@geekpranee: IT Intern /Job Interview එකකට ලෑස්ති වෙන්නෙ කොහොමද? පළවෙනි ඉන්ටර්වීව් එකෙන්ම සිලෙක්ට් වෙන්න පුළුවන්ද? ඇත්තම කතාව කිව්වොත්, පළවෙනි ඉන්ටර්වීව් එකෙන්ම ජොබ් එක සෙට් වෙන්න නම් එක්කෝ ඔයා සුපිරිම ඩයල් එකක් (Extraordinary) වෙන්න ඕනේ, නැත්නම් ඒ කම්පැණි එකේ Requirements සෑහෙන්න නම්‍යශීලී (Strict නැති) වෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි පාරෙන්ම බැරි වුණොත් ඒක සාමාන්‍ය දෙයක්! ඒකෙන් ඔයා "වැඩක් නැති කෙනෙක්" වෙන්නේ නැහැ.මට set වුනේ හය වෙනි එකෙන් . භෂා එකට Select වුනත් කළුතර නිසා ගියේ නැහැ campus එකට දුර නිසා. අහන්න ප්‍රශ්න! මම මුහුණ දීපු ඉන්ටර්වීව් වල අහපු ප්‍රශ්න මම හැමදාම කොළයක ලියාගත්තා. ටික කාලයක් යද්දි මට තේරුණා වෙනස් වෙනස් කම්පැණිවල වුණත් අන්තිමට අහන්නේ "ඒ එකම ප්‍රශ්න ටිකම" කියලා. සමහර වෙලාවට මුලින්ම Coding Exam එකක් තියලා, ඊට පස්සේ තමයි ප්‍රශ්න අහන Technical Interview එක තියන්නේ. ඒ නිසා මේ හැමදේම ඔයාට ප්‍රශ්න ටික එකතු කරගන්න ලැබෙන හොඳම චාන්ස් එකක් කරගන්න. බැරි වුණාම Laptop එක Off කරන්න එපා! සමහර අය ඉන්ටර්වීව් එකකදී ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි වුණාම, ලැජ්ජාවට හෝ බයට Current ගියා වගේ බොරු කියලා ලැප්ටොප් එක ඕෆ් කරනවා. ඒක නම් කරන්නම එපා! ఉත්තරය දන්නේ නැත්නම් කෙලින්ම, "මම ඒ ගැන දැනට දන්නේ නැහැ, හැබැයි මම ඒක ඉක්මනට Study කරලා ඉගෙන ගන්නම්" කියලා කියන්න. IT වලදී නොදන්න දෙයක් නොදන්නවා කියලා පිළිගන්න එක සහ ඉගෙන ගන්න තියෙන උනන්දුව (Attitude) සෑහෙන්න වටිනවා. ලෑස්ති වෙන්න ඕනෙ ප්‍රධාන දේවල්: • Personal Projects & Past Projects: ඔයා තනියම කරපු Personal Projects හෝ කැම්පස් එකේ කරපු Project එකේ ඔයා කරපු කොටස, Use කරපු Technologies සහ ඒකේ Architecture එක පැහැදිලි කරන්න සුපිරියට ලෑස්ති වෙන්න. (මේවා තමයි ඔයාව කැපී පේන්න කරන්නේ!) • OOP Concepts: (Inheritance, Polymorphism, Abstraction, Encapsulation) ගැන Real-world examples එක්ක බලාගන්න. (අනිවාර්යයෙන්ම අහනවා!) • Basic Data Structures & Databases: Array, Linked List, Stack/Queue සහ SQL Basic Queries (Joins, CRUD operations) ටිකක් මතක් කරගන්න. ඉන්ටර්වීව් එක අන්තිමට ඔයාට ප්‍රශ්න අහන්න චාන්ස් එකක් දෙනවා. ඒ වෙලාවට සහ HR එකෙන් කතා කරද්දී මේ කරුණු ටික අනිවාර්යයෙන්ම බලන්න: Salary Requirement: ඔයාගේ Salary එක කීයද කියලා අහද්දි, ඔයා බලාපොරොත්තු වෙන ගානට වඩා රුපියල් 25,000ක් වගේ වැඩිපුර කියන්න (Negotiation margin එකක් තියාගන්න). ඒ වගේම "Salary Peg වෙනවද?" (ඩොලර් හෝ වෙනත් මුදලකට සාපේක්ෂවද වැටුප තීරණය වෙන්නේ) කියලා අහන්න අමතක කරන්න එපා. Notice Period එක: ජොබ් එකෙන් අයින් වෙන්න කලින් කොච්චර කාලෙකට කලින් දැනුම් දෙන්න ඕනෙද (Notice Period) කියලා අහන්න. ඒක මාස 3ක් වගේ දිග කාලයක් වුණොත්, පස්සේ කාලෙක ඔයාට වෙන හොඳ කම්පැණි එකකට මාරු වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. Probation Period එක: ඔයාව ස්ථිර කරන්න කලින් තියෙන පරිවාස කාලය (Probation Period) කොච්චරද කියලා අහන්න. Laptops & Devices: වැඩ කරන්න අවශ්‍ය Laptop එක සහ වෙනත් Devices කම්පැණි එකෙන් දෙනවද කියලා අහලා දැනගන්න. ඉන්ටර්වීව් එකට යන්න කලින් ඒ කම්පැණි එකේ History එක (ආරම්භය), එයාලගේ Products මොනවාද, සහ එයාලා ප්‍රධාන වශයෙන්ම කරන්නේ මොන වගේ වැඩද (Services/Clients) කියන එක ගැන අනිවාර්යයෙන්ම වෙබ්සයිට් එකෙන් බලාගෙන යන්න. "ඔයා අපේ කම්පැණි එක ගැන දන්නේ මොනවාද?" කියලා ඇහුවොත් දෙන්න උත්තරයක් තියෙන්න ඕනේ. උපදෙස: මේක ඔයාගේ පළවෙනි එක නම්, මේක Experience එකක් ගන්න කරන එකක් කියලා හිතලා Relax එකේ Face කරන්න. බය වෙන්න වෙලාව නාස්ති නොකර, අදයි හෙටයි මේ මූලික ටික බලාගන්න. ඔයාට ජයවේවා! 👍🎯 Join with us : https://whatsapp.com/channel/0029VbBm54hHltY2rJQheP0T Youtube : https://youtube.com/@geekpranee?si=05Laj_CsCdpZxr7s Telegram: https://t.me/geekpraneeYT Facebook :https://www.facebook.com/share/1C4AaNqtPJ/?mibextid=wwXIfr Tik tok :https://www.tiktok.com/@geekpranee?_r=1&_t=ZS-92l6i07qS7V #campuslk #Geekpranee #ITInternship #TechInterview #SoftwareEngineering

