@thariiis96z: ටිං! ස්ටාෆ් රූම් එකට ඇතුල්වෙද්දිම ආපු මැසෙන්ජරේ සද්දෙට එක පාරටම මාව හීතල වෙලා පපුව අස්සෙ හිස් තැනක් කිතිකැවෙනවා වගේ දැනුනා. 'කෑවද?' කන්න තියා වතුර ටිකක්වත් බොන්න බැරි බිසී දවසක මං හිර වෙලයි හිටියේ. චැට් එක ඕපන් කරල මං ටයිප් කලා. 'මං කිව්වනෙ මං ගැන මෙහෙම හොයන්නෙපා කියල. අපේ යාලුකමටත් මේක අවුලක් වෙනව' දෙපාරක් නොහිතා මං ඒක යැව්වා. එයා ටයිප් කරන්න පටන් ගත්තා. 'කෝල් එකක් ගන්නද?' ඒ පුංචි මැසේජ් එකට මාව ආයෙත් හීතල උනා. මං හිතුවා හරි. ෆෝන් එක රිං වෙන්න ගත්තා 'කියන්න' 'තරහ වෙන්න දෙයක් උනාද බං ඉතිං?' 'කෝ කතා කරන්නකො. අපිට ටී බ්‍රේක්. කෑවද? වැඩද?' මං සයිලන්ට් හිටපු නිසා වෙන්නැති එයා ආයෙම කතාකලා. 'මං මේ කරන දේ වැරදියි නිම්න' එයා සද්දයක් නෑ. 'හෙලෝ?' මං සද්දෙන් කතාකලා. 'මාව එහෙම අතෑරල දාන්න පුළුවන්ද ඕයි...? ඔයාට මෙච්චර ලව් මාව?' එයාගෙ ප්‍රශ්නෙට මං ගාව උත්තර තිබුණේ නෑ. 'පිස්සුද බං මට මෙහෙම කරන්නෙ? මං තව මාස හයකින් බඳිනවා. තමුසෙ ඒක දැනගෙනත් ඇයි මෙහෙම...?' මං එක හුස්මට කියාගෙන යද්දි එයා මහ හයියෙන් හිනාවුණා. ' ඉතිං උඹ තාම බැඳල නෑනෙ. තව මාස හයක් තියෙනවනෙ. මේ මට ඒව වැඩක් නෑ. මං උඹට ලව් ඉතින්. මං හිතේ තිබ්බ එක කිව්වෙ. උඹ කැමති දෙයක් තීරණය කරපං...' මට අවසරයක් නොතියාම එයා කියවගෙන ගියා. 'මං අද හාෆ් ඩේ එකක් දැම්ම. කීල්ස් එක ළඟට එනව ඔයා ඕෆ් වෙන වෙලාවට. වචනයක් දෙකක් තියෙනව කතා කරන්න. එන්න. මං බලන් ඉන්නවා. බායි. ' මට හුස්මක් ගන්නවත් ඉඩක් නොතියා එයා ලයින් එක කට් කළා. ඉස්කෝලෙ ඇරිල මං කීල්ස් එක ගාවට ගියා. ඉස්කෝලෙ ලඟින් බස් එකට නගිද්දි සහන්ගෙන් මට මැසේජ් එකක් ආවා. උදේ දාපු එකට රිප්ලයි එක. 'මං මීටින් එකක...' මං මැසේජ් එක රීඩ් කරලා රිප්ලයි නොකර ෆෝන් එක බෑග් එකට දාගත්තා. මං එතනට ගිහින් පැය කාලක් වගේ යද්දි එයාගෙ බයික් එක ඇවිත් පාකිං එකට දැම්මා. 'ඇවිත් ගොඩක් වෙලාද?' හෙල්මට් එක අතේ අරන් එන ගමන් එයා ඇහුවා. අම්මේ මේ මිනිහ තවත් උස ගිහින්ද කොහෙද! නිම්නව දැක්ක ගමන් මට කල්පනා උනේ ඒක. මොනාද දැන් කියන්න තියෙන්නෙ කියනවකො' මං කෙලින්ම ප්‍රශ්නෙට බැස්සා. 'සාරිය ලස්සනයි' මං හිනා වුනා. 'හිනා වෙන්නෙ? නගිනවකො බයික් එකට. අපි යං ෆැබ් එකට' 'බෑ' 'මේ ඕයි. ලව් කරන්න නෙමෙයි යං කිව්වෙ. කතා කරන්න. මෙන්න මේ නැගපන්' මහ හයියෙන් එහෙම කියාගෙන එයා හෙල්මට් එක දාන ගමන් බයික් එක පැත්තට ගියා. පේස්ට්‍රි දෙකක් එක්ක අයිස් කෝපි දෙකක් අරගෙන අපි පාර හොඳට පේන තැනක ගිහින් ඉඳගත්තා. 