@hirunews: පැණි රසට වැල නොකැඩී ආපු මී මැස්සන් - කඩේට ලක්ෂ 2ක පාඩුවක් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ෆතේහාබාද් ප්‍රදේශයේ රසකැවිලි වෙළෙඳසලකට මී මැස්සන් රංචුවක් කඩා වැදීමෙන් එහි හිමිකරුට ඉන්දීය රුපියල් ලක්ෂ 2ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. දීපාවලි උත්සවය වෙනුවෙන් විශේෂ රසකැවිලි අලෙවි කිරීම සඳහා වෙළෙඳසල ඉදිරිපිට සකස් කර තිබූ අමතර අලෙවි ස්ථානයකටයි මෙලෙස මී මැස්සන් රංචුවක් පැමිණ ඇත්තේ. සීනි පැණිවලින් ආවරණය කළ රසකැවිලිවල සුවඳට ආකර්ෂණය වූ මී මැස්සන් විශාල රංචුවක් එම රසකැවිලි මතට පැමිණ ඒවා ආහාරයට ගැනීමට පටන්ගෙන තිබෙනවා. මෙම හදිසි සිදුවීමත් සමඟ වෙළෙඳසල අවට කලබලකාරී තත්ත්වයක් ඇතිවී ඇති අතර, මී මැස්සන්ගෙන් ආරක්ෂා වීම සඳහා පාරිභෝගිකයන් ද වෙළෙඳසල වෙත ළඟා නොවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 09 November 2026 18:53:30 GMT
1533
32
1
0

Music

Download

Comments

1000x018
🐼°පැන්ඩා~✨ :
2026-11-10 06:19:22
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About