@hirunews: භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර අභිමතයට කළ නොහැකියි: ඥානසාර හිමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් මාංචු සහිතව අධිකරණයට රැගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු වන බී. ඒ. රත්නපාල විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. බෞද්ධ භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම බන්ධනාගාර පරිපාලනයේ අභිමතයට පමණක් කළ නොහැකි බව එමගින් පෙන්වා දී තිබෙනවා. එසේම බන්ධනාගාර පනතේ 156 (2) අනුව සිරකරුවන් ගේ ජායාරූප ගැනීම, ඒවා ප්‍රසිද්ධ කළ නොහැකි බවත් පෙත්සමෙහි සඳහන්. එම කරුණුවලට පටහැනිව යමින් ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ. එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12 සහ 14 (1) යන වගන්ති මගින් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. එම හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් නීතියට අනුකූලව කටයුතු කරාද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවකදී සහ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී එම හිමියන්ට චීවරය දැරීමට අවසර ලබා දෙන ලෙස බල බන්ධනාගාර නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා. මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ නීතිඥ දර්ශන වේරදුවගේ මගින්. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 06:52:09 GMT
1989
53
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About