@qlw_:

#A
#A
Open In TikTok:
Region: SA
Sunday 08 November 2026 08:26:04 GMT
888
53
0
5

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @qlw_, please go to the Tikwm homepage.

Other Videos

මාව මුනගැහුණු එක ඔයාගේ ජීවිතේ සිද්ධ වුණු නරකම දේ වුණානම්, මට සමාවෙන්න…!! 🥺❤️‍🩹 මම කවදාවත් හිතුවේ නෑ මගේ ආදරේ ඔයාට බරක් වෙයි කියලා. මම හිතුවේ මගේ ළඟ ඔයාට සැනසීමක්, ආරක්ෂාවක්, ආදරයක් තියෙයි කියලා. ඒත් සමහරවිට මම හිතපු විදිහට ඔයාට මාව දැනෙන්න නැතුව ඇති. මමත් වැරදි ඇති… ඔයා බලාපොරොත්තු වුණු විදිහට හැමදේම කරන්න මට බැරි වෙන්න ඇති. සමහර වෙලාවට මගේ වචනවලින් ඔයාගේ හිත රිදෙන්න ඇති. මගේ හැසිරීම් නිසා ඔයාට දුකක් දැනෙන්න ඇති. ඒ හැමදේකටම හදවතින්ම සමාවෙන්න. ඒත් එක දෙයක් මතක තියාගන්න… මම ඔයාට ළං වුණේ කාලය ගත කරන්නවත්, ඔයාගේ ජීවිතේට ඇවිත් තාවකාලික සතුටක් අරන් දෙන්නවත් නෙමෙයි. මම ඔයාව මගේ අනාගතයේ කොටසක් කරගෙනයි ආදරේ කළේ. පුළුවන් හැම වෙලාවකම ඔයාව සතුටින් තියන්න උත්සාහ කළේ ඒ නිසයි. ඔයාගේ පුංචි වෙනස්කමක් පවා මට දැනුණා. ඒත් ඒවා දැක දැකත් මම නිහඬව හිටියේ ඔයාව නැති කරගන්න තිබුණු බය නිසයි. සමහර දේවල් නොදැක්කා වගේ හිටියේ අපේ ආදරේ රැකගන්න ඕන වුණු නිසයි. අන්තිමේදී මට තේරුණා… කෙනෙක්ව කොච්චර ආදරෙන් ළඟ තියාගන්න උත්සාහ කළත්, ඒ කෙනාගේ හිතේ අපිට ඉඩක් නැති වුණොත් බලෙන් නවත්තගන්න බැහැ කියලා. මම ඔයාගෙන් කිසිම දෙයක් ආපහු ඉල්ලන්නේ නෑ. මගේ ආදරේට වටිනාකමක් දෙන්න කියලවත්, මාව ආයෙත් තෝරගන්න කියලවත් කියන්නේ නෑ. මට දුක එක දෙයයි… මම මගේ ජීවිතේ ලස්සනම හීන ගොඩක් එක්ක ළං කරගත්ත කෙනාට, මමම දුකක් වුණාද කියන එක විතරයි. ඉතින් කවදාහරි මාව මතක් වුණොත්, මම ඔයාට දුන්න දුක විතරක් මතක් කරගන්න එපා. මගේ අතින් පුළුවන් උපරිමයෙන් ඔයාට ආදරේ කළා කියන එකත් මතක් කරගන්න. මාව මුනගැහුණු එක ඔයාගේ ජීවිතේ නරකම සිදුවීමක් වුණානම්, මට සමාවෙන්න. මම නම් අදටත් ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ ජීවිතේට ලස්සනම දේවල් ලැබෙන්න කියලයි. මොකද මට ඔයාව මගේ ළඟ තියාගන්න බැරි වුණත්, ඔයා සතුටින් ඉන්නවා දකින්න තිබුණු කැමැත්ත නම් කවදාවත් බොරුවක් වුණේ නෑ… සමහර ආදර කතා අවසන් වෙන්නේ වෛරයකින් නෙමෙයි… තමන්ට වැඩියෙන්ම ආදරේ කරපු කෙනාගේ සතුට වෙනුවෙන් නිහඬවම ඈත් වෙන හිතකින්…!! 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About