Geekpranee
Geekpranee
Open In TikTok:
Region: LK
Wednesday 03 June 2026 08:43:25 GMT
57393
2035
13
503

Music

Download

Comments

disanayaka918
disanayaka :
මම දැනට වැඩකරන්නෙ cooparative bank ekaka ..මම ඉන්ටවිවු ගියාම මගෙන් ඇහුව " ඔයා මොනවද ක්ශේස්ත්‍රය ගැන දන්නෙ..ඔයාගෙ අදහසට අනුව අපට කියන්න කිඋව..මට මෙවා කියල දෙන්න කෙනෙක් නැහැ මොකද මම පවුලෙ වැඩිමලා..මට අහන්න කෙනෙකුත් නැහැ...මම කලින් ඉන්ටවිවු දෙකකට ෆේස් කරා..එ උනා ට එ කිසිම තැනක ප්‍රොෆෙශනල් ඉන්ටවිවු එකක් තිබ්බෙ නැහැ..මගෙ වාසනාවට මම බැලුව කෝපරේටිවු බෑන්ක් එකක් කියන්නෙ මොකද්ද ඒකෙන් මොනවද වෙන්නෙ කියල.එක නිසා මට පුලුවන් උණා එගැන පැහැදිලිකීරීමක් කරන්න..එවගෙම මගෙන් ඇහුව සැලරි එක කොච්චරක් බලාපොරොත්තු වෙනවද..තා දෙයක් සීවී එකෙ කොලිටියත් ඒ අය බැලුව මගේ 😊👍
2026-06-05 06:26:04
2
user8105718172601
Diyana@9212 :
business analysis position eke interview ekak genat explain krnnko
2026-06-05 15:42:14
0
danindu.sajjana
Danindu Sajjana Wijesinghe :
Helpful. Thanks ❤️
2026-06-03 15:12:31
0
cinsahanvk
Sahan Vk :
Thx
2026-06-03 12:41:01
0
sathnindu_jayakody
Shanu_J🪬 :
Tnx
2026-06-03 16:20:00
0
imesh_madhuranga
Imesh🥤 :
2026-06-03 11:27:52
0
ppwe_note
ppwe :
@Sethu Bodaragama🥰
2026-06-05 08:29:58
2
tharusha_td
Tharusha Diroshana :
❤️💯
2026-06-04 06:24:11
0
yehan_chiranjeewa
𝗬𝗘𝗛𝗔𝗡_𝗖𝗙✔ :
❤️❤️❤️
2026-06-03 14:47:04
0
kesharajayawardana
Keshara Jayawardana :
❤️
2026-06-03 14:20:56
0
tharusha_kavind
Tharusha Kavinda :
❤️
2026-06-03 10:48:18
0
sadeepa_sk50
🇱🇰 𝓢𝓪𝓭𝓮𝓮𝓹𝓪_𝓼𝓴 🇩🇪 :
❤️
2026-06-03 21:03:47
0
nimesh_jayarathna
Nimesh jayarathna :
@
2026-06-12 10:04:44
0
To see more videos from user @geekpranee, please go to the Tikwm homepage.

Other Videos


About