'හරි. දැන් කතා කරමු' එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කතාකරන්න ගත්තා. 'අද මාව හම්බෙන වගක් සහන් දන්නවද?' 'පිස්සුද මිනිහෝ?' එයාට හිනා. 'මං කෙලින්ම කියන්නම්. මට මේ වෙලාවෙ ඔයාව අතෑරිය කියන්නෙ සදහටම අතෑරෙනව කියන එක කියල මං දන්නව. මං ඔයාට ආදරෙයි. ඒත් මං කල්පනා කලා. ඔයා දැන් මට ලොස්ට්. නේද? අනික උඹේ හොඳම යාලුවෙක් විදියට මං දන්නව උඹ කවදාවත් කොල්ලට චීට් කරන කෙල්ලෙක් නෙමෙයි වග' 'ඉතින් මං අද ආවෙ මේක ඉවරයක් කරන්න. දැන් මං මගේ හිතේ තියෙන දේ ඔයාට කියලත් තියෙන නිසා, මට ඔයාගෙ යාලුවෙක් වගේ තවදුරටත් ඉන්න බෑ. කවදාවත් කිසි දේකට වැටිල නැති මං තමුසෙ නිසා වෙලාවකට අඬනවා. තමුසෙ ඒවා දන්නෙ නෑනේ...' 'ඉතින් මං ආයෙ තමුසෙත් එක්ක කතා කරන එකක් නෑ. මට අයින් වෙන්න ඕන මේ සීන් එකෙන්. මාත් කැමති නෑ මිනිහෙක් ඉන්න එකියෙක්ට සෙට් වෙලා පවුල් කඩන්න' එයා එහෙම කියල මහ හයියෙන් හිනා වුනා. මට එයාගේ මූණ බලන්න ශක්තියක් තිබ්බේ නැහැ නිම්න පුටුව පස්සට කරලා යන්න නැගිට්ටා. 'යාලුකමත් ඉවරද...?' ඇගේ තිබ්බ උපරිම වෙර අරගෙන මං එහෙම ඇහුවා. ඒක තියේවි.. එයා මේසේ උඩ තිබ්බ බයික් එකේ යතුර අතට ගත්තා. ***************** මං ගෙදර ඇවිත් පැයකින් විතර මගේ ෆෝන් එක රිං උනා. ඒ සහන්. 'හෙලෝ' 'ගෙදර ආවද බබා?' සහන්ගෙ කටහඬ හරිම ආදරණීය වෙලා. 'ඔව්. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා' 'මේ වෙලාවෙ මං ටිකක් බිසී බබා. අපි රෑට කතා කරමුද?' මං එයින් එහාට එයාට කරදර කරන්න ගියේ නෑ. කෝල් එක කට්කරලා දාලා මං එහෙමම මැසෙන්ජර් එකට ගියා. මට නිම්නගෙ චැට්හෙඩ් එකේ එයාගෙ මූණ පෙන්නුවෙ නෑ. මං චැට් එක ඕපන් කලා. 'You can't reply to this conversation. Learn More' එයා මාව බ්ලොක් කරල තිබුනා. එයා නිසා මට ඉස්සෙල්ලම රිදුනෙ ඒ වෙලාවෙ. කොහොමද එයා මාව බ්ලොක් කලේ! මාව වෙව්ලන්න පටන් අරන්. හේතුවක් නැතුවද ඇතුවද මංදා මගේ ඇස් වල කඳුලු. මං වට්සැප් වලින් එයාගෙ නම සර්ච් කලා. එයාට මැසේජස් ඩිලිවර් උනේ නෑ. ඉතින් එයා මාව එතනිනුත් බ්ලොක් කරල තිබුනා. කඳුලු එන ඇස් පොඩි කර කර මං එහෙමම එයාට ඩිරෙක්ට් ලයින් කෝල් එකක් ගත්තා. 'ඔබ ඇමතූ ඩයලොග් දුරකතනය ප්‍රතිචාරයක්...' එකදිගට සිය පාරක් විතර අරගෙනත් ඒ සද්දෙම ඇහෙද්දි මට තවත් දරාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. හැබැයි ම⁣ට මගේ අන්තිම තුරුම්පුව ඉතුරු වෙලා තිබුණා. මං නිම්නලාගේ ගෙදර නම්බර් එක ඩයල් කළා. රිංගිං 'හෙලෝ?' ඒ එයා.. 'නිම්න?' ඒ පැත්තෙන් දිග හුස්මක් ඇහුණා. To be continued... #වළාකුලු

