සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි ඉල්ලීමක් කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ, දෙරටටම සාමය සඳහා “පරිපූර්ණ මොහොතක්” එනතුරු බලා සිටීමට හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත්, කේෂ්ම් දූපතට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Saturday 07 November 2026 01:28:42 GMT
Music
Download
Comments
samsonplitheranas :
🙏🙏🙏🙏🙏🙏🙏 very good
2026-11-07 09:03:54
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.