@ushan.indika: බොහෝ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබා සුවය ලබන රෝගීන් මුදා හැරීමේදී (Discharge) සිදුවන අධික ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පවසති. ප්‍රධානතම චෝදනාව වී ඇත්තේ උදෑසන වෛද්‍ය වටය අවසානයේ රෝගීන්ගේ ටිකට් කැපුවද , අදාළ ලේඛන කටයුතු අවසන් කර රෝගියාට රෝහලෙන් පිටවීමට සවස් වන තෙක් බලා සිටීමට සිදුවීමයි. බොහෝ විට සවස 5 පමණ වන තෙක් මෙම ලේඛන කටයුතු ප්‍රමාද වන බව රෝගීහු පවසති. සවස් කාලයේ ටිකට් ලැබීම නිසා දුර බැහැර ගම්මානවල සිට පැමිණෙන රෝගීන්ට තම නිවෙස් බලා යාමට බස් රථ හෝ වෙනත් ප්‍රවාහන පහසුකම් සොයා ගැනීමට නොහැකි වී තිබේ. විශේෂයෙන් තනිව පැමිණෙන වැඩිහිටි රෝගීන් සහ කුඩා දරුවන් රැගත් මව්වරුන් මෙයින් දැඩි ලෙස පීඩාවට පත් වෙති. මේ පිළිබඳව අප කළ විමසීමකදී රෝහල් පාලනාධිකාරීන් පවසා සිටියේ පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟය මෙන්ම පරිපාලනමය ක්‍රියාවලීන්හි ඇති සංකීර්ණතාවය මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව බවයි. වාට්ටු ලිපිකරුවන්ගේ සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයේ හිඟකම නිසා ලේඛන කටයුතු කඩිනම් කිරීම අභියෝගයක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, රෝගීන් සහ ඥාතීන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ක්‍රියාවලිය විධිමත් කර, අවම වශයෙන් දහවල් කාලය වන විටවත් රෝගීන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි. මෙය රෝගීන්ට මෙන්ම වාට්ටුවල ඉඩකඩ කළමනාකරණය කර ගැනීමටද මහත් පහසුවක් වනු ඇත. #SL #lka #srilanka #News #sinhalanews
Ushan Indika
Region: LK
Saturday 14 November 2026 06:05:51 GMT
Music
Download
Comments
Irangani🙊 :
නැ ඒක බොරුවක් කාර්ය මන්ඩලය අඩු නෙමෙි ඒවෙලාවට ඩොක්ටලා කැමට යනවා එයාලා ආවට පස්සේ නස්ලා කැමට යනවා ඇවිත් දෙගොල්ලොම කයිය ගහනවා ඩෙලාවත් ඇදෙන් බස්සනවා ඇට වෙන ලෙඩිඩු දානවා ටිකටි එක කපලා බෙිත් තුනඩුව දෙනකොට පහ වෙනවා ඔිපිඩිඑකේ බෙිත් ගන්න වෙලාවක්නැ එතෙන්ට ගියත් එයාලත් කයිය ලෙඩා ආය කලන්තේ දානවා ඇත්ත ඒකයි හොද අයත් ඔය අතර ඉන්නවා එයා හොදට වැඩකලොත් මාරු තමා ඇහැට දැකලා හොදටම විදෝපු කෙනෙක් මම එය වෙනස් කරන්න ජනපති තුමනි💐💐
2026-11-15 10:11:09
0
NETHUKI BABA :
@NETHUKI BABA: 100 විතර ලෙඩ්ඩු ඉන්න වාට්ටුවට . වැඩ කරන්න නර්ස්ලා 4 ඉන්ටන් ඉන්න Dr 3 වගේ ඉන්නෙ ඔය හැම දේම කරන්න . ලොකු Dr ගෙදර යන්න පුළුවන් කීවට . ලියන්න ෆයිල් පුරවන්න තියෙනවා ගොඩක් . ඊට පස්සෙ jmo ඒ ෆයිල් අවශ්‍ය දේවල් බලන්න ඕනා . බෙහෙත් තුන්ඩු ලියන්න ඕනා . ලෙඩාගෙ කැනියුලා වගේ දේවල් අයින් කරන්න තියෙනවා . වාට්ටුවෙ ඉන්න අනිත් ලෙඩ්ඩු ගැන බලන්න තියෙනවා. අලුතෙන් උදේට එන ලෙඩ්ඩු වාට්ටුව ඇතුලට ගන්න තියෙනවා . ඔය හැම දේම කරන්න ඕනා ඒ කරන හැම දේම බෙහෙත් පෙත්තෙ ඉදන් ලිකිතව සදහන් කරන්න ඕනා. ඔපරේෂන් .පරික්ෂන වලට යවන්න ඕනා ලෙඩ්ඩු එළියට යවන්න ඕනා .ගෙදර යවන්වා කියන්නෙ කතුරෙන් කොලයක් කපලා එලියට දානවා වගේ දෙය නම් කරන්න ත්බුනා ඔයාල කරන්න කියන ඉක්මට.
