@vishwa_abeysinghe: "අද අවුරුදු ගාණකට පස්සේ ආයෙත් ඒ පුංචි කාලේ මතක අතරේ අතරමං වෙන්න හිතුණා. ඒ දවස්වල අපේ අතේ තිබුණු පුංචි සිංහල කියවීම් පොත. පිටු පෙරළ පෙරළ ආසාවෙන් කියවපු ඒ කතා... අදටත් හිතේ කොහේ හරි ලස්සනට ඉතිරි වෙලා තියෙනවා. "කිරි කෑ හැටි", "හත්පෙති මල", "පහුරක ගිය ගමනක්", "තත්පරයක වෙනස", "ජන කවි ගායනා", "හැම විට සිහි වේ අම්මා"... මේවා අපිට නිකම්ම පාඩම්වල නම් විතරක් නෙවෙයි. අපේ පුංචි කාලේ එක්ක බැඳුණු මතක ගොන්නක්. ඒ පොතේ පිටු අතර තිබුණේ අකුරු සහ වචන විතරක් නෙවෙයි. අපේ ළමා කාලයේ සුන්දරත්වය, පාසල් ජීවිතයේ මිහිරි දවස් සහ ආයෙත් ඒ විදිහටම අත්විඳින්න බැරි අතීතයක්. 5 ශ්‍රේණියේ ඉගෙනගත්ත ඒ කාලය අද මතක් වෙද්දී හිතට දැනෙන්නේ කියාගන්න බැරි හැඟීමක්. එදා මේ පාඩම් කියවද්දී අපි දැනගෙන හිටියේ නැහැ කවදාහරි මේ පුංචි පොතේ පිටු ටික ආයෙත් දකින්න මෙච්චර ආස වෙයි කියලා. කාලය ගෙවිලා ගිහින්. පන්ති කාමර වෙනස් වෙලා. යාළුවෝ වෙනස් වෙලා. ජීවිතයත් වෙනස් වෙලා. ඒත් ඒ පොතේ තිබුණු මතක තාමත් හිතේ එහෙමම තියෙනවා. අද ඒ පොත ආයෙත් අතට ගන්න පුළුවන් නම්... එකින් එක පිටු පෙරළලා, එදා වගේම ඒ කතා කියවන්න පුළුවන් නම්... මොනතරම් වටිනවද? අතීතය ආයෙත් එන්නේ නැහැ. ඒත් ඒ අතීතයේ මතක අපේ හිතෙන් කවදාවත් මැකෙන්නේ නැහැ. 🥹❤️🩹 මේ පොත මතක අයට... ඔයාලටත් ඒ පුංචි කාලේ ආයෙත් මතක් වුණාද? 📖❤️ #sinhalatiktok #viral
vIsHwA 🧩 !
Region: LK
Thursday 26 November 2026 03:44:35 GMT
Music
Download
Comments
සදී BeatZ :
කාටද මතක 4 වසරෙද කොහෙද පොල්ලේ බලේ කියලා පාඩමක් තිබ්බා😁
2026-11-26 05:31:49
400
❄️Dizzz🩵 :
"පහුරක ගිය ගමනක්" පාඩම කියල දීලා අපිටත් කිව්වා උපාලිල ජින්නලා කාපු විදියටම කොලපොතක ඔතලා පොලොස්, සම්බෝල, හාල්මැස්සන් බැදුමත් එක්ක ලොකූ බත් එකක් අරන් එන්න කියලා. ඉතින් අපි අරන් ගියා. එදා පන්තියේ හැම ලමේක්ගෙම බත් එක ඉවර වෙන්න කනකල් ටීච පන්තිය වටේම ඇවිද්දා. අන්තිමට කාලා වැඩි හින්දා හැමෝවම එලියට දාලා නටන්න දුන්නා. තාමත් මතකයි. ඒ මීට අවුරුදු 13 කට කලින් ❤️
2026-11-26 06:05:09
127
Deshani Madubashi :
ඔය පොත මං ගාව තාම තියෙනවා, මං ඔය පොත විතරයි පරිස්සම් කරේ හත් පෙති මල කතාවට මං ආස නිසාම 🥹❤️
2026-11-26 05:10:42
118
Life :
මල්පෙත්තේ මල්පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටගිරටත් නැගෙනහිරට
ඉගිළ ඉගිළ මෙහැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
