@vinod_diary: මගේ ප්‍රියතම පුද්ගලයා දවසක් හරි අපූරු කතාවක් මට කියනවා; " දුක හිතෙන එක, අඬන එක, මේ හැමදේම අපේ ජීවිතේම කොටසක්.'' මන් ආයේ ආයෙත් ඒ ගැන හිතන්න පටන් ගත්තා. හිතන්නකෝ, අපි ලස්සන ජීවිතයක් කියන එක ගැන ඔලුවෙන් මවාගෙන ඉන්නේ කිසිම දුකක් නැති, කඳුළු නැති, පීඩනයක් නැති හැමදවසකම හිනාවෙලා ගත කරන්න පුළුවන් දවස් ගැන විතරයි. හැබැයි අපි හිතන්නෙ නෑ සතුට හිනාව අස්සේ කඳුළු, දුක, පීඩනය වගේ දේවලුත් තියෙන්නම ඕන කියන එක. අපි කරන්නේ ඒ දවස් පුලුවන් තරම් මඟහරින්න උත්සහ කරන එක. අමාරුම කාල කරුමයට, අවාසනාවට භාර දෙන එක. ඒ කාලවලට පුලුවන් තරම් දොස් නඟන එක. මතක තියාගන්න, සාමාන්‍ය පොළවකට වඩා ඉඩෝරෙට ඉරිතැලුණු මහ පොළවට වැස්ස ආවමයි වැඩිපුරම ලස්සන. හැම කාලෙම පිපෙන මල් වලට වඩා වැහි කාලේට පස්සෙ එන වසන්ත කාලෙ පිපෙන මල් තමයි වැඩිපුරම ලස්සන. ජීවිතෙත් එහෙමයි. හැමදාම එකම විදියට ගෙවිලා යන හොඳ දවස් වලට වඩා, තැලිලා පොඩිවෙලා, කට්ට කාලා, අඬලා ගෙවන අමාරු දවස් වලට පස්සෙ එන ජයග්‍රාහී, සතුටුදායක දවස් තමයි වැඩිපුරම ලස්සන. ඉතිං දුක හිතෙන, කඳුළු පිරෙන දවස් ජීවිතේ ආශිර්වාදාත්මක දවස් විදියට දකින්න පුරුදු වෙන්න. මොකද ඒ දවස් තමයි අපිව වැඩිපුර ශක්තිමත් කරවන්නෙ සහ වැඩිපුර සුන්දර දවස් වෙත ගෙනියන්නෙ. 🌻🖤💫
𝑽𝒊𝒏𝒐𝒅 𝑫𝒊𝒂𝒓𝒚 🖋️
Region: LK
Saturday 14 November 2026 16:44:29 GMT
Music
Download
Comments
S A R U 🖤 :
මෙක දින්නම ඔන ජිවිතයක් අල්ලන් ඉන්න 🖤 කවුරු අවත් ගියත් ඉදියත්
2026-11-15 09:09:30
1
chathu :
අනිවා🥰🥰
2026-11-15 05:37:43
2
👽🇩 🇮 🇳 🇺 🇯 🇦 🚬🫀 :
Nice music
2026-11-15 11:48:15
0
A_sh 🪐📍 :
cp plzzz
2026-11-15 15:00:07
0
ත්‍රා :
♥️♥️♥️♥️💯
2026-11-15 09:45:28
0
Travel without a destination :
🍀
2026-11-15 04:48:44
1
OSh_🦋✨ :
[Red heart][Red heart][Red heart]
2026-11-15 05:34:00
1
Harsha_Lakmal :
❤️❤️❤️
2026-11-15 14:45:58
0
To see more videos from user @vinod_diary, please go to the Tikwm
homepage.