2026-11-14 16:29:33
1
Monika Monika :
අනිවාර්යයෙන් meka attha.mewa අදාළ බලධාරීන්ට penne
2026-11-14 11:00:15
13
Jagath Kumara :
ඒකනං ඇත්තම කතාව වෛද්‍ය නිලධාරින් ඇතුළු අනිත් කාරය මණ්ඩලයත් මේ ගැන හිතන්න ලෙඩේට වඩා අසරණ කරනවා මිනිස්සුන්ව රජයේ ඉහළ නිලධාරීන් මේ ගැන හොයන්න
2026-11-14 16:32:21
1
Rohana Jayasinghe :
මටත් ඕක වෙලා තියෙනව උදේ 9.00 ට doctor බලල discharge කියල ලියනව ඒත් හවස 3.00 ත් පහු වෙලා තමයි ගියේ
2026-11-14 14:20:43
1
sriyani fashion house :
ඇමති තුමණී ඔබගේ අවදානයට
2026-11-15 11:04:00
0
Dammika Samarathunga :
අනිවාර්යෙන් වෙනසක් විය යුතුයි..මේ පිලිබදව රෝගියා ද තම ඥානීත් ද දැනුවත් කර රෝගියාට රෝහලෙන් පිටතව යා හැකි නිශ්චිත වේලාව සම්බන්ධ දැනුවත් කිරීම සුදුසුයි..
2026-11-14 12:27:05
0
රසික ඉදුනිල් 💞💞🌹💞❣️🌹 :
අම්මෝ අනුරාධපුර හොස්පිටල් එකත් එහෙම්මයි
2026-11-14 08:06:55
4
Swarna Galappaththi :
රත්නපුර රෝහලෙත් කරන්නෙ ඔය ටිකම තමයි.ලෙඩ්ඩුන්ට ගෙදරයන්න දෙන්නෙ රෑ 8.ට
2026-11-14 10:02:14
5
♥️💞sasini menika💞♥️ :
හැම හොස්පිටල් එකකම ඔහොම තමයි දවල් බලන්න ගියාම කියනවා ටිකට් කපලා කියලා එත් යන්න බෑ ඉතින් ගෙදරට අපුගමන් කෝල් එනවා එක්ක යන්න එන්න කියලා මේ අසාදාරන වැඩ පිළිවෙලට හරි විසදුමක් දෙන්න ඕනේ ටිකට් කපනවානම් ඩොක්ටර් එවෙලේම ටිකට් එක දෙන්න වැඩේ ඉවරනේ බොරුද මම කියන්නේ 🤔
2026-11-14 11:28:26
3
🍂😚 :
අනිවාර්යෙන්. මේ ඔක්කොම වෙන්නේ රටේ අහිංසකම මිනිස්සුන්ට මේවා නැවැත්විය යුතුමයි. වෙනස් විය යුතුයි. බස් නෑ රෑ වෙනකොට ගෙවල් වලට යන්න. ක් ලිනික් පෝලිමේ නොකා නොබී. මේවා වෙනස් විය යුතුයි. රෝහලේ ඉදල ටිකක් කපනවානම් ගෙදර යන්න ඒ වෙලාවේම යන්න පුළුවන් වැඩ ටික කරලා දෙන්න. සමහර ගෙවල් වල ඉන්නේ තනියම. කෙනෙක් නෑ එන්න. ඇයි මේ බලදාරින්ට නිදරින්ට තේරුම් ගන්න බැරි
2026-11-14 09:12:57
2
Lucky123 :
ඔව් එකක් ඇත්ත වාට්ටුවෙන් ලියල දෙනා බෙහෙත් ගන්න බෑ එතනත් වහල ඉතින් අනිත් පහුවදා වියදම් කරගෙන එන්න ඔනි බෙහෙත් ganna
2026-11-14 08:22:00
2
mohamedhakshan :
මේක හොද මාතෘකාවක් ,ඉක්මනින්ම වෙනස් වෙන්න ඕන තැනක්,ජනාධිපති තුමනි මේ ගැන අවධානය යොමුකරන්න
පිං ඇති වැඩක් ........
