@hirunews: ශ්‍රී ලාංකික මඟපෙන්වන්නෙකු බෝට්ටුවෙන් මුහුදට තල්ලු කළ වීඩියෝව ආන්දෝලනයට: "ඒක විහිළුවක් විතරයි" – ඊශ්‍රායල සංචාරකයින් කියයි මෙරට සංචාරය කරමින් සිටි ඊශ්‍රායල ජාතික සංචාරකයෙකු විසින් ශ්‍රී ලංකික සංචාරක මාර්ගෝපදේශකයෙකු බෝට්ටුවකින් මුහුදට තල්ලු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා. රුසියානු මාධ්‍ය ආයතනයක් වන 'ආර්.ටී.' (RT) විසින් බෙදාගත් මෙම දර්ශනවල දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ බෝට්ටුවක ගමන් කරමින් සිටි ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් අතරින් එක් අයෙකු, බීම අනුභව කරමින් සිටි සංචාරක මාර්ගෝපදේශකයා හදිසියේම ජලයට තල්ලු කරන ආකාරයයි. මෙම සිදුවීම අන්තර්ජාලය තුළ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, බොහෝ දෙනෙක් සංචාරකයින්ගේ හැසිරීම සහ දේශීය මාර්ගෝපදේශකයාට සලකන ආකාරය පිළිබඳව සිය විරෝධය පළකර තිබෙනවා. මෙම වීඩියෝව ජනතාවගේ අවධානයට ලක් කළ ඊශ්‍රායල ජාතික පුවත්පත් කලාවේදියෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩැනියෙල් අම්රාම් (Daniel Amram) පසුව අදාළ සංචාරකයින්ගේ පැහැදිලි කිරීම ද බෙදාගෙන ඇති අතර, අම්රාම්ට අනුව, මෙම සිදුවීම විහිළුවක් බවත්, සංචාරක මාර්ගෝපදේශකයා මෙම ප්‍රහසනය ගැන දැන සිටි බවත්, ඊට හවුල් වී සිටි බවත් සංචාරකයින් පවසා ඇති බවයි සඳහන්. එසේම, මාර්ගෝපදේශකයා අපකීර්තියට පත් කිරීමේ හෝ අවමන් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවත්, ඔහු තුවාල ලබා නොමැති බවත් ඔවුන් අවධාරණය කර ඇති බවත් ඔහු සඳහන් කළ බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. "මෙය විහිළුවක්, සේවකයා හොඳින් සිටිනවා, එය නරක අභිප්‍රායකින් කළ එකක් නොවෙයි" යනුවෙන් සංචාරකයින් පවසා ඇති බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Hiru News
Region: LK
Monday 09 November 2026 08:30:28 GMT
Music
Download
Comments
surangi wk :
ඒක විහිළුවක් කියලා අත්හරින්න එපා නීතිය යටතේ දඩුවම් දෙන්න ඕනේ
2026-11-09 09:44:37
195
dilani :
සංචාරකයන්ටත් නීතීමාලාවක් තියෙන්ඩ ඕන. එයාලට ඕන ඕන විදියට හැසිරෙන්ඩ බෑනේ අනුන්ගේ රටකට ගිහින් . ඒ මනුස්සයට මොකක් හරි උනානන් විහිලුවට කියලා ඇග බේරගන්ඩ පුලුවන්ද
2026-11-09 10:43:02
81
nilu :
හොද විහිළුව. ලංකාවේ කෙනා ඕක කරානම් විහිළුවක් කියයි ද
2026-11-09 11:51:30
77
Dishani :
ඒ මනුස්සයා මැරෙන්න වුනත් තිබ්බා
2026-11-09 16:23:39
0
slcryptohunt :
උන්ට හැම දේම ව්හිලු
2026-11-09 09:56:54
24
T ❤️❤️A :
විහිලුවක් වෙන්නෙ කොහොමද
2026-11-09 13:04:47
1
Tilaka.. :
එක හොද විහිළුව 😡
2026-11-09 11:00:47
28
lonly :
විහිලුවක් කියල උන්මනෙ කියන්නෙ.
2026-11-09 10:28:10
8
Asly💤 :
Script bn
2026-11-09 11:42:53
0
Bihandu Hansana :
2026-11-09 09:24:53
18
Tironi Jahnsen :
2026-11-09 16:28:43
0
♏️ :
Israel neh... aye ahala wadak na
2026-11-09 11:09:40
20
ACED :
Israel un ohommai🥴
2026-11-09 11:44:34
12
Harsha Hewawasam 🇦🇺 :
If they are tourists they have to respect Sri Lankans and the country. This is unacceptable and need to take an action against them 😡
2026-11-09 10:29:31
19
මං හැලයා බං :
lankawe eka thallu karanam balanna thibba 😂🙏
2026-11-09 11:43:09
5
<|Cʟᴀᴜᴅʏ 🗣️ 🥤 :
ඒක wihiluwak නම් ඔතනින් එකෙක් paninanawa වැටුණා eka ගොඩ ගන්න
2026-11-09 10:21:52
12
Rashidu Dilsara :
2026-11-09 09:54:43
11
zShone 🇱🇰 🇨🇦 🍁 :
අපිටත් පුලුවන්ද ඔය වගේ විහිළු කරන්න එයාලට එයාලගේ රටේ? එක අතකට අපේ එකෙක්ට අපේ රටේදිම මෙහෙම උන එකත් හොඳයි මුන්ගෙ ඇත්ත ස්වරූපය පේන්න
2026-11-09 16:15:04
1
user8859285276838 :
Israel don't know how to respect people
2026-11-09 12:55:47
2
kumusanga :
munea genna narakaii.. kisims ratakata...
2026-11-09 10:43:54
2
buddhist.avi☸ :
පිහියෙන් ඇනලා විහිලුවට කරේ කියන්න
2026-11-09 13:55:55
0
Zeyra :
shook wihiluw ehnm api dn eytth ekm krmu 😌
2026-11-09 12:08:03
0
METAL CARDS LK :
no its is not it's no a joke
2026-11-09 13:13:53
0
Kaveen|කවීන් :
😡😡😡
2026-11-09 12:19:13
1
VK :
@bunny
2026-11-09 13:32:35
0
To see more videos from user @hirunews, please go to the Tikwm
homepage.