වළාකුළු🤍
වළාකුළු🤍
Open In TikTok:
Region: LK
Thursday 12 November 2026 16:40:07 GMT
64475
4678
122
186

Music

Download

Comments

chapa.madhavee
Chapa Madhavee :
ඔහොම කරන්න එපා.ඕව කියෙව්වහම රිදෙනවා අප්පා මිනිස්සුන්ට
2026-11-13 11:29:50
29
niro7t
{💠N_I_R_O_💠}® :
එහෙම සම්බන්ධෙක ඉන්න වෙලාවක මේක දැක්කම 🥺❤️‍🩹
2026-11-13 22:50:59
12
harshalakmal422
Harsha_Lakmal :
එහම තත්ත්වේක ඉද්දි දැක්කම මේවා 🥺
2026-11-15 15:07:46
1
kaushdissanayaka
Kaush Dissanayake :
මේක කියවලා කොහෙදෝ නැති දුකක් මගේ හිතට ආවේ ඇයි දෙයියනේ🥺
2026-11-15 10:53:25
1
nirr__21
Nirr_21 :
Ithuru tika 🙂❤️
2026-11-13 13:44:52
2
smartlearning73
smart :
එතකොට සහන්....🥺 එයා පව් නැද්ද. කිසි දෙයක් නොදන්නා අසරණයෙක්🥺
2026-11-14 10:40:39
1
sl.podi.queens8
➸⃟✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳ@පොඩි QuEeN✮ᰳ🇸🇬 :
මට එච්චර ආදරෙ කරන මනුස්සයෙක් , ඒත් මං යන්නෙ කවදාවත් ලැබෙන්නෙ නැති මනුස්සයෙක් පස්සෙන්💔
2026-11-14 08:34:23
1
.kala.ali
🌪️🖤 Nethmini premasinghe :
එච්චර ලොකු ආදරයක් ඊලග ආත්මේඅත් මට ලැබෙන්න ඕනි...... නැත්තන් කිසිම දවසක මට පැලෙන්න ආදරයක් නොහිතෙන්න ඕනි.........
2026-11-17 15:58:32
1
mahee.disanayake1
𝑴𝒂𝒉𝒆𝒆 🌀🤍 :
මේ කතාව මේ විදියටම උනාම 🥺❤️‍🩹🙂
2026-11-14 02:56:27
1
sun_shine.365
Lakshi|लक्ष्मी🪷🤍🦢 :
💔
2026-11-13 14:38:34
1
udarinirikshani
udari_nirikshani :
හම්මෝ....😔
2026-11-13 15:22:57
1
alone_gurl93
✨🧚A_ N_G_E_L🧚✨ :
Part 2 🥺
2026-11-13 14:36:20
1
m.w.p.g.de.silva
De Silva 100m 🇱🇰 :
Minissunt Adu wennem kalaya ❤️
2026-11-14 04:05:17
1
user8818202309256
Amandi perera :
next plz
2026-11-13 11:22:13
1
ayomi.munasinghe
Ayomi Vithanage :
next......
2026-11-13 15:54:51
1
travelwithchubby1
Ishu Gamage 🌳❤️ :
next part 🙂🤍
2026-11-13 15:12:49
1
miniakashi11
mini1011 :
anehh part 2 🥺
2026-11-13 13:50:08
1
x___adii
𝐀 𝐚 𝐝 𝐢 𝐈_:) 🧿🕊 :
Next
2026-11-13 11:31:57
1
hey.kasun
Ceylon Gem Aura :
අවුරුදු 5 ට කලින් වලදාපු අතීතෙ ගොඩගත්තට .................
2026-11-13 18:01:38
1
oshii095
OSHA DI🤍🌺 :
Part 2 ikmnt
2026-11-13 13:58:09
1
amy_rushi
Amyy🦖 :
ලස්සනයි✨️
2026-11-13 09:14:10
1
h....h.....user0
H......h.... :
next please
2026-11-13 06:32:25
1
_ramithu.___
Ramithu Sanujaya :
සමහරවිට ඒ නිම්න මම වෙයි ❤️‍🩹 මං කිව්වෙ සමහරවිට
2026-11-13 16:36:29
1
keshiperera761
Keshi perera :
next plz
2026-11-13 07:15:51
1
yasheefdo
💜️𝕊𝕠𝕝𝕠 𝔻𝕒𝕚𝕣𝕚𝕖𝕤 💜️ :
next
2026-11-13 05:34:19
1
To see more videos from user @thariiis96z, please go to the Tikwm homepage.

Other Videos


About