@dhil_113: බොරු කියලා සනසනවට වඩා, ඇත්තම කියලා රිද්දන මිනිස්සුන්ට මම කැමතියි…!! මොකද මගේ ජීවිතේ මට වැඩිපුරම රිද්දලා තියෙන්නේ, ඇත්ත කියලා මාව අඬවපු මිනිස්සු නෙවෙයි… බොරු කියලා මාව හිනස්සපු මිනිස්සු…!! මූණට ලස්සන වචන කියලා, හිත ඇතුළේ වෙනම කතාවක් තියාගෙන, මගේ ළඟින්ම ඉඳගෙන මාව රවට්ටපු මිනිස්සු නිසා, අද මට ලස්සන වචනවලටත් බය හිතෙනවා…!! දන්නවද… සමහර ඇත්තවල් හරි තිත්තයි, ඒවා අහද්දි ඇස්වලට කඳුළු එනවා, හිත කෑලි කෑලිවලට කැඩෙනවා… ඒත් ඒ ඇත්ත දැනගත්තට පස්සේ, අඩුම තරමේ අපිට පුළුවන් අපේ හිත හදාගෙන ඉස්සරහට යන්න…!! ඒත් බොරුවක් එහෙම නෙවෙයි… ඒක මුලින් අපිව හිනස්සනවා, ලස්සන හීන ගොඩක් පෙන්නනවා, කවදාවත් අතහරින්නේ නෑ කියලා පොරොන්දු වෙනවා, අන්තිමට ඒ හැමදේම බොරුවක් කියලා දැනගත්ත දවසට, අපිට අපි ගැනම දුක හිතෙනවා…!! මම කවදාවත් මිනිස්සුන්ගෙන් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ… මට ඕන වුණේ පුංචි අවංකකමක් විතරයි, මගේ ළඟ ඉන්න බැරි නම් ඒක කියන්න, මාව ආදරෙන් රවට්ටනවට වඩා, ආදරේ නෑ කියලා ඇත්තම කියන්න…!! මොකද මම කැමති නෑ, මගේ ජීවිතේ නැති තැනක් තියෙනවා කියලා හිතාගෙන, කාගෙවත් ජීවිතයක බලෙන් රැඳෙන්න… මට වටිනාකමක් නැති තැනක, මම වටිනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න…!! සමහර මිනිස්සු ඇත්ත කියලා අපිව රිද්දනවා, ඒත් ඒ මිනිස්සු අපිව රවට්ටන්නේ නෑ… තවත් සමහරු ආදරෙන් කතා කරනවා, අපිව හරි ලස්සනට සනසනවා, ඒත් අපි නොදැනුවත්වම අපේ විශ්වාසය නැති කරලා දානවා…!! ඉතින් දැන් මට ඕනේ නෑ බොරුවට මගේ ළඟ ඉන්න කවුරුවත්… බොරුවට ආදරේ කරන හදවතක්වත්… බොරුවට දෙන පොරොන්දුවක්වත්…!! මට ඕනේ ඇත්තම කියන මිනිස්සු විතරයි… ඒ ඇත්තට මගේ හිත රිදුණත් කමක් නෑ… මොකද එක දවසක් ඇත්ත අහලා අඬන එක, හැමදාම බොරුවක් විශ්වාස කරලා හිත රිද්දගන්නවට වඩා දහස් වාරයක් හොඳයි…!! අන්තිමට මට තේරුණ එකම දේ… මිනිස්සු නැති වුණාම දැනෙන දුකටත් වඩා, විශ්වාස කරපු මිනිස්සු බොරුකාරයෝ කියලා දැනගත්තම දැනෙන දුක හරිම බරයි…!! 𝓓𝓱𝓲𝓵... True Love Isn’t Soft, It’s Steady, Love That Shows Up—Not Just Talks #reallove #relationshipgoals #commitment #SelfImprovement #creatorsearchinsights

𝓓𝓱𝓲𝓵 | ☁️
𝓓𝓱𝓲𝓵 | ☁️
Open In TikTok:
Region: LK
Thursday 19 November 2026 10:31:43 GMT
11027
1365
6
91

Music

Download

Comments

nimsarapiyumal
Nima🇰🇷❤️🇦🇺 :
Caption please
2026-11-19 22:29:32
1
chamiiwickramanayake
Chamii Wickramanayak :
🖤🖤🖤
2026-11-19 18:10:42
1
chathushaheshan0
chathusha heshan :
💐
2026-11-19 18:40:43
1
To see more videos from user @dhil_113, please go to the Tikwm homepage.

Other Videos


About