@edgarkonguquen:

edgar
edgar
Open In TikTok:
Region: VN
Monday 09 November 2026 20:22:42 GMT
117
1
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @edgarkonguquen, please go to the Tikwm homepage.

Other Videos

මීට වසර ගණනාවකට පෙර එනම් 2016 සැප්තැම්බර් 05 වන දින, සුදේෂ් වීරසූරිය නැමැත්තෙකුට අයත් ගරාජයක නවතා තිබියදී මෙම මෝටර් රථය FCID භාරයට ගන්නා ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයක් භාවිත කරමින් 2010 වසරේදී මෙම සුඛෝපභෝගී වාහනය නාමල් රාජපක්ෂ මහතා විසින් ආනයනය කර, එය වසර පහක් පැදවූ පසු ඔහු විසින් මෙම රථය කඩුවෙල ප්‍රදේශයේ ඩබ්ලිව් එම් ශාන්තිනි මහත්මියට එනම් එහි හිමිකරු වන හර්ෂණ සිල්වාගේ මෑණියන්ට රුපියල් මිලියන 8.5 කට අලෙවි කර ඇත. මෙම මෝටර් රථයේ තොරතුරු පහත දක්වා ඇත. Vehicle Registration Number : KS-2929 Engine Number : X20100818012519 Model : FORD MUSTANG SHELBY GT500 P8J Year of Manufacture : 2010 චෝදනා ලැබූ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා කියා සිටියේ අදාළ වාහනය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ දිරාපත් වෙමින් පවතින බැවින් එය අයිතිකරුට ලබා දෙන ලෙසයි. ඒ අනුව එය මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කලේය. එමෙන්ම, මෙතෙක් නාමල් රාජපක්ෂ මහතාගේ නම සැකකරුවෙකු ලෙස සඳහන් කර නොමැති බැවින් අවශ්‍ය නම් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ හැකි බව නීතිඥවරයා පැවසීය. ඉන්පසුව 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී, වාහනය නිල වශයෙන් නීත්‍යානුකූල හිමිකරුවා වෙත භාර දෙන ලදී. තවද මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ හර්ෂණ සිල්වා මහතා අහිංසක පුද්ගලයෙකු බවත්, ඔහු ව්‍යාපාරිකයකු වන අතර ඔහු තමන්ගෙන් එම රථය මිලට ගත් බවයි. එමෙන්ම මෙම රථය අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාර අයිනේ නවතා තබා එය දිරා අබලි වී ඇති බැවින්, FCIDය විසින් එම රථය සාදාගැනීමට වන්දි මුදලක් එහි අයිතිකරුට ලබාදිය යුතු බවයි. එමෙන්ම මෙම රථය විකිණීමට පෙර රතු සහ සුදු වර්ණයෙන් වර්ණ ගන්වා තිබු අතර එම රථය හර්ෂණ සිල්වා මහතාට විකිණීමට පෙර මෙම රථයේ වර්ණය අළු සහ රතු පැහැති වර්ණයකට මාරු කර ඇත. මන්ද, හර්ෂණ සිල්වා මහතාගේ නීතිඥවරයා මාධ්‍යවේදීන්ට පැවසූ පරිදි KS-2929 රථය හර්ෂණ සිල්වා මහතාට නාමල් රාජපක්ෂ මහතා අලෙවි කල බවත් මෙම රථය නිත්‍යාණුකූලව ලියාපදිංචි වී ඇති බැවින් එය නිත්‍යාණුකූලව ඹ්නෑම පුද්ගලයකුට පැවරිය හැකි බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ තම සේවා දායකයා වන හර්ෂණ සිල්වා මහතාට FCIDය විසින් මෙම රථය ඔහුට නොව නාමල් රාජපක්ෂ මහතාට අයත් එකක් බව ප්‍රකාශ කිරීමට බල කර තිබුණු බවයි. නීතිය කාටත් එක හා සමානව තිබිය යුතු වුවත්, මෙම සිද්ධියෙදී දේශපාලන පලිගැනීම් හෝ පෞද්ගලික තරහ මත මෝටර් රථයකට මෙවැනි විපතක් සිදුකිරීම සාධාරණ නැත. එමෙන්ම ඔබට මෙහි තිබෙන මෝටර් රථ දෙක දැකලා පුරුදුයි වගේ නම්, ඔව් එය එසේ විය යුතුයි. මන්ද, මෙහි තිබෙන Shelby GT 500 රථය නාමල් රාජපක්ෂ මහතාගේ වන අතර (KS-2929) මෙම මෝටර් රථය නිත්‍යාණුකුලව ලියාපදිංචි කර තිබුණි. නමුත් මෙහි තිබෙන Nissan GTR R35 රථය රෝහිත රාජපක්ෂ මහතාගේ වන අතර, මෙම (KE-1391) අංකය දරණ ව්‍යාජ අංක තහඩුව සහිත Nissan GTR R35 මෝටර් රථය දැනට රාජ සන්තක කර, ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇත. මෙම වීඩියෝව නරඹන අතරතුර ඔබට දැකගත හැකි වන්නේ, දැවැන්ත රේස් කාර් දෙකක් අතර ගැටුමකි. එනම් Shelby GT500 Super Snake (අශ්ව බල 840) සහ Skyline R33 GTR රථ දෙක අතරයි. මෙය 2014 වසරේදි පටිගත කරන ලද්දකි. දිනය: 2014 අගෝස්තු 24 ස්ථානය: කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර, කළුතර, ශ්‍රී ලංකාව. ධාවන දුර: මීටර් 400 ක් පමණ. මෙම රථය රෝහිත රාජපක්ෂ මහතා කටුකුරුන්දේ පැවති (2WD Open Class) යටතේ දළ වශයෙන් අශ්වබල 840ක බලයක් උත්පාදනය කරන අධික අශ්වබලයක් සහිත (Shelby Mustang GT500 Super Snake) රථය පැදවීය. එමෙන්ම (Nissan Skyline R33 GTR) රථය ඉර්ෆාන් ෆුවර්ඩ් මහතා ඉහළ පෙළේ කාණ්ඩ යටතේ තරඟ කළේය. එමෙන්ම මෙම Shelby GT500 රථය පිළිබඳව ඇතැමුන් විවිධ මත දක්වන අතර, සමහරුන් පවසන්නේ මෙම රථය ලංකාවේ නැවත යථා තත්වයට පත්වෙමින් ඇති බවත්, තවත් සමහරුන් පවසන්නේ මෙම රථය දැනට (Dubai-UAE) රටේ ඇති බවයි. කෙසේ වෙතත් හරි ආකාරවම මෙම රථය දැනට තිබෙන්නේ කොතනද? යන්න මටද ප්‍රෙහෙලිකාවකි. කෙසේවෙතත් මෙම රථය අයිතිකරුට නිදහස් කල පසු මෙම රථය මම කොහේදීවත් දැක නැත. මෙම රථය ගැන මීට වඩා සවිස්තරාත්මක වර්තමාන තොරතුරු දන්නෙකු සිටීනම් Comment Section එක ඔබට බාරයි. #srilankan_tik_tok🇱🇰 #ks2929 #viralvideo🔥 #shelbymustang #onemillionaudition

About