@nethmisilva._: ජීවිතේ යම්කිසි වයසකට ආවම අපිට හරි ලස්සනට තේරුම් යන දෙයක් තියෙනවා. ජීවිතේට හැම වෙලාවෙම ඕන වෙන්නේ හුරතල් කරන, ලස්සන වචන කියන මිනිස්සුම නෙවෙයි. අපි වැටෙන හැම වෙලාවකම අත දෙන්න, හිත රිදෙන වෙලාවක නිහඬව හරි ළඟින් ඉන්න, මොන තරම් ප්‍රශ්න ආවත් අපිව තනි නොකරන හයියක් වෙන කෙනෙක්…. සතුටින් ඉන්න වෙලාවට අපිත් එක්ක හිනා වෙන්න ඕන තරම් අය ඉඳියි. ඒත් ජීවිතේ අමාරුම කාලවලදීත් අපිව අතනොහැර ළඟින්ම ඉන්න අය හරිම වටිනවා. හැමදේම හොඳින් සිද්ධ වෙනකොට ළඟ ඉන්න එක නෙවෙයි වටින්නේ, කිසිම දෙයක් හරි නොයන වෙලාවකත් අපිව තේරුම් අරගෙන ළඟ රැඳෙන එකයි. ඒ නිසා… කාලයත් එක්ක අපි හොයන්නේ ආදරේ වචනවලින් විතරක් පෙන්වන අය නෙවෙයි. ක්‍රියාවෙන් ඒ ආදරේ දැනෙන්න සලස්වන, ජීවිතේ ඕනෑම තත්ත්වයකදී අපිට හයියක් වෙන මිනිස්සු. මොකද, ජීවිතේට ලොකුම සැනසීම වෙන්නේ හැම ප්‍රශ්නයක්ම විසඳන කෙනෙක් නෙවෙයි, ඒ ප්‍රශ්න මැද අපිව තනි නොකරන කෙනෙක් ලැබෙන එකයි…!! ❤️✨ ~ neth #flypシ #viralvedio #neth #foryou #lifequotes
Nethmi Dewmini 🦩
Region: LK
Saturday 28 November 2026 15:54:51 GMT
Music
Download
Comments
To see more videos from user @nethmisilva._, please go to the Tikwm
homepage.