@xyow_2: කවුරු කොහොම උනත් ඔයා මාව තනි නොකරයි කියලා ලොකූ විශ්වාසයක් තියෙනවා…!! 🥺❤️🩹 මොකද ජීවිතේ හැමෝම එක වගේ නැති බව මම හොඳටම දන්නවා. අද ළඟින් ඉන්න සමහර මිනිස්සු හෙට වෙනකොට අපිව නොදන්න ගාණට මඟහැරලා යනවා. හිතට ලොකු බලාපොරොත්තු දීලා, ඒ බලාපොරොත්තු එකින් එක බිඳලා දාලා යන මිනිස්සු අතරේ මට ඔයාව විශ්වාස කරන්න හිතුණා…!! ඇත්තටම මට ඔයාගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු නෑ. හැම වෙලාවෙම මගේ ළඟින්ම ඉන්න ඕනෙත් නෑ. මට ඕනෙ එකම එක දෙයයි. ජීවිතේ මට හැමදේම එපා වෙලා, කවුරුත් මාව තේරුම් ගන්නෙ නෑ කියලා හිතෙන වෙලාවකවත් ඔයා මාව අතහැරලා නොයන එක විතරයි…!! මොකද මම කෙනෙක්ව මගේ ජීවිතේට ළං කරගන්නෙ නිකන් කාලය ගත කරන්න නෙවෙයි. හිතේ ලොකු තැනක් දීලා, මගේ සතුට වගේම දුකත් බෙදාගන්න පුළුවන් කෙනෙක් විදිහටයි. ඒ නිසාම වෙන්න ඇති ඔයා ගැන මගේ හිතේ මෙච්චර ලොකු විශ්වාසයක් තියෙන්නේ…!! සමහර වෙලාවට මම කියන දේවල්වලට වඩා මගේ නිහඬකම ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ඇති. හැමදාම මම හිනාවෙලා හිටියට මගේ හිත ඇතුළෙත් කියාගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. ඒ හැමදේම වචන කරලා කියන්න බැරි වුණත්, මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මගේ ළඟ ඉන්නවා කියන හැඟීම මට ලොකු සැනසීමක්…!! මට බය ඔයාව නැතිවෙයි කියන එකට විතරක් නෙවෙයි. මම ඔයා ගැන තියාගෙන ඉන්න මේ ලස්සන විශ්වාසයත් කවදාහරි බිඳෙයිද කියන එකටයි. මොකද මීට කලින් විශ්වාස කරපු හිත් නිසා හිත රිදුණු තැන් තවමත් අමතක වෙලා නෑ. ඒ නිසා එක දෙයක් විතරක් මතක තියාගන්න… මම හැමදාම ඔයාගෙන් ආදරේ ඉල්ලලා කරදර කරන කෙනෙක් වෙන්න කැමති නෑ. මට ඕනෙ මාව මගේ විදිහටම පිළිගන්න, මගේ අඩුපාඩුත් එක්ක මට ආදරේ කරන, පුංචි ප්‍රශ්නයක් ආවත් මාව දාලා යන්න කලින් මාත් එක්ක කතා කරන කෙනෙක්. කවුරු ආවත් ගියත්, ජීවිතේ කොච්චර වෙනස් වුණත්, අපි අතර තියෙන මේ විශ්වාසය නම් වෙනස් වෙන්න එපා…!! මොකද සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ මතකයක් වෙලා යන්න නෙවෙයි, ජීවිත කාලෙම හිතට සැනසීමක් වෙන්නයි. මටත් ඕනෙ ඔයාව එහෙම කෙනෙක් විදිහට මගේ ජීවිතේ තියාගන්න. කවුරු කොහොම උනත් ඔයා මාව තනි නොකරයි කියලා මගේ හිතේ තියෙන ඒ පුංචි බලාපොරොත්තුව කවදාවත් බොරුවක් වෙන්න එපා…!! 🥺❤️🩹🥀 #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Saturday 14 November 2026 14:20:39 GMT
Music
Download
Comments
Sada boy🍓 :
2026-11-14 14:40:22
0
S A C H I 🎀🤍 :
@𝒮𝒽𝒶𝓈𝒽𝓎 💌 Neda 🥺
2026-11-14 18:28:15
0
No nem ! :
@nethu💫🌸💋 🥺
2026-11-14 17:21:41
0
アマ🌷! :
❤️
2026-11-14 14:25:47
0
Hasintha Pothupitiya :
[Red heart][Red heart][Red heart]
2026-11-14 19:06:51
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.