@muhammadshahzad6b: The city survived... for about 2 seconds. ☄️🌊😱#FYP #Meteor #Tsunami #MovieMagic #Miniature

Muhammad Shahzad
Muhammad Shahzad
Open In TikTok:
Region: SA
Tuesday 25 August 2026 21:54:57 GMT
4447
73
2
0

Music

Download

Comments

bloomverse4
bloomverse4 :
😳😳😳
2026-08-26 09:42:11
1
To see more videos from user @muhammadshahzad6b, please go to the Tikwm homepage.

Other Videos

​දානං සීලං ච භාවනා - වෙය්‍යාවච්චාපචායනා පත්තානුමොදනා පත්තිදානං - ධම්මස්ස දෙසනා සවනා දිට්ඨිජ්ජුකම්ම - මිච්චේවං දසධා ඨිතං 💠​1. දානය ​පූජා හෝ අනුග්‍රහ වශයෙන් යමක් පරිත්‍යාග කිරීම දානයයි. මෙහිදී කුසලය වනුයේ දෙන වස්තුව නොව, දීමේ චේතනාවයි. ​අනුග්‍රහ බුද්ධියෙන් දීම: පින් බලාපොරොත්තුවෙන් තොරව, අනුන්ට උපකාර පිණිස දීමයි. (උදා: දුප්පතුන්ට දීම, තෑගි දීම) ​පූජා බුද්ධියෙන් දීම: සිල්වත්, ගුණවත් උතුමන් උදෙසා ගෞරවයෙන් දීමයි. මෙය වඩාත් උතුම් වේ. (උදා: සංඝගත දානය) ​දානයේ ප්‍රධාන කොටස් 2 කි: ​පෞද්ගලික දානය: නිශ්චිත භික්ෂූන් වහන්සේ නමකට හෝ පුද්ගලයෙකුට දීමයි. ​සාංඝික දානය: පොදුවේ සමස්ත මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමයි. 🪷​ආනිසංස: බොහෝ දෙනාට ප්‍රියමනාප වීම, යහපත් කීර්තියක් පැතිරීම, ඕනෑම පිරිසක් මැදට බිය නැතිව යා හැකි වීම සහ කල්‍යාණ මිත්‍රයන් ලැබීම. 💠​2. සීලය ​කය හා වචනය සංවර කර ගැනීම සීලයයි. බුදුරදුන් පැනවූ ශික්ෂාපද ආරක්ෂා කරමින් වත්පිළිවෙත්හි යෙදීම මෙයින් අදහස් කෙරේ. ​චාරිත්‍ර සීලය: කළ යුතු යැයි පනවා ඇති යහපත් දේ කිරීම. ​වාරිත්‍ර සීලය: වැළකිය යුතු යැයි පනවා ඇති අයහපත් දේවලින් වැළකීම. 🪷​ආනිසංස: මහත් භෝග සම්පත් ලැබීම, පිරිසිදු කීර්තියක් පැතිරීම, සභාවකට නොබියව එළඹීම, සිහි නුවණින් යුතුව මියයාම සහ මරණින් මතු සුගතිගාමී වීම. 💠​3. භාවනාව ​කුසල් සිත වැඩීම භාවනාව වන අතර, මෙය කුසලයන් අතර අග්‍ර වේ. දාන සීල දෙකෙන් නොලැබිය හැකි ලෝකෝත්තර සම්පත් ද, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ද වැඩෙන්නේ භාවනාවෙනි. ​සමථ භාවනාව: සිත එකඟ කරගෙන සමාධිය දියුණු කිරීම. ​විදර්ශනා භාවනාව: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව ලෝකය දෙස ප්‍රඥාවෙන් බැලීම. ​ආනිසංස: මතක ශක්තිය හා සිහිකල්පනාව වැටහීම, ශ්‍රද්ධාව වර්ධනය වීම, අකුසල් සිතුවිලි දුරුවීම සහ ක්‍රමවත්ව වැඩ කිරීමට හැකිවීම 💠​4. වෙය්‍යාවච්ච (වතාවත් කිරීම) ​ත්‍රිවිධ රත්නය, මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සහ රෝගීන්ට උපස්ථාන කිරීම මෙන්ම විහාරස්ථාන හා පොදු ස්ථාන පිරිසිදු කිරීම මෙයට අයත් වේ. 🪷​ආනිසංස: තමාගේ සිත සතුටු වීම, දකින අය ප්‍රසාදයට පත්වීම, දෙවියන් සතුටු වීම සහ මරණින් මතු සැපවත් තැනක ඉපදීම. 