2026-11-14 13:07:37
1
Deepika Nishanthi :
ඇත්තටම මේක නම් වෙනස් විය යුතුය .
2026-11-14 13:21:39
1
Anne Nadeeka Priyadarshani :
අනේ ඔව්.මේකනම් විය යුතුම දෙයක්..ලෙඩත් දුක් විදිනව,ලෙඩාව එක්ක යන්න එන අයත් දුක් විදිනව.රජයේ ඉස්පිරිතාලෙට එන්නෙ ගොඩක්ම නැති බැරි අය.තමන්ගෙ වාහන නෑ.අරන් එන වාහනේට දාස් ගනන් ගෙවන්න වෙනව,බැනුම් අහනව මේ පරක්කුව නිසා..අත්දැකීමෙන්ම කියන්නෙ මේව
2026-11-14 08:07:53
1
Frozen in Memory :
ඔව් ඇත්තටම හොද මාර්තුකවක් ඇයි මෙහෙම වෙන්නේ... ගොඩක් අහිංසක වයසක අයත් ටිකට් කපල හවස් වෙන කම් බලන් ඉන්නවා.. මේවා වෙනස් වෙන්න one
2026-11-14 11:09:15
2
hirushi 2111 :
ඇත්ත ඇල්පිටිය රෝහලෙත් ඔහොමයි ඇයි එහෙම වෙන්නෙ ඇතුලත් වෙන්න ආපු රෝගීන්ටත් අසාදාරනයක් වෙනවා
2026-11-14 09:26:18
1
Ruwan Lokuge :
ow aka atha.මිනිස්සු රස්තියාදු vanava.mava ඉක්මනින් vanaskaranna
2026-11-14 08:01:23
0
lotus flowers 🌷 :
ඔව් එක ඇත්ත
2026-11-15 07:05:48
0
*ハシント”❗️ :
ඩෙංගු හැදිලා නිකවැරටිය රෝහලේ උදේ ටිකට් කපලා හය විතර වෙනකල් ඉන්න උනා, නැවත ඩෙංගු ලෙඩෙක් නිසා admit කරා amaruwela, එයාව genna ගිය මටත් උනගනුණ, මේවා වෙනස් කළ යුතුමයි,
2026-11-15 08:28:22
0
sriyani fashion house :
අනිවාර්යයෙන් ඒකනම් ඇත්ත පෙලක් අයට යන්න බස් නෑ රැ වුනාම
හරිම කනගාටු තත්ත්වයක්
2026-11-15 11:02:58
0
D.M.T.madumali :
ou ඒක නම් ඇත්ත
2026-11-15 12:12:01
0
Ajith Kumara :
කාට කියන්නද කවුද මේ ගැන හොයන්නේ මේ ඔක්කොම එකයි
2026-11-15 10:49:52
0
Yashgamz :
ekata hospital eken karan ona deyak,admission ekedima discharged plan eka hadan gann one,eg,diaognos card eka liyanne,'D' kiwwama,eka edata edata compurter update karala card eka print out ekak widiyata gann puluwannam,D'dawasata poddai update karann one,anthima investigation,med,diaogn..witharai ithuru,plan doctorge paththen wenn one,
2026-11-15 10:17:27
0
Lion 🦁 :
ak aett Dr knn bonn giy lunch akt giy kiyl ynne hwas
2026-11-14 08:10:37
0
To see more videos from user @ushan.indika, please go to the Tikwm
homepage.