@user2lahirulakmal: තරුණයෙකුගේ හදවත… දරුවෙකුගේ ළය තුළ යළි ස්පන්දනය වෙයි. ❤️ හදිසි අනතුරකින් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත, 14 හැවිරිදි දරුවෙකුගේ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ මෙම සාර්ථක හදවත් බද්ධය, ශ්‍රී ලංකාවේ රෝහලක සිදු කළ තුන්වැනි හදවත් බද්ධ කිරීම ලෙස වාර්තා වනවා. ජීවිතයක් අවසන් වූ තැනකින් තවත් ජීවිතයක් ආරම්භ කිරීමේ මේ උතුම් කාර්යය වෙනුවෙන්, තම ආදරණීයයාගේ හදවත පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ පවුලේ සාමාජිකයන්ට මුළු රටේම ගෞරවය හිමිවිය යුතුයි. ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මේ හදවත නියමිත කාලය තුළ රැගෙන ඒමට වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පොලීසිය, ගුවන් හමුදාව ඇතුළු විශාල පිරිසක් එකමුතුවෙන් දැක්වූ දායකත්වයද මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබියදීත්, කාලය සමඟ තරග කරමින් විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ මාර්ගයෙන් හදවත කොළඹට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. පසුගිය 26 වැනිදා පස්වරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැය 7කට අධික කාලයක් පුරා සිදු කළ සැත්කමකින් පසු, එම හදවත අද 14 හැවිරිදි දරුවෙකුගේ ළය තුළ ස්පන්දනය වෙමින් තිබෙනවා. එක් ජීවිතයක් නිමා වූ තැනකින්… තවත් ජීවිතයකට හුස්මක් ලැබුණා. එක් හදවතක් නතර වූ තැනකින්… තවත් හදවතක් යළිත් ස්පන්දනය වුණා. ❤️ මෙය හුදෙක් ශල්‍යකර්මයක් නොවේ. මනුෂ්‍යත්වය, පරිත්‍යාගය සහ ජීවිතය වෙනුවෙන් මිනිසුන් එකට එක් වූ අපූරු කතාවකි. 🙏 ඒ උතුම් හදවත පරිත්‍යාග කළ තරුණයාට නිවන් සුව පතමු. 🙏 ඔහුගේ හදවතින් නව ජීවිතයක් ලබන දරුවාට නිරෝගී දීර්ඝ ජීවිතයක් ප්‍රාර්ථනා කරමු. වීඩියෝව සඳහා භාවිත කළ පරිත්‍යාග කළ තරුණයාගේ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ උපුටාගන්නා ලද ඡායාරූපයකි. #HeartTransplant #GiftOfLife #OrganDonation #NewLife #Humanity

Lahiru Lakmal
Lahiru Lakmal
Open In TikTok:
Region: LK
Saturday 28 November 2026 06:20:09 GMT
13779
1586
58
46

Music

Download

Comments

kavi_malshan0
Kavi_malshan✨ :
ඒ පිං බලයෙන් නිවන් පුර ගෝස් දිව්‍ය විමානයක් උපත ලබන්නට හේතු වාසනා වේ‍වා,මෙවන් අකල් මරනයක් සසරේ කිසිදු බවයක් නොම වේ‍වා!
2026-11-28 07:11:49
54
sldo2022
Sl :
මේ මල්ලිටත් විශේශයෙන් මේකට කැමැත්ත දුන්න මේ මල්ලිගෙ පවුලේ අයටත් , අනික් දායක උන ෂමටත් පිං
2026-11-28 08:04:18
12
user1145974115084
@anusha :
උපදින මතු බවයක නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබේවා.. දීර්ඝායුෂ ලැබේවා.. 🙏🙏🙏
2026-11-28 07:24:36
3
sopelkabridal
sopelkabridal :
සුරලොව සැප සම්පත් පිරි තැනක දීර්ඝායුශ එක්ක ඉපදෙන්න මල්ලී❤️❤️❤️❤️
2026-11-28 07:18:10
14
user3165081593329
user3165081593329 :
මේ පිනම ඇති ❤️❤️❤️🙏🙏
2026-11-28 08:45:38
0
kumari_019
`kumarikumari´ :
e හදවත දුන්න පින් බලෙන් උපදින හැම ආත්මයක නිදුක් නිරෝගී සුවය ලැබී සියලු සැප සම්පත් වලින් පිරිලා ඉතිරිලා සතුටෙන් ඉන්න ලැබී කිසිම අකල් මරණයක් නොවේවා 🙏🙏🙏 මේ දරුවාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
2026-11-28 07:23:10
1
icreativity89
Icreativity89 :
සසර සුවයම වේවා පුතේ ඔයාට......
2026-11-28 06:26:39
4
user45918525134101j
මල්කාන්ති :
@නිවන්සුවලැබෙවාපුතෙ
2026-11-28 08:14:38
0
damayanthi0024
Damayanthi :
budusaranai puthe oyata 🥰🥰🥰
2026-11-28 06:29:29
2
sanukisilva36
𝕤𝕒𝕟𝕦 𝕢𝕦𝕖𝕖𝕟👑 :
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻
2026-11-28 08:26:53
0
maranaya.0
••⃪⃮⃔⃝𝐇𝐢𝐧𝐜𝐡𝐢 🦋⃟≛⃝.🇰🇼 :
අනේ දෙවියනේ 🙏🙏🙏😭😭😭😭😭😭😭
2026-11-28 07:49:48
0
aklanka.chamu
Aklanka chamu :
Dinuka🥺
2026-11-28 06:29:35
2
_sudu_official_99
–_–Sudu_official_99 :
2026-11-28 08:26:37
1
sunitha.sarojani
SAROJANI❤️SUSANTHA :
බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼
2026-11-28 08:30:50
0
wasanthikoongoda
Wasanthi Koongoda🎶🤍 :
anee 🙏🙏🙏🙏
2026-11-28 07:16:41
1
shehanmadushanka343
shehanmadushanka343 :
💖💖💖💖
2026-11-28 07:20:51
1
thilini.hansika91
Thilini Hansika :
🙏🙏🙏🙏
2026-11-28 07:11:26
1
sajwa72
Sajwa :
2026-11-28 07:08:33
1
user5396257967550
user5396257967550 :
🙏
2026-11-28 06:29:37
1
salonchami7
chami Girl :
mekata dayaka una hamotama sarasa kelawara budun daka niwan dakinnata hethu wasana wewa🙏🙏 ,miyagiya mallita niwan suwayama labewa🙏🙏 kisima bawayaka mewan akal maranayak sidda novewa,
2026-11-28 08:39:11
0
sr.sanu6
SR sanu :
🙏
2026-11-28 08:42:24
0
sriyani.amarasing5
🖤 ﹏🇱🇰𝙉𝘼𝙋𝙐𝙍𝙐 𝙎𝘼𝘿𝘼@ :
🥺🥺🥺🥺anee video eka dakin hama mohothakama dara gonna bari wedanawak danenne.... me daruwa mage loku putha wagee .. 🥺🥺🥺
2026-11-28 08:49:02
0
rashi200111
Rashi2001@ :
e pinen me sasara dukin ethera wewa🙏
2026-11-28 08:54:14
0
isz.bole16
イシャニ マドゥワンティ 🇯🇵🦋💐 :
අමා මහා නිවන් සුව ලැබේවා🥺🥺🙏🙏🙏
2026-11-28 08:54:41
0
To see more videos from user @user2lahirulakmal, please go to the Tikwm homepage.

Other Videos


About