💠​5. අපචායනය (ගරු කිරීම) ​ගරු කළ යුතු පුද්ගලයන්ට (මව්පිය, ගුරු, සිල්වතුන්), ස්ථාන සහ වස්තූන්ට ගෞරව දැක්වීමයි. 🪷​ආනිසංස: බුදුදහමට අනුව ගරු කළ යුත්තන්ට ගරු කරන්නාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය යන ධර්ම හතර වර්ධනය වේ. ​ 💠​6. පත්තිදානය (පින් දීම) ​තමා කරගත් පිනක් මියගිය ඥාතීන්ට, දෙවියන්ට හෝ අන් අයට
​දානං සීලං ච භාවනා - වෙය්‍යාවච්චාපචායනා පත්තානුමොදනා පත්තිදානං - ධම්මස්ස දෙසනා සවනා දිට්ඨිජ්ජුකම්ම - මිච්චේවං දසධා ඨිතං 💠​1. දානය ​පූජා හෝ අනුග්‍රහ වශයෙන් යමක් පරිත්‍යාග කිරීම දානයයි. මෙහිදී කුසලය වනුයේ දෙන වස්තුව නොව, දීමේ චේතනාවයි. ​අනුග්‍රහ බුද්ධියෙන් දීම: පින් බලාපොරොත්තුවෙන් තොරව, අනුන්ට උපකාර පිණිස දීමයි. (උදා: දුප්පතුන්ට දීම, තෑගි දීම) ​පූජා බුද්ධියෙන් දීම: සිල්වත්, ගුණවත් උතුමන් උදෙසා ගෞරවයෙන් දීමයි. මෙය වඩාත් උතුම් වේ. (උදා: සංඝගත දානය) ​දානයේ ප්‍රධාන කොටස් 2 කි: ​පෞද්ගලික දානය: නිශ්චිත භික්ෂූන් වහන්සේ නමකට හෝ පුද්ගලයෙකුට දීමයි. ​සාංඝික දානය: පොදුවේ සමස්ත මහා සංඝරත්නය උදෙසා පූජා කිරීමයි. 🪷​ආනිසංස: බොහෝ දෙනාට ප්‍රියමනාප වීම, යහපත් කීර්තියක් පැතිරීම, ඕනෑම පිරිසක් මැදට බිය නැතිව යා හැකි වීම සහ කල්‍යාණ මිත්‍රයන් ලැබීම. 💠​2. සීලය ​කය හා වචනය සංවර කර ගැනීම සීලයයි. බුදුරදුන් පැනවූ ශික්ෂාපද ආරක්ෂා කරමින් වත්පිළිවෙත්හි යෙදීම මෙයින් අදහස් කෙරේ. ​චාරිත්‍ර සීලය: කළ යුතු යැයි පනවා ඇති යහපත් දේ කිරීම. ​වාරිත්‍ර සීලය: වැළකිය යුතු යැයි පනවා ඇති අයහපත් දේවලින් වැළකීම. 🪷​ආනිසංස: මහත් භෝග සම්පත් ලැබීම, පිරිසිදු කීර්තියක් පැතිරීම, සභාවකට නොබියව එළඹීම, සිහි නුවණින් යුතුව මියයාම සහ මරණින් මතු සුගතිගාමී වීම. 💠​3. භාවනාව ​කුසල් සිත වැඩීම භාවනාව වන අතර, මෙය කුසලයන් අතර අග්‍ර වේ. දාන සීල දෙකෙන් නොලැබිය හැකි ලෝකෝත්තර සම්පත් ද, සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ද වැඩෙන්නේ භාවනාවෙනි. ​සමථ භාවනාව: සිත එකඟ කරගෙන සමාධිය දියුණු කිරීම. ​විදර්ශනා භාවනාව: අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව ලෝකය දෙස ප්‍රඥාවෙන් බැලීම. ​ආනිසංස: මතක ශක්තිය හා සිහිකල්පනාව වැටහීම, ශ්‍රද්ධාව වර්ධනය වීම, අකුසල් සිතුවිලි දුරුවීම සහ ක්‍රමවත්ව වැඩ කිරීමට හැකිවීම 💠​4. වෙය්‍යාවච්ච (වතාවත් කිරීම) ​ත්‍රිවිධ රත්නය, මව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සහ රෝගීන්ට උපස්ථාන කිරීම මෙන්ම විහාරස්ථාන හා පොදු ස්ථාන පිරිසිදු කිරීම මෙයට අයත් වේ. 🪷​ආනිසංස: තමාගේ සිත සතුටු වීම, දකින අය ප්‍රසාදයට පත්වීම, දෙවියන් සතුටු වීම සහ මරණින් මතු සැපවත් තැනක ඉපදීම. 💠​5. අපචායනය (ගරු කිරීම) ​ගරු කළ යුතු පුද්ගලයන්ට (මව්පිය, ගුරු, සිල්වතුන්), ස්ථාන සහ වස්තූන්ට ගෞරව දැක්වීමයි. 🪷​ආනිසංස: බුදුදහමට අනුව ගරු කළ යුත්තන්ට ගරු කරන්නාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය යන ධර්ම හතර වර්ධනය වේ. ​ 💠​6. පත්තිදානය (පින් දීම) ​තමා කරගත් පිනක් මියගිය ඥාතීන්ට, දෙවියන්ට හෝ අන් අයට "මාගේ පින අනුමෝදන් වේවා" යි වචනයෙන් සිතින් පැවසීමයි. 🪷​ආනිසංස: කුසල් බලය තවත් වර්ධනය වීම, මෛත්‍රී සහ කරුණා සිතුවිලි දියුණු වීම, අනුන්ගේ යහපත සැලසීම සහ සිත සැහැල්ලු වීම. 💠​7. පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) ​අන් අය කරන පින්කම් දැක ඊර්ෂ්‍යාවෙන් තොරව, පිරිසිදු සිතින් සතුටින් පිළිගැනීමයි. ජීවත්ව සිටින අයට මෙන්ම මියගිය අයටද මෙය කළ හැකිය. 🪷​ආනිසංස: තමා පින්කමක් නොකළත් අනුන් ගැන සතුටු වීමෙන් කුසල් ලැබීම, ඊර්ෂ්‍යාව සහ වෛරය දුරුවීම, මුදිතා ගුණය සහ සිතේ ප්‍රසාදය වර්ධනය වීම. 💠​8. ධර්ම දේශනා ​ලාභ කීර්ති අපේක්ෂාවෙන් තොරව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවනු පිණිස ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීමයි. "සබ්බදානං ධම්මදානං ජිනාති" (සියලු දානයන්ට වඩා ධර්ම දානය උසස් වේ). 🪷​ආනිසංස: මහත් පුණ්‍ය සම්භාරයක් රැස්වීම, ප්‍රඥාව හා සිතේ පිරිසිදුකම වර්ධනය වීම, අන් අයට යහපත් මඟ පෙන්වීම සහ සුගතිගාමී වීම. 💠​9. ධර්ම ශ්‍රවණය ​සසර දුක් නිවන, සගමොක් මඟ හෙළි කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආදර ගෞරවයෙන් යුතුව ඇසීමයි. 🪷​ආනිසංස: ​නොඇසූ දේ ඇසීමට ලැබීම,​ ඇසූ දේ නිවැරදි කරගැනීම,​සැක හැර දැනගැනීම, ​තමන් දරන මතය නිවැරදි කරගැනීම, ​සිත පිරිසිදු කරගැනීම. 💠​10. දිට්ඨිජ්ජුකම්ම (දැක්ම නිවැරදි කරගැනීම) ​පින් පව් සහ එහි විපාක ඇතැයි ද, මරණින් මතු උපතක් ඇතැයි ද පිළිගනිමින් තමාගේ දෘෂ්ටිය පිරිසිදු කරගැනීමයි. මෙහිදී දස වස්තුක සම්මා දිට්ඨිය (කම්මස්සකතා සම්මා දිට්ඨිය) ඇති කරගත යුතුය. ​දස වස්තුක සම්මා දිට්ඨියේ කරුණු 10, ​දන් දීමේ ඵල විපාක ඇත. ​පූජා පැවැත්වීමේ විපාක ඇත. ​පුද පඬුරු යැවීමේ විපාක ඇත. ​පින් පව්වලට ඵල විපාක ඇත. ​පරලොව සිට මෙලොව උපතක් ඇත. ​මෙලොව සිට පරලොව උපතක් ඇත. ​මවට සැලකීමේ/නොසැලකීමේ විපාක ඇත. ​පියාට සැලකීමේ/නොසැලකීමේ විපාක ඇත. ​ඕපපාතික (මියගිය පසු නැවත) උපතක් ඇත. ​සත්‍යය අවබෝධ කරගෙන දේශනා කරන මහණ බමුණන් ඇත. ​(මෙම කරුණු නොපිළිගැනීම මිත්‍යා දෘෂ්ටිය වන අතර, එමඟින් මෙලොව දුකට පත්වීම, අපාගත වීම සහ නිවන් මඟ ඇහිරීම සිදු වේ). ​🪷ආනිසංස: නිවැරදි මාර්ගය අවබෝධ වීම, යහපත් චරිතයක් ගොඩනැඟීම, ප්‍රඥාව වර්ධනය වීම සහ අපාගාමී වීමට ඇති හේතු දුරුවීම. #දර්මයදානයක්මවේවා✨🎉💫🌼 #dhammatalk #dhamma #බණ #creatorsearchinsights

About