@karafa059: Come check out my height and outfit🖤#oxford #leathershoes #dior #oxfordshoes #mensfashion

Karafa
Karafa
Open In TikTok:
Region: DE
Sunday 08 November 2026 09:30:53 GMT
2914
86
0
6

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @karafa059, please go to the Tikwm homepage.

Other Videos


ඔයා අද එයා ළඟින් ඉන්නවා කියලා මම දන්නවා. ඒත් ඒ හැම මොහොතකම ඔයාගේ හිතේ නිතරම මැවෙන රූපය මම කියලත් ඔයත් දන්නවා, මාත් දන්නවා. එයා ළඟ ඉන්න ඕන නිසා ඔයා එයා ළඟ ඉන්නවා. සමහරවිට ඔයාටත් ඔයාගේම අසරණකම් ඇති. ඔයාටත් හිතේ තියෙන හැමදේම කරන්න බැරි තරම් බැඳීම් ඇති. ඒත් දන්නවද, ඔයාට වඩා අසරණ මගේ හිතයි. මොකද ඔයාට මාව මතක් වුණත් ඔයා ළඟ කෙනෙක් ඉන්නවා. ඒත් මට ඔයාව මතක් වෙන හැම මොහොතකම මගේ ළඟ ඉන්නේ ඔයාගේ මතක විතරයි. ඔයා එයා ළඟ ඉඳගෙන ඉන්න අතරේ මම ඔයාගේ හිතේ කොහේ හරි පුංචි තැනක හරි ඉන්නවා ඇති කියලා හිත හදාගන්නවා. ඔයාගේ ජීවිතේ මට හිමි තැනක් නැති බව දැන දැනත්, ඔයා මගේ හිතේ කොච්චර ලොකු තැනක ඉන්නවද කියලා මටම තේරුම් ගන්න බැරි තරම් මම ඔයාට බැඳිලා. මම ඔයාගෙන් ඈත් වෙන්න හිත හදාගන්න හැම වාරයකම ඔයා මාව නවත්තනවා. ඒත් මාව නවත්තන ඔයාට මගේ හිත දවසින් දවස විඳින වේදනාව නවත්තන්න බැහැ. ඔයාට මාව නැති කරගන්නත් බැහැ, මාව ඔයාගේ කරගන්නත් බැහැ. ඒ අතරේ මම හැමදාමත් බලාගෙන ඉන්නවා. ඔයාගේ නොවුණත් ඔයාට ආදරේ කරන හිතක් අරගෙන, මටම නොතේරෙන බලාපොරොත්තුවක එල්ලිලා. ඒත් කමක් නැහැ... මම ඔයාට ආදරේ කළේ ඔයා මට හැමදේම දුන්න නිසා නෙවෙයි. මට ඔයාව අහිමි වෙයි කියලා දැන දැනත් ඔයාට ආදරේ කරන්න මගේ හිත පුරුදු වෙලා නිසයි. ඒ නිසා ඔයා වෙනුවෙන් මගේ හිතට දැනෙන හැම වේදනාවක්ම ඉවසන්නම්. ඔයා මට ළං වෙන්න පුළුවන් කියන දවසක් එනකම්, ඔයා කියන කාලයක් ඔයා ළඟින්ම ඉන්නම්. සමහරවිට මට ඔයාව සම්පූර්ණයෙන්ම අයිති කරගන්න බැරි වෙයි. ඒත් ඔයා මාව අතහරින්න එපා කියන තාක්කල් මම ඔයාගෙන් ඈත් වෙන්නෙත් නැහැ. මොකද අන්තිමේදී මට ඕන ඔයාගේ ජීවිතේ හැමදේම වෙන්න නෙවෙයි... ඔයාගේ හිතේ මැවෙන ඒ එකම රූපය වෙලා හරි හැමදාමත් ඉන්න විතරයි. 💔🥀 "දෙන්නෙක්ටම ආදරේ කරන හිතක් ඇත්තටම ආදරේ කරනවද, නැත්නම් එක්කෙනෙක්වවත් අහිමි කරගන්න බැරි ආත්මාර්ථකාමීකමක්ද?" 💔🥀එයාට පේන්න Repost කරන් යන්න...🥰 හිතේ සැඟවුණු කතා… 🖤 welcome to my hidden chapter. 🌙 #fyp #sinhalaqoutes #viraltiktok #foryourpage #sinhala

About