මා කියන දෙය කර දෙන් මට
2026-11-26 06:28:36
58
🐉 :
හිතට දැනෙන වේදනාව කියාගන්න බෑහෑ 🥺🥺
2026-11-26 05:18:25
66
~〽️asha 🧚♂🥂 :
ආයෙත් 2016 ට ගියා වගේ 🥺
2026-11-26 05:15:54
39
S 🐣🪬♥️ :
පොඩි කාලෙ ඉදන්ම අම්මා ඉදියෙ නැති නිසා ඒ දවස් වල මං ආසම 09 පාඩමේ තිබුන ගීතයට....අදටත් ආසම පරිච්ඡේදය " 09. හැමවිට සිහිවේ අම්මා.." ❤️🩹
2026-11-26 09:08:31
21
ᴍ.ʟᴜᴇᴜʀ :
අපි ගොඩක් ලොකු වෙලා නේද💔
2026-11-26 10:07:49
8
user7787771774524 🥰🥰❤️😄 :
අපි ගොඩක් ලොකු වෙලා .කාලය මැවු වෙනසක අරුමේ....❤️✨️මොහොතකට හදවත නතර උනා වගේ...හරිම සුන්දර ලමා කාලයක් නිකුත් ගෙවුනාදෝ වගේ....🥺🥺🥺🥺
2026-11-26 10:16:43
1
❤ Shashi ❤ :
පොතයි පුටු ටිකයි අරන් ගහක් යට පාඩම් කියලා දුන්නේ තාම මතකයි
2026-11-26 05:01:42
32
Leo❤️☀️☁️ :
පපුවට මොකක්ද උනා බන් ඒක කියවද්දි
2026-11-26 05:18:50
14
Tharu_shy 💋 :
කාටුන් එකයි ශිශ්‍යත්වෙයි එකවැර කරගන්න එක ලොකුම ප්‍රශ්නෙට තිබ්බ කාලේ
2026-11-26 11:02:10
3
NS :
2007 🥺 පහුරක ගිය ගමන. අද වගේ මතකයි.පන්තිභාර මිස් කිව්වා මුලු පන්තියම එක දවසක කෙසෙල් කොලේක ඔතලා ඒ පාඩමේ තිබුන කෑම එක ගෙනැත් කමු කියලා ❤️
2026-11-26 05:26:52
14
Dhanuwa❤️😘🌻 :
අපේ පොත. ආසම පාඩම කිරි කෑ හැටි. 🥺🥺❤️
2026-11-26 05:06:26
18
✿💗 𝓓𝓲𝓷𝓲 𝓰𝓲𝓻𝓵 💗✿ :
අවසාන සෙට් එක 2009 ඉපදුන අය 🥺
2026-11-26 10:21:39
1
Malfoy Lady ❾¾ :
හම්බුණු ලස්සනම අච්චු පොත 🤍
2026-11-26 05:08:18
14
𝗜𝘁𝘀_ɴᴇᴛʜꜱᴀʀᴀ :
Anthimt pavichchi kre api 🥲
2026-11-26 10:44:26
1
𝑪 𝒓 𝒖 𝒖 𝒁 𝒐 !💋! :
2019 awasanetm e potha kiyewwe api 💜️
2026-11-26 05:06:37
36
Sathmi_Dinethra :
2017🥺තාමත් ගෙදර තියෙයි❤️
2026-11-26 05:02:18
9
𐙚🧚♀️🎀 Missy Lumi ♡🫧🦋 :
2009 අවසාන බැජ් එක 🥹💕
2026-11-26 11:55:03
3
D🔥💕 :
awasanayata 2009 set ekat thama set une mm hitanne🥹❤️🩹
2026-11-26 12:06:28
3
Oshada Dananjina :
පලවෙනි පාඩම පටන් ගන්නෙ ට්‍ර්ං..ට්‍ර්ං..ට්‍ර්ං..කියලා තාම මතක 2009 මන්.[Heartwarming]
2026-11-26 06:52:51
4
𝓝𝓲𝓶𝓪 𝓥𝓲𝓸𝓵𝓪 🇮🇹💜 :
හිතෙට දැනෙන දෙ වචන වලට පෙරලගන්න බැ එච්චරයි 🥹
2026-11-26 10:08:11
2
emmy🎀 :
mn asama hathpethi malata🥺❤️
2026-11-26 08:59:07
0
Shenoli_Ranasingha :
තාමත් ඒ පොත තියෙනවා ලග 😭
2026-11-26 10:52:53
3
To see more videos from user @vishwa_abeysinghe, please go to the Tikwm
homepage.