@hirunews: 1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීමට ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නව ගිලන් රථ 100 සපයා ගැනීමට හැකිවන පරිදි මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇති බවයි කැබිනට් තීරණ වාර්තාවේ සඳහන්. අදාළ මූල්‍ය ප්‍රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වර්ෂයේදී ආරම්භ කරන ලද 1990 සුවසැරිය සේවාව 2018 වර්ෂයේදී දිවයින පුරා ව්‍යාප්ත කෙරුණා. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවාව මගින් දිනකට රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර ප්‍රමාණයක් හැසිරවෙන අතර, එම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9ක පමණ දුරක් ධාවනයේ යෙදෙනවා. #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 10 November 2026 09:09:30 GMT
1168
33
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About