❤️👑𝗾𝘂𝗲𝗲𝗻 𝘀𝗴👑❤️ :
11:11 ✨🌍💗
අද 11:11 නේ...
මං ඇස් පියාගෙන Universe එකෙන් ඉල්ලන්නේ එකම දෙයක් නෙමෙයි, හැමෝටම හොඳක් වෙන්න කියලා 🥹✨
මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි, හැමෝම හැමදාම නිරෝගීව, සතුටින් ඉන්න ඕනේ ❤️එයාගේ පවුලේ අම්මා, තාත්තා, හැමෝමත් හැමදාම ආරක්ෂාවෙන්, සතුටින් ඉන්න ඕනේ 💗
අපේ පවුල් දෙකටම කිසිම කරදරයක්, දුකක්, ලෙඩක් එන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏✨
විශේෂයෙන්ම අද ලෙඩ රෝග වලින් පෙලෙන හැමෝටම...
රෝහල් වල ඉන්න, ගෙදර ඇඳට වෙලා ඉන්න, වේදනාවෙන් ඉන්න හැම අහිංසක ජීවිතයකටම ඉක්මනින් සුව වෙන්න ඕනේ 🥺🙏
එයාලගේ වේදනාව නැති වෙලා, ආයෙත් හිනා වෙලා, ආයෙත් නැගිටලා යන්න ලැබෙන්න ඕනේ. එයාලව බලාගන්න අයටත් හිතට ශක්තිය ලැබෙන්න ඕනේ 🥹💗
කාටවත් ලෙඩක් නිසා අසරණ වෙන්න එපා, කාටවත් බෙහෙතක් නැතුව දුක් විඳින්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා ✨
මේ ලෝකේ ඉන්න හැමෝටම...
දුකින් ඉන්න අයට සතුට, බඩගින්නේ ඉන්න අයට කෑම, තනියම ඉන්න අයට ආදරේ, හීන හොයන අයට එයාලගේ හීන ලැබෙන්න ඕනේ 🌍💗
Thank you Universe ✨
හැමෝම ආරක්ෂා කරන්න, හැමෝවම සුවපත් කරන්න, හැමෝටම ආදරේ දෙන්න 🙏✨🌍💗
11:11 - මගේ ප්‍රාර්ථනාව හැමෝටම 💗
2026-11-11 06:08:44