@rehe8405:

Abdirahman
Abdirahman
Open In TikTok:
Region: ET
Wednesday 07 October 2026 02:51:39 GMT
7
2
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @rehe8405, please go to the Tikwm homepage.

Other Videos

අද ලෝක ගුරු දිනය.  මේ ඉන්නේ අපේ අම්මා. අපේ පැත්තේ නං ප්‍රසිද්ධ ‘කෝකිලා ටීච’ කියලා.  දැං අම්මට අවුරුදු 58ක්. අම්මගේ ගුරු ජීවිතේට 37ක්. පෙන්ෂන් යන්න ඔන්න මෙන්න ඉන්නේ. ඒත් තාම උදේට ඉස්කෝලේ යන්න සාරිය පටලවගන්නේ පුදුම ආසාවකින්. කොච්චර අමාරු අපහසුකම් ඇඟට තිබුණත්, ඉස්කෝලෙට ගිහිල්ලා පොඩි පැටව් එක්ක කාලය ගතකරද්දි ඒ ඔක්කොම අමතකවෙලා යනවා කියලයි එයා නං කියන්නේ.  සමහර දවස්වල උදේට වෑන් එක මගහැරුනම, මගේ කාමරේට හිමීට ඇවිල්ලා ‘අනේ චූටි, මාව කාර් එකේ ඉස්කෝලෙට දාලා එන්නකෝ. පොඩි උං බලං ඇති’ කියලා, මාවත් නින්දෙන්ම ඇහැරවගෙන ඉස්කෝලෙට ඇරලවගන්න දවසුත් එමටයි. එහෙම යනකොට ඉස්කෝලේ ඉස්සරහා සුදු ගවුම් ඇඳගත්ත පොඩි පැටව් අම්මවඉවටකරගන්නවා බලන්නත් මං හරි ආසයි.  . . මං අම්මගේ අතේ එල්ලිලා කඩේ යන්න ගත්ත කාලේ ඉඳලා මුලු ගමම මට කිව්වේ ‘කෝකිලා ටීචගේ පොඩි පුතා’ කියලා. ඒ කාලේ ඉතිං ඒක ගැම්මක් තමයි. හැබැයි අදටත්, මං ළඟට එන ලෙඩෙක් ‘කෝකිලා ටීචගේ පුතා නේද?’ කියලා අහනකොට, ඒ එදා දැනුණ ගැම්ම ඒ විදිහටම දැනෙනවා. මං හිතන්නේ හැම ගුරුවරයෙකුගෙම දරුවන්ට එහෙම ඇති.  . . පරම්පරා දෙක තුනකටම උගන්නලා තියෙන නිසා, ගමේ කඩේකට ගියත් ලොකු ලොකු පිරිමි අම්මා ඉස්සරහා තොප්පිය ගලවලා, දණගහලා වඳින එක අදටත් නිතරම දකින්නට ලැබෙන දෙයක්. එතකොට ඉතිං අපේ එක්කෙනාටත් ඉහේ මලක් පිපුණා වගේ. ගිය වැඩේ පැත්තකින් තියලා ‘අනේ පුතේ දැං මොකද කරන්නේ මගේ පුතා?’ කියලා පටන්ගත්තාහම මං පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. මොකද ඒ කතාබහ ඉක්මනින් ඉවර වෙන්නේ නෑ කියලා මං අත්දැකීමෙන්ම දන්න නිසා.  ගුරුකම කියන්නේ උගන්නලා අහවර වුනාට පස්සේත් වෙනස් නොවෙන ආදරයක් කියලා අම්මා තමයි මට කියලා දුන්නේ.  කොච්චර වයසට ගියත්, හැඩට ඇඳගෙන උදේම ගිහිල්ලා, ළමයෙකුට අකුරක් උගන්නලා එයා හරිම ආත්ම තෘප්තියක් ලබනවා. ඒ සතුටට අපිත් හරිම කැමතියි.  දිනපතා ජීවිතය කියාදෙන අම්මාවරුන්ටත්, ලියන්නට කියන්නට අකුරු කියාදුන් සියලු ගුරු මෑණි/පියවරුන්ටත් සුබ ගුරු දිනයක් වේවා